Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේදී පැවැත්වෙන 6 වැනි ආසියානු ළමා ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කෙටිදුර ධාවක ශාලික සන්තුෂ්, දෙවැනි රන් පදක්කමත් දිනා ගැනීමට සමත්විය.
කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ ඉගෙනුම ලබන ශාලික, මීටර 200 (බාලක) ඉසව්ව තත්පර 22.97 කින් අවසන් කර මෙම රන් පදක්කම දිනා ගත්තේය.
මීටර 100 බාලක ඉසව්වෙන් ද ශාලික රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11.20 කින් තරගය අවසන් කරමිනි.
ප්‍රසාදි ලක්ෂාණී තුන් පිම්ම බාලිකා ඉසව්වෙන් (මීටර 11.43) රිදී පදක්කම දිනා ගත්තාය.
ප්‍රසාදි, ගම්පහ සිරිකුරුස විද්‍යාලයේ ඉගෙනුම ලබන ක්‍රීඩිකාවකි.
මේ මස 17 වැනිදා දක්වා පැවැත්වෙන මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මෙතෙක් රන් පදක්කම් තුනක්, රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කමක් දිනාගෙන සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.