Last Update  :  2025-03-31 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට

ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට

editorial - 2025 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඉරිදා (23) පැවැත්වෙන රට හරහා දිවීමේ දකුණු ආසියානු (පිරිමි) තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (20) ඉස්ලාමාබාද් නුවරට ළගාවිය.

වසර 20 කට පසුව පාකිස්තානයේදී කලාපීය(ජාත්‍යන්තර) මලල ක්‍රීඩා තරග ඉසව්වක් සංවිධානය කිරීමේදී ඒ සදහා සත්කාරක නගරය ලෙස තෝරා ගෙන ඇත්තේද අවසන් වරට එරටදී කලාපීය  ක්‍රීඩා ඉසව්වක් ලෙස 2004 වසරේදී  නව වැනි සාග් ක්‍රීඩා උලෙළ පැවැති ඉස්ලාමාබාද් නුවරදීම වීම කැපී පෙනේ.

දකුණු ආසියාවේ සියලුම රටවල්  මෙවර තරගාවලියට සහභාගිවීමේදී කැපී පෙණෙනම සිදුවීමක් වන්නේ ඉන්දීයාවද ඒ සදහා කණ්ඩායමක් සහභාගි කිරීමට ගත් තීරණයයි. ඒ අනුව ඉන්දීය කණ්ඩායම අද (21) ඉස්ලාමාබාද් නුවරට ළගාවීමට නියමිතය.

මේ දිනවල පාකිස්තානයේ කරච්චි නුවර සත්කාරයෙන් පැවැත්වෙන ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා පාකිස්තානයට ඇතුළුවීම ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම ප්‍රතික්ෂේප කිරීමේ තත්වයක් තුළ ඉන්දීය මලල ක්‍රීඩා කණ්ඩායමක් එරටට ළගාවීම ඉහළ මාධ්‍ය අවධානයක් දිනා තිබේ.

දැඩි රැකවරණ මැද ඉස්ලාමාබාද් නුවරදී තරගාවලිය පැවැත්වීමේදී එරටට ළගාවූ ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළම ආරක්ෂක රැකවරණ ලබාදී තිබේ.

ශ්‍රී ලංකාවේ විශේෂ ආරාධිතයන් ලෙස ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු හා එහි ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන යන මහත්වරුද සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඉස්ලාමාබාද් නුවර බලා පිටත්ව ගියහ.

මෙවර දකුණු ආසියානු රට හරහා දිවීමේ තරගාවලියෙන් කාන්තා ඉසව්ව ඉවත් කර තිබේ.එහිදී පිරිමි කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ තරග ඉසව් දෙක පමණක් පැවැත්වේ.

 

ඉස්ලාමාබාද් රට හරහා දිවීමේ දකුණු ආසියානු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා (පිරිමි) කණ්ඩායම
• කනිෂ්ඨ ඉසව්ව:- ඩබ්.එච්. කේ.මධුෂාන්, ආර්.විදුෂාන් හා එස්. තුඩිහර්ශන්
• ජ්‍යෙෂ්ඨ ඉසව්ව:- ඩබ්.එම්.එන්.ජී.අබේරත්න, ඩබ්. වක්ෂාන් හා ආර්.ඒ.ඩී.හේමන්ත කුමාර
• නිලධාරීන් කළමනාකරු : - එස්.පී. වසන්ත කුමාර හා පුහුණුකරු ජෑන්ස් දිසානායක යන මහත්වරුන්


අදහස් (0)

ශ්‍රී ලංකා කණ්ඩායම ඉස්ලාමාබාද් නුවරට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.