Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලිය හෙට (13) මහනුවර බෝගම්බර පිටියේදී ආරම්භ වේ. ලබන සඳුදා (17) දක්වා දින පහක් පුරා පැවැත්වෙන තරගාවලියට දිවයිනේ පාසල් 1452 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 5121 ක් සහභාගී වෙති.
අද පස්වරු 3.30 ට සමාරම්භක උත්සවය අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අද පස්වරු 3.30 ට කව පෙත්ත විසි කිරීම වයස 17 න් පහළ - බාලක ඉසව්වෙන් තරගාවලිය ආරම්භ වේ.
මෙම අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ඇමති වී. රාධාක්‍රිෂ්නන්, මධ්‍යම පළාත් මහ ඇමති සරත් ඒකනායක යන මහත්වරු ද ඊට සහභාගී වෙති.
ක්‍රීඩා උළෙලේ ගිණි සිළුව දැල්වීම ගොඩකවෙල කුලරත්න මහ විදුහලේ සිසු රොෂාන් ධම්මික රණතුංග, කෑගල්ල ශාන්ත ජෝශප් බාලික විදුහලේ රුමේෂිකා රත්නායක අතින් සිදු කිරීමට නියමිතය.
අද දිනයේදී ඉසව් අවසන් තරග හයක් පැවැත්වේ. හෙට පෙරවරු 8.30 සිට තරග ඉසව් ආරම්භ කෙරෙන අතර වයස 15 න් පහළ, 17 න් පහළ, 19 න් පහළ, 21 න් පහළ බාලක හා බාලිකා ඉසව් අවසන් තරග 124 ක් මෙම දින පහ පුරා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදේශක (ක්‍රීඩා හා ශාරීරික අධ්‍යාපන) සුනිල් ජයවීර මහතාගේ සම්බන්ධීකරණයෙන් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් පරිදි මෙවර සමස්ත ලංකා ක්‍රීඩා, මලල ක්‍රීඩා තරගාවලිය වඩාත් සංවිධානාත්මකව පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
එහිදී සුනිල් ජයවීර මහතා පැවසුවේ මෙවර මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වන සියලු සිසු සිසුවියන් හා ක්‍රීඩා ගුරුවරුන්ට රුපියල් මිලියන අටක පමණ වියදමෙන් නොමිලේ ආහාර පාන ලබා දීමට පියවර ගෙන තිබෙන බවය.
වසර 1994 න් පසුව තරගාවලියට සහභාගී වන සිසු සිසුවියන්ට ආහාර පාන නොමිලේ ලබා දෙන පළමු අවස්ථාව එයයි. මහනුවර හා අවට පාසල් 20 ක් ඔවුන්ගේ නවාතැන් පහසුකම් සඳහා පෙරේදා සිට වෙන් කර තිබෙන බව සුනිල් ජයවීර මහතා පවසයි.
මෙවර 32 වැනි වරට පැවති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ ක්‍රීඩා ඉසව් 27 ක් ඇතුළත් වූ අතර එය අදියර හතරකින් පැවැත්වුණි.
මලල ක්‍රීඩා තරගාවලිය සිව්වැනි (අවසන්) අදියර ලෙස පැවැත්වේ.
තරගාවලියේ සමාප්ත උත්සවය ලබන සඳුදා (17) පස්වරු 4.00ට උසස් අධ්‍යාපන ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.