Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සභාපති තමයි වගකියන්න ඕනෑ

සභාපති තමයි වගකියන්න ඕනෑ

ශනුක අරවින්ද - 2014 ඔක් මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශී‍්‍ර ලංකාවේ වත්මන් මලල කී‍්‍රඩාවේ කඩා වැටීමට වසර නවයක් තිස්සේ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ධුරය දරන මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා වගකිවයුතු බව ශ්‍රී ලංකා පාසල් මලල කී‍්‍රඩා පුහුණුකරුවන්ගේ සංගමයේ සභාපති සුසන්ත ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

බත්තරමුල්ල ‘වෝටර්ස් ඒජ්’ හිදී අද (9 වැනිදා) පෙරවරුවේදී පැවැති ‘ශ්‍රීමත් ජෝන් ටාබට්’ පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් සුසන්ත ප‍්‍රනාන්දු මහතා එසේ පැවැසීය.

මෙරට මලල කී‍්‍රඩාවේ කඩා වැටීමට මූලිකව වගකිව යුත්තේ පාසල් මලල කී‍්‍රඩා පුහුණුකරුවන් යයි මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා කර ඇතැයි කියන ප‍්‍රකාශයක් පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් ඔහු සුසන්ත ප‍්‍රනාන්දු මහතා එසේ පැවැසීය.

එහිදී සුසන්ත ප‍්‍රනාන්දු මහතා මෙසේද පැවැසීය.

”එවැනි ප‍්‍රකාශයක් කරන්න පාලිත ප‍්‍රනාන්දු මහතාට කිසිදු අයිතියක් නෑ. වසර නවයක් තිස්සේ මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ධුරයේ කටයුතු කරන පාලිත ප‍්‍රනාන්දු මහතා එම තනතුර අත්හැරියේ 2012 වසරට විතරයි”

”අපේ අල්ලපු රටේ මලල කී‍්‍රඩාව දෙස බැලීමේදී එහි නැගිටීමක් දක්නට ලැබෙනවා. අපේ රටේ මලල කී‍්‍රඩාවේ කනිෂ්ඨ අංශයේ දියුණුවක් තිබුණත් ජ්‍යෙෂ්ඨ අංශයේ දක්නට ලැබෙන්නේ කඩා වැටීමක්”

”මේ අන්දමට පාසල් මලල කී‍්‍රඩා පුහුණුකරුවන්ට මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයාට දොස් නැගීමට කිසිදු අයිතියක් නැත්තේ මලල කී‍්‍රඩාවේ සංවර්ධනයට මේ සභාපතිවරයාගේ කාලයේදී කිසිදු දැනෙන දෙයක් සිදු නොවීම නිසයි.” යයිද සුසන්ත ප‍්‍රනාන්දු මහතා පැවැසීය.

ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ භාණ්ඩාගාරික ලක්ෂ්මන් හපුආරච්චි මහතා එහිදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ මලල කී‍්‍රඩා සංගමයේ සභාපතිවරයා ඔහුගේ වැරදි පාසල් මලල කී‍්‍රඩා පුහුණුකරුවන් පිට පැටවීමට උත්සාහ දරන බවය.

තමා පුහුණු කරවන කී‍්‍රඩිකාවක් ‘ඒ’ ශ්‍රේණිය දක්වා උසස්වීම් ලැබුවත් ඇයට හිමි දීමනාව ලබා දීමටවත් මලල කී‍්‍රඩා සංගමය උනන්දු නොවූ බව පැවැසූ ලක්ෂ්මන් හපුආරච්චි මහතා පසුගිය කාලයේ මලල කී‍්‍රඩා සංගමය ගත් සමහර තීරණ හිතවත්ක සහ නිලධාරින්ගේ පෞද්ගලික උවමනාවන් මත කි‍්‍රයාත්මක වූ ඒවා බවත් වැඩිදුරටත් පැවැසීය.


අදහස් (0)

සභාපති තමයි වගකියන්න ඕනෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.