Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සිවුවැනි දිනයේ රිදී-ලෝකඩ පදක්කම්

සිවුවැනි දිනයේ රිදී-ලෝකඩ පදක්කම්

රොෂාන් ගුණරත්න - 2017 ජුනි මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තායිලන්තයේ නවාසාට් විශ්ව විද්‍යාල ක්‍රීඩාංගණයේදී පැවැති තායි විවෘත ජවන හා පිටිය මලල ක්‍රීඩා තරගාවලියේ සිව්වැනි දිනය වූ අද විදුෂා ලක්ෂානි තුන් පිම්ම ඉසව්වේදී මීටර 13.43 ක දක්ෂතාවක් වාර්තා කරමින් රිදී පදක්කමක් දිනාගත්තේය. පිරිමි දස ප්‍රයාම ඉසව්වේදී ලකුණු 6919 ක් ලබාගත් අජිත් කරුණාතිලක ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය.


මෙය දස ප්‍රයාම ඉසව්වේදී ශ්‍රී ලාංකිකයකු විසින් දිනාගන්නා ලද පළමු වැනි පදක්කම වෙයි.


දින හතරක් පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රන් පදක්කමක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වූහ. මෙම තරගාවලියට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ 7 දෙනෙකු සහභාගී වූහ.


තරගාවලියේ ආරම්භක දිනය වූ ජූනි 12 දා දිනුක ලියනපතිරණ පිරිමි දුර පැනීම ඉසව්ව මීටර 7.73 නිමකරමින් රිදී පදක්කමක්ද දෙවැනි දිනය වූ ජූනි 13 දා තිලානි රත්නායක කාන්තා මීටර 3000 බාධක දිවීමේ ඉසව්ව මිනිත්තු 10:29:03 කින් නිමකරමින් රිදී පදක්කමක්ද දිනාගත්හ.


කාලිංග කුමාරගේ පිරිමි මීටර 400 ඉසවුව තත්පර 47:55 කින් අවසන්කර රන් පදක්කමක්ද දිනා ගැනීමට සමත් විය.

 


අදහස් (0)

සිවුවැනි දිනයේ රිදී-ලෝකඩ පදක්කම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.