Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාව ටෙලිකොම් ආයතනයට

වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාව ටෙලිකොම් ආයතනයට

රොෂාන් ගුණරත්න - 2016 අගෝ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැති වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාවලියේ සමස්ත ශූරතාව පිට පිටම තෙවැනි වරටත් දිනාගැනීමට ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමත් විය. ලකුණු 422 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතන එම ශූරතාවට හිමිකම් කීවේය.


එහිදී වයස 55 න් ඉහළ කාන්තා දක්ෂතම ක්‍රීඩිකාව, වයස 45 න් ඉහළ කාන්තා දක්ෂතම ක්‍රීඩිකාව, සමස්ත ප්‍රවිණයන්ගේ ශූරතාව (කාන්තා), සමස්ත ප්‍රවිනයන්ගේ ශූරතාව (පිරිමි) සහ සමස්ත ශූරතාව (පිරිමි) යන ශූරතා දිනාගැනීමටද ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සමත් විය.


ශූරතාවලියේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට මාස් හෝල්ඩින් සමාගම සමත් වූ අතර ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම තෙවැනි ස්ථානයට පත් විය.


මෙම ශූරතාවලිය සඳහා දිවයිනේ පෞද්ගලික ආයතන 48 ක් නියෝජනය කරමින් මලල  ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1900 කට අධික පිරිසක් සහභාගි වූහ.

 

-036

 


අදහස් (0)

වෙළෙඳ සේවා මලල ක්‍රීඩා ශූරතාව ටෙලිකොම් ආයතනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.