Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සහාය දිවීමේ තවත් තේරීම් තරගයක්

සහාය දිවීමේ තවත් තේරීම් තරගයක්

ශනුක අරවින්ද - 2013 ජුලි මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මොස්කව් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියට සහභාගි වන මීටර 400 X 4 (පිරිමි) සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනෙන විශේෂ තේරීම් තරගයක් මේ මස 27 වැනිදා පෙරවරු 9.00ට සුගතදාස ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ පුහුණු කමිටුව අද (18 වැනිදා) රැස්වී මෙම තීරණය ගත් අතර ඒ සඳහා සහය දිවීමේ ක‍්‍රීඩකයන් 10 දෙනකු කැඳවා තිබේ.

ඉන්දියාවේ ”පූනේ” නගරයේදී පැවැති  20 වැනිි ආසියානු මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා සහාය දිවීමේ (මීටර් 400 X 4) කණ්ඩායම විනාඩි 3 තත්. 04.92 කට තරගය නිම කරමින්  අගෝස්තු 10 වැනිදා රුසියාවේ මොස්කව් තරගයේදී ආරම්භ වන ලෝක මලල ක‍්‍රීඩා තරගාවලියටද සුදුසුකම් ලබා ගත්තේය. දුලාන් පියරත්න, ඩිලාන් ආලෝක, කසුන් සෙනවිරත්න හා අංජන ගුණරත්න පූනේහීදී ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්හ.

කෙසේ වෙතත් නැවතත් තේරීම් තරගයක් පැවැත්වීමට ගෙන තිබෙන තීරණයට ඩිලාන් ආලෝක සහ ඔහුගේ පුහුණුකරු සජිත් ජයලාල් මහතා විරෝධය පළ කර සිටිති.


අදහස් (0)

සහාය දිවීමේ තවත් තේරීම් තරගයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.