Last Update  :  2024-09-16 17:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics වේගවත්ම මිනිසා ඇමරිකාවෙන්
පැරිස් ඔලිම්පික් - 2024

වේගවත්ම මිනිසා ඇමරිකාවෙන්

editorial - 2024 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ  ප්‍රංශයේ  පැරිස් නුවර සිට)

පැරිස්  ඔලිම්පික් මීටර් 100 (පිරිමි) ඉසව්ව ඉතා තියුණු  තරගයකින් පසුව ජය ගත් ඇමැරිකාවේ ලෙයලයින් නෝවා ලයිල්ස් ලෝකයේ වේගවත්ම මිනිසා බවට පත් විය.එහිදී රන් පදක්කම දිනා ගැනීමට ඔහුට ජැමෙයිකාවේ කිෂේන් තොම්සන් හා ඉතා තියුණු සටනක නිරතවීමට සිදු වුණත් අවසානයේ වීඩියෝ දර්ශන නිරික්ෂණයෙන් ලයිල්ස් ජයග්‍රාහකයා  බවට පත් විය.  

එහිදී දෙදෙනාගේම සමාන නිමි කාලය ලෙස වාර්තාවූයේ තත්පර 9.79 කි.27 හැවිරිදි ලයිල්ස් මූලික  තරගයේදී තත්පර10.04 කාලයක්ද අවසන්  පූර්ව  වටයේදී තත්පර 9.83 ක කාලයක්ද වාර්තා කරමින් අවසන් තරගයට ප්‍රවේශ  විය. පැරිස් නුවරදී අද වාර්තාවූයේ ඉසව්වේ  මෙතෙක්  ඔහුගේ හොදම දක්ෂතාවයි.

පැවැති බුඩාපෙස්ට් (2023) ලෝක ශූරතාවලියේදී රන් පද්ක්කම් තුනක් දිනා ඇති  ලෙයලයින් එහිදී මීටර් 100 ඉසව්වේ  රන් පදක්කම දිනා ඇත්තේ තත්පර 9.83 කටය.

27 හැවිරිදි  ඔහු සහය දිවීමේ ඉසව්ද ඇතුළුව මේ වන විට  ලෝක ශූරතා රන් පදක්කම් හයක්  දිනා තිබේ. තොම්සන් රිදී  පදක්කම ඉසව්වේ දිනා ගන්නා අතර ලෝකඩ පදක්කම ලැබුවේද ඇමරිකානු ක්‍රීඩකයෙකු වන ෆ්‍රෙඞ් කෙලීය. ඒ තත්පර 9.81 කටය.

ජිම්නාස්ටික් ක්‍රීඩාවේ නිරතව සිටින අතර වයස 12 දී ලෙයලයින් මලල ක්‍රිඩා පුහුණුවීම්  ආරම්භ කර තිබේ.පසුගිය ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඔහු මීටර් 200 (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි කර ගෙන තිබේ. එක්සත් ජනපදයෙන්  ඔලිම්පික් උළෙලකදී ලොව වේගවත්ම මිනිසා තීරණය වන මීටර් 100 (පිරිමි)ඉසව්වේ රන් පදක්කම්ලාභීයෙකු බිහිවී ඇත්තේ වසර 20කට පසුවය.


අදහස් (0)

වේගවත්ම මිනිසා ඇමරිකාවෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.