Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අමාරුවේ

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අමාරුවේ

Nisanka Sandeepani - 2017 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවීම සඳහා මේ වනවිට ඉන්දියාවේ ‘ඔඩිෂා’ ප්‍රාන්තයේ ‘බුහුබුනේෂ්වර්’ නුවරට ගොස් සිටින ශ්‍රී ලංකා සහය දිවීමේ ක්‍රීඩකයකු වන රුවන් ප්‍රදීප් කුමාර තහනම් උත්තේජක ගැනීමේ චෝදනාවට ලක්වී ඇතැයි වාර්තා වේ.

ඒ හේතුවෙන් එම ක්‍රීඩකයා ආසියානු තරගාවලියෙන් ඉවත්කර යළි ශ්‍රී ලංකාවට කැඳවීමට ශ්‍රී ලංකා තහනම් උත්තේජක නිවාරණ ආයතනය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයට උපදෙස් දී ඇතැයි එහිදී වැඩිදුරටත් වාර්තා වේ.

ශ්‍රී ලංකාවේදී පැවැති තේරීම් තරගාවලියේදී ඔහුගෙන් ලබාගත්  මුත්‍රා නියැදි පරීක්‍ෂාවකට අනුව ඔහු මෙසේ තහනම් උත්තේජක චෝදනාවට ලක්ව තිබේ.

බුහුබුනේෂ්වර් නුවරදී අනිද්දා (6) ආරම්භ වන 22 වැනි ආසියානු  මලල ක්‍රීීඩා ශූරතාවලියට මෙම ක්‍රීඩකයා තේරී ඇත්තේ  මීටර 4 ඥා 400 සහය දිවීමේ ඉසව්ව සඳහාය. 

ශ්‍රී ලංකාවේ පැවැති තේරීම් තරගයේදී එම සහය දිවීමේ ඉසව්වේ තෙවැනියට හොඳම නිමි කාලය වාර්තා කළ ප්‍රදීප් කුමාර බහුබුනේෂ්වර්හිදී පැවැති අවසන් තේරීම්වලදී පළමු ක්‍රීඩකයන් සිව්දෙනා අතරට පිවිසීමට අපොහොසත්වී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.

මෙම ක්‍රීඩකයාට සිය නිදොස්භාවය තහවුරු කරගැනීම උදෙසා දෙවැනි (‘බී’) මුත්‍රා නියැදිය ද අවශ්‍ය නම් පරික්‍ෂා කරවා ගත හැකිය. ඔහු පසුගිය වසරේදී වියට්නාමයේ විවෘත මලල ක්‍රීඩා ශූරතාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයෙකි.

 


අදහස් (0)

ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් අමාරුවේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.