Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
චීනයේ නැන්ජින් නුවරදී අද (23) නිමාවට පත්වූ 20 වැනි ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400 × 4 පිරිමි හා කාන්තා යන සහය දිවීමේ ඉසව් දෙකේදීම ශ්‍රී ලංකාව පස් වැනි ස්ථාන ලැබීය. එහිදී තරගාවලිය නිමාවට පත් කරමින් මෙම ඉසව් දෙක පැවැත්වුණි.
මීටර 400 × 4 (පිරිමි) ඉසව්වේදී ශ්‍රී ලංකා කණ්ඩායම විනාඩි 3 තත්පර 10.58 කට පස් වැනි (අවසන්) ස්ථානයට තරගය නිමා කළේය. රන් පදක්කම දිනා ගත් ඇමරිකානු කණ්ඩායම එහිදී විනාඩි 3 තත්පර 03.13 ක වේගයක් වාර්තා කළේය. ඊට සහභාගිවූ ජැමෙයිකාව, හංගේරියාව, චීනය පිළිවෙලින් ඉසව්වේ දෙවැනි තෙවැනි හා සිව් වැනි ස්ථාන අත් කර ගත්හ.
ශ්‍රී ලංකා මීටර 400 × 4 (කාන්තා) කණ්ඩායම ඉසව්වේදී පස් වැනි (අවසන්) ස්ථානයට පත් වූයේ විනාඩි 3 තත්පර 40.82 ක කාලයක් වාර්තා කරමිණි. මෙහි රන් පදක්කම දිනා ගත්තේද ඇමෙරිකාව විසිනි. ඒ විනාඩි 3 තත්පර 27.45 ක කාලයකිනි. එහිදී දෙවැනි තෙවැනි හා සිව් වැනි ස්ථාන අත් කර ගත්තේ පිළිවෙලින් පෝලන්තය, ඕස්ට්‍රේලියාව, චීනය විසිනි.
ශ්‍රී ලංකා පිරිමි සහය දිවීමේ කණ්ඩායමට කාලිංග කුමාරගේ, රන්දිම මධුෂාන්, ඔමෙල් සචින්ත සිල්වා හා සදෙව් රාජකරුණා ඇතුළත් විය. පිළිවෙලින් නිසේන්ද්‍රා ප්‍රනාන්දු, ජයේසි උත්තරා, නදීෂා රාමනායක,හා සයුරි මෙන්ඩිස්, ශ්‍රී ලංකා කාන්තා සහය දිවීමේ කණ්ඩායමේ ඊයේ ධාවනය සම්පූර්ණ කළ ක්‍රීඩිකාවෝ වූහ.
මේ අතර නැන්ජින් ලෝක ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා මීටර 60 - කඩුලු ක්‍රීඩක නදුන් කවීෂ බන්ඩාර මූලික තරගයේදී තත්පර 7.87 ක වේගයක් වාර්තා කරමින් අවසන් පූර්ව වටයට නිර්දේශ ලැබූවත් එහිදී අවාසනාවන්ත ලෙස තරගය ආරම්භයේදීම කඩුලු මත ඇද වැටීමෙන් ඔහුට අවසන් තරගයේ අපේක්ෂා අත් හැර දැමීමට සිදු විය. මෙම සිදුවීමෙන් අවසන් පූර්ව තරගය වඩාත් ප්‍රමාදවීමකින් පසුව ඔහු අන්තිමයාට අවසන් කළේ තත්පර 24.33 ක් තරම් ඉහළ කාල අගයකිනි. 27 හැවිරිදි ඇමරිකානු ක්‍රීඩක ග්‍රාන්ට් හොලෝවේ තත්පර 7.42 කට පෙරේදා (22) මෙහි රන් පදක්කම දිනා ගත්තේය.
නදුන් කවීෂ මූලික වටයේ තරගයට පෙරේදා සහභාගි වෙමින් පස් වැනි ස්ථානයට තරගය නිමා කළත් ඔහුගේ වේගය ඔහු අවසන් පූර්ව වටයට කැදවා ගෙන ගියේය.
නැන්ජින් නුවරදී අද නිමාවට පත්වූ 20 වැනි ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවට අවසන් මොහොතේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනෙකු ඉදිරිපත් කිරීමේ අවස්‍ථාව හිමි විය.ඊට හේතුවූයේ ශ්‍රී ලංකාවේ සහය දිවීමේ කණ්ඩායම් දෙකකට අවසන් මොහොතේදී ආරාධනා ලැබ සහභාගිවීමයි.
1985 දී මෙම තරගාවලිය ආරම්භයෙන් පසුව ඊට ශ්‍රී ලංකාව සහභාගි කළ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන ඒ අනුව මෙවර තරගාවලියේදී වාර්තා විය. ඊට සහභාගිවූ ශ්‍රී ලංකා මීටර400 ක්‍රීඩක කාලිංග කුමාරගේ මූලික වටයේ තරගය සම්පූර්ණ නොකරමින්ම අසාර්ථක විය.
එහිදී මීටර 60 (පිරිමි) ඉසව්වට තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩක චමෝද් යෝධසිංහ මූලික වටයේ තරගය සාර්ථක කර ගනිමින් අවසන් පූර්ව වටයට පිවිසියත් එහිදී අසාර්ථක වීමෙන් ඔහුගේ අවසන් තරග අවස්ථාවත් බිද වැටුණි. නැන්ජින් ලෝක ගෘහස්ථ තරගාවලියේ ඔහුගේ අවස්ථා දෙකේදීම වේගය තත්පර 6.70 ක සමාන අගයක් ගත්තේය.
මෙහි රන් පදක්කම ඇමැරිකාවේ රොනී බෙකර් විසින් දිනා ගත්තේ තත්පර 6.51 කටය. ඒ ඔහුගේ මෙතෙක් හොදම වේගය වාර්තා කරමිණි.
මෙවර තරගාවලියේදී වැඩිම රන් පදක්කම් දිනූ ඇමරිකාව (මුළු පදක්කම් 16 ක්) තරගාවලියේ සමස්ත ජයග්‍රාහණය ලැබීය. සත්කාරක චීනයට මෙහිදී හිමි වූයේ 18 වැනි ස්ථානයයි. එක් රිදී හා ලෝකඩ පදක්කමක් බැගින් දිනා ගනිමිනි. කුමන හෝ පදක්කමක් දිනා ගත් මුළු රටවල් ගණන 32 කි.
ශ්‍රී ලංකා සහය දිවීමේ (පිරිමි ) කණ්ඩායම නැන්ජින් නුවරදී අද වාර්තා කළ වේගය එම (ගෘහස්ථ) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාව බවට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.