Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා යුද හමුදා 51 වැනි අන්තර් රෙජිමේන්තු මලල ක‍්‍රීඩා තරගාවලිය මේ මස 24 වැනිදා සිට 26 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ. යුද හමුදා මලල ක‍්‍රීඩා කමිටුව සංවිධානය කරන මෙම තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 1500 ක් පමණ සහභාගි වීමට නියමිතය.
මෙවර තරගාවලියට ශ්‍රී ලංකා හෙල්ලි විසිකිරීමේදී ශූරී යුද හමුදා බළලත් නිලධාරීනි නදීකා ලක්මාලි ඇතුළු ජාතික මට්ටමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රැසක් සහභාගි වෙති.
යුද හමුදා මලල ක‍්‍රීඩා කමිටුවේ පළමු සභාපතිවරයා වූ ශ‍්‍රි ලංකාවේ පළමු ඔලිම්පික් පදක්කම් ලාභියා වන ලූතිනන් ඩන්කන්වයිට් මහතාගේ අධීක්‍ෂණයෙන් 1950 වසරේ පළමු යුද හමුදා මලල ක‍්‍රීඩා තරගාවලිය පවත්වා ඇති අතර එහිදී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාව වසර 23 ක් ශූරතාව දිනා ගැනීමට සමත්ව තිබේ.
විදුලි හා යාන්ත‍්‍රික ඉංජිනේරු බලකාය පසුගිය වසරේ (2013) සමස්ත ශූරතාව දිනා ගත්තේය.
තරගාවලියේ සමාප්ති උළෙල මේ මස 26 වැනිදා පස්වරු 6.00 සිට විදුලි ආලෝකය මධ්‍යයේ පැවැත්වීමට නියමිත අතර එම උත්සවයට විශේෂ ආරාධිතයන් ලෙස හිටපු මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වන ඔලිම්පික් පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා, ශ‍්‍රියානි කුලවංශ, ධම්මිකා මැණිකේ, සුගත් තිලකරත්න, ලෝක ශූර ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ ප‍්‍රබල සාමාජිකයන් වූ අරවින්ද ද සිල්වා, මුත්තයියා මුරලිදරන්, රොමේෂ් කළුවිතාරණ, හිටපු පිහිනුම් ශූර ජුලියන් බෝලින් සහ ශ්‍රී ලංකා බැඞ්මින්ටන් ශූරයා වන නිලූක කරුණාරත්න සහභාගි වීමට නියමිතය.
යුද හමුදා මලල ක‍්‍රීඩා කමිටුවේ සභාපති මේජර් ජනරාල් කේ. ඒ. ඞී. ඒ. කරුණාසේකර මහතාගේ අධීක්‍ෂණයෙන් තරගාවලිය සංවිධානය කෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.