Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවේ ප්‍රවීන ක්‍රීඩිකාවක් වන දුර්ගා හොප්මන් හොකී සහ මලල ක්‍රීඩා යන දෙකෙහිම විශිෂ්ට ජයග්‍රහණ සමඟින් තම රටේ කීර්තිය ඉහළ නංවමින් සිටී.
2025 ජනවාරි මාසයේදී ඉන්දියාවේ මැංගලෝර් හි පැවති පළමු දකුණු ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියේදී දුර්ගා ශ්‍රී ලංකාව නියෝජනය කළාය. දුර්ගා හොප්මන් එහිදී ඉසව් කිහිපයකටම සහභාගී වෙමින් විවිධ ඉසව් සඳහා සහභාගිවීමට තිබෙන නිපුණතාව ඔප්පු කළාය. හෙල්ල විසි කිරීම, කිලෝ මීටර 5 ධාවන තරඟය, කිලෝ මීටර 5 ඇවිදීම, මීටර 100 ං 4 සහාය දිවීම, මීට 400 ං 4 සහාය දිවීම සහ මීටර 100 ං 4 මිශ්‍ර සහාය දිවීම යන ඉසව් වලින් ඇය රන් පදක්කම් 4 ක් සහ ලෝකඩ පදක්කම් 2 ක් දිනාගත්තාය.
මෙම දස්කම් වලින් ඇගේ සුවිශේෂී කුසලතා පමණක් නොව, ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා ඇය සතු නොසැලෙන කැපවීම ද ඉස්මතු කරයි.
මීට මාස දෙකකට පෙර, නවසීලන්තයේ ඕක්ලන්ඩ් හි පැවති ප්‍රවීන කාන්තාවන්ගේ හොකී ලෝක කුසලාන තරගාලියේදී දුර්ගා හොප්මන් එලායන්ස් ජාත්‍යන්තර ක්‍රීඩා සමාජයට සම්බන්ධ වූවාය. එහිදී වයස අවුරුදු 45 ට වැඩි කාණ්ඩයේදී ලෝකඩ පදක්කමක් දිනාගැනීමටත් දුර්ගා නියෝජනය කළ එලායන්ස් කණ්ඩායමට හැකිවිය.
හොකී සහ මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ නව මිණුම් සලකුණු තබන හොප්මන්, ක්‍රීඩාවේ නිරත වීමට වයස බාධාවක් නොවන බවත් තහවුරු කරන්නීය. ඇයගේ ධෛර්යය, විනය සහ විශිෂ්ටත්වය මෙන්ම කැපවීම ශ්‍රී ලංකාව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ධෛර්යවත් ආදර්ශයකි. දුර්ගා හොප්මන් යනු ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේදී ශ්‍රී ලංකා නාමය වෙනුවෙන් ඉදිරිපත් වන ආඩම්බර තානාපතිවරියකි. ඇගේ ගමන තවමත් අවසන් වී නැත.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.