Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘බැංකොක්’ නුවරදී දැන් පැවැත්වෙන දෙවැනි ආසියානු යොවුන් (වයස 18න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ශාලික සන්තුජ වීරසිංහ මීටර 200 බාලක අවසන් පූර්ව තරගයේදී තත්පර 21.96ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් එළඹෙන ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.
එහිදී ශාලික අද (22) පැවැත්වෙන අවසන් මහා තරගයට ඒ සමග සුදුසුකම් ලබා ගත්තේය.
කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහලේ සිසුවකු වන ඔහු මූලික තරගයේදී තත්පර 22.05 දක්ෂතාවයක් පෙන්වීය. කෙන්යාවේ ‘නයිරෝබි’ නුවරදී ලබන ජුලි 12 වැනිදා සිට 16වැනිදා දක්වා පැවැත්වෙන ලෝක යොවුන් (වයස 18න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියට මීටර 200 බාලක ඉසව්වෙන් තරග වැදීමට නම් ඒ සඳහා ක්‍රීඩකයකු අවම වශයෙන් තත්ත්පර 22.00ක දක්ෂතාවයක් දැක්විය යුතුය.
පැවැති ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ එම ඉසව්වේ ශූරයා වූ ශාලික එම ඉසව්වෙන් මෙතෙක් දැක්වූ හොඳම දක්ෂතාවය ඊයේ අවසන් පූර්ව වටයේදී ප්‍රදර්ශනය වීම කැපී පෙණුනි. ඔහුගේ පෞද්ගලික පුහුණුකරු ලෙස අමිල ප්‍රසන්න මහතා කටයුතු කරයි.
එම අවසන් පූර්ව වටයේදී ඉන්දීය හා මාලදිවයින් ක්‍රීඩකයන් දෙදෙනා ද ඉසව්වේ අවසන් මහා තරගයට වේගවත්ම නිමි කාලයක් වාර්තා කිරීමෙන් අවසන් තරගයට නිර්දේෂ වුණි.
කෙසේ වුවත් අද පැවැත්වෙන එම අවසන් තරගයට සුදුසුකම් ලබා සිටින ක්‍රීඩකයන් නවදෙනා අතරින් සන්තුජ පසුවන්නේ හත්වැනි ස්ථානයේ බැවින් අද පදක්කමක් දිනාගැනීම ඔහුට පහසු කටයුත්තක් නොවනු ඇත.
මේ අතර ශ්‍රී ලංකා මීටර 200 ක්‍රිඩිකා සචිනි තාරකා දිව්‍යාංජලී කෝරළගේ තත්පර 25.35ක දක්ෂතාවයක් මීටර 200 බාලිකා ඉසව්වේදී පළකරමින් අද පැවැත්වෙන එහි අවසන් තරගයට සුදුසුකම් සපුරා ගත්තාය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.