Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා අද සිට

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා අද සිට

editorial - 2024 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

(නාමල් පතිරගේ) 

කොළඹ සුගතදාස පිටියේදී අද (18) ආරම්භ  වන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා  තරගාවලිය ලබන අගහරුවාදා (22) දක්වා දින පහක් පුරා පැවැත්වේ.ඒ සදහා පාසල් 1075 කින් ඉසව් 115 ක් සදහා සිසුවියෝ 6000 කට ආසන්න පිරිසක් සහභාගි වෙති.

වයස 14 න් පහළ, 16 න් පහළ,18 න් පහළ හා 20 න් පහළ යන බාලක හා බාලිකා ඉසව් එහිදී  පැවැත්වීමට කටයුතු කෙරේ.

අධ්‍යාපන  අමාත්‍යාංශය  වාර්ෂිකව සංවිධානය කරන සමස්ත ලංකා ක්‍රීඩා  උළෙලේ ප්‍රධානතම ක්‍රීඩා ඉසව්ව ලෙස එය සංවිධානය කිරීමේදී ඉසව් තෙවැනි ස්ථානය තෙක් රන්, රිදී හා ලෝකඩ පදක්කම් ප්‍රදානය කෙරේ.

ඒ හැරෙන්නට පිටියේ හා ධාවන ඉසව්හී නිර්දේශ ලබන දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ෆ්‍රීමා ආයතනයේ අනුග්‍රාහයෙන් මුදල් තෑගි ප්‍රදනය කිරීමට කටයුතු යොදා  තිබේ.අධ්‍යාපන අමාත්‍යාංශයේ  අධ්‍යක්ෂ (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) ලුතිනන් කර්නල් අනුර අබේවික්‍රම මහතාගේ අධීක්ෂණය යටතේ මෙවර සංවිධානය වන මලල ක්‍රීඩා තරගාවලියේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයේ නියෝජ්‍ය  අධ්‍යක්ෂ (ක්‍රීඩා) උපාලි අමරතුංග මහතා කටයුතු කරයි.

මේ වන විට එකම ක්‍රීඩා ඉසව්වක් වෙනුවෙන් වැඩිම දින ගණනක් වෙන් කර පැවැත්වෙන මෙරට එකම ක්‍රීඩා  උත්සවය බවට පත්ව තිබෙන එහි කාර්‍ය්‍ය  මණ්ඩලයේ 400 ක් පමණ කටයුතු කරති.

 අද පෙරවරු 10 ට අධ්‍යාපන අමාත්‍යාංශයේ  ලේකම් තිලකා ජයසුන්දර මහත්මියගේ ප්‍රධානත්වයෙන්  තරගාවලිය ඇරඹේ.ඒ රිටි පැනීම - වයස 20 න් පහළ (බාලක) ඉසව්වෙනි.මෙම  වසරේදී (2024) පවත්වා අවසන් කෙරෙන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා  උළෙලට අධ්‍යාපන අමාත්‍යාංශය  රුපියල් කෝටි තුනහාමාරකට වැඩි මුදලක් වැය කරයි.

නොවැම්බර්  මාසයේදී  පැවැත්වෙන ටෙනිස් තරගාවලියෙන් මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල  පවත්වා අවසන් කෙරේ.ඊට  ඇතුළත් මුළු ක්‍රීඩා ඉසව් ගණන 30 කි.


අදහස් (1)

සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා අද සිට
  • L.iyanage inoka perera Sunday, 20 October 2024 01:56 PM

    18පහල බාලිකා 800m/3000m පින්තූර..?

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.