Last Update  :  2025-03-17 11:57:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් සුදුසුකම් ලබති
ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශූරතාවලිය

ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් සුදුසුකම් ලබති

editorial - 2025 මාර් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

චීනයේ නැන්ජින් නුවරදී මාර්තු 21 වැනිදා ආරම්භ වන 21 වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් තිදෙනෙකු නිර්දේශ ලබා තිබේ. තරගාවලිය මාර්තු 23 වැනිදා දක්වා දින තුනක් එහිදී පැවැත්වේ.

වසර 24 කට පසුව ශ්‍රී ලංකාවෙන් වැඩිම ක්‍රීඩකයන් පිරිසක් ඊට නිර්දේශ ලැබූ පළමු අවස්ථාව මෙය බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ ප්‍රධාන ලේකම් සමන් කුමාර ගුණවර්ධන මහතා පවසයි. එහිදී  වසර 2001 ලිස්බන් නුවරදී පැවැති නව වැනි ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනෙකු සහභාගිවී තිබේ.
   
ඒ අනුව 2025 නැන්ජින් ලෝක ශූරතා තරගාවලියට නිර්දේශ ලබා සිටින ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වන චමෝද් යෝධසිංහ (මීටර් 60 - පිරිමි), කාලිංග කුමාරගේ (මීටර් 400 - පිරිමි) හා කවීශ බන්ඩාර (මීටර් 60 - කඩුලු - පිරිමි) මාර්තු 20 වැනිදා චීනයේ නැන්ජින් නුවර බලා පිටත්ව යාමට සූදානමින් සිටියි.

ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ශ්‍රේණිගත ක්‍රමය යටතේ ඉහත ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තිදෙනා ඒ සදහා නිර්දේශ ලබා ඇත්තේ කොළඹ සුගතදාස පිටියේදී නිමාව දුටු පළමු ජාතික කෙටි ධාවන පථ මලල ක්‍රීඩා ශූරතා තරගාවලියේදී දැක්වූ දස්කම් මතය. ඔවුන් ඒ සදහා නිර්දේශ ලබන විට ලෝක ගෘහස්ථ මලල ක්‍රීඩා ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව යුද හමුදා ක්‍රීඩකයන් වන චමෝද් යෝධසිංහ 34 වැනි ස්ථානයේත් කාලිංග කුමාරගේ 17 වැනි ස්ථානයේත් හා  ශ්‍රී ලක් ක්‍රීඩා සමාජ ක්‍රීඩක කවීෂ බන්ඩාර 23 වැනි ස්ථානයේත් පසු වූහ.

චමෝද් යෝධසිංහගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කරන සංජීව වීරක්කොඩි මහතා නැන්ජින් ලෝක ශූරතා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු හා කළමනාකරු ලෙසත් කටයුතු කරයි.

ශ්‍රී ලංකාව අවසන් වරට ජාත්‍යන්තර ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවී ඇත්තේ 2016 ඇමරිකාවේ  ෆෝට්ලන්ඩ් හිදී පැවැති ලෝක ශූරතා තරගාවලියටය.

 2001 ලිස්බන් නුවරදී පැවැති ලෝක ශූරතා තරග සංචාරයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුසන්‍තිකා ජයසිංහ, සුගත් තිලකරත්න, දමයන්ති දර්ශා සහ රොහාන් ප්‍රදීප් කුමාර යන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වූහ.


අදහස් (0)

ශ්‍රී ලංකාවෙන් තිදෙනෙක් සුදුසුකම් ලබති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.