Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ හයිද්‍රාබාද්’හිදී පැවැත්වෙන 56 වැනි අන්තර් ප්‍රාන්ත මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 400x4 සහය දිවීමේ ඉසව් (පිරිමි/කාන්තා) දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක් අද (30) දිවයිනෙන් පිටත්ව ගියහ. තරගාවලිය අද (30) සිට ජුලි මස 2 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය.
ඉන්දියාවේ මෙම තරගාවලියේ සංවිධායකවරුන් විසින් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයෙන් කරන ලද ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් දෙකක් තරගාවලියට සහභාගි කරවති.
පුහුණුකරුවෝ ලෙස මධුක මාරසිංහ සහ ලාල් වික්‍රමතුංග යන මහත්වරුද කළමනාකාරිණීය ලෙස අයිරාංගනී රූපසිංහ මහත්මියද කණ්ඩායමට එක්ව සිටිති.
මීටර 400x4 (පිරිමි) ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම
කාලිංග කුමාරගේ, නලින් කරුණාරත්න, මධුමාල් පීරිස්, දිල්හාන් ආලෝක
මීටර 400x4 (කාන්තා) ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම
ගීතානි පද්මකුමාරී, උපමාලිකා රත්නකුමාරි, ඔමායා උදයංගනී, නිලානි කරුණාතිලක
-090
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.