Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ස්වේච්ඡා බලසේනා මළල ක‍්‍රීඩා තරග ඇරඹෙයි

ස්වේච්ඡා බලසේනා මළල ක‍්‍රීඩා තරග ඇරඹෙයි

Dilrukshi - 2015 ජුලි මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ‍්‍රී ලංකා යුධ හමුදා ස්වේච්ඡා බල සේනාව මගින් වාර්ෂිකව සංවිධානය කරන ස්වේච්ඡා බල සේනා අන්තර් රෙජිමේන්තු මළල ක‍්‍රිඩා තරගාවලිය ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් එච්. සී. පී. ගුණතිලක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හෝමාගම දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රිඩාංගණයේදී අද (14 වැනිදා) ආරම්භ විය.

මෙම තරගාවලිය සඳහා පිරිමි කණ්ඩායම් 20 ක් හා කාන්තා කණ්ඩායම් පහක් ලෙස සියලූම රෙජිමේන්තු නියෝජනය කරමින් ක‍්‍රීඩකයෝ 525 ක් සහ ක‍්‍රීඩිකාවෝ 103ක් ඉදිරිපත්ව සිටිති.


තරගාවලිය නිල වශයෙන් ආරම්භ කරමින් කී‍්‍රඩා පහන දැල්විම සඳහා ගිණිසිළුව ස්වේච්ඡා බලසේනාවේ සේනා විධායක මේජර් ජෙනරාල් එච්. සී. පී. ගුණතිලක මහතා විසින් ප‍්‍රදානය කරන ලදි.


2014 වර්ෂයේ ජාතික ක‍්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගත් හා යුද හමුදාව නියෝජනය කරමින් තායිලන්තය, චීනය හා ශ‍්‍රී ලංකාවේ පැවති ආසියාතික ගෝන් පී‍්‍ර මලල කී‍්‍රඩා තරගවලට මීටර් 100 සහය දිවිමේ තරග ඉසව්වෙන් ලංකාවට කීර්තියක් ගෙන ආ සාමාන්‍ය සෙබළ ඒ. කේ. එම්. අෂ්රොෆ් සහ යුද හමුදා ස්වේච්ඡා බලසේනාවේ 5 වන කාන්තා බලකායට එක්ව මීටර් 400 කඩුලූ පැන දීවිමේ ඉසව්වෙන් දැනට ලංකාවේ සිටින දක්ෂතම ක‍්‍රිඩිකාව බවට පත්ව සිටින කාන්තා සෙබළ එම්. කේ. ඩබ්. ඞී. වික‍්‍රමසිංහ දෙදෙනා කී‍්‍රඩා පහන දැල්වූහ.


ක‍්‍රීඩක ප‍්‍රතිඥාව ලාන්ස් කෝප‍්‍රල් එම්. ඊ. එම්.අයි.ජී.අයි.එම්. හේරත් ලබාදුන් අතර ජාත්‍යන්තර මලල ක‍්‍රිඩා විනිසුරු නෙවිල් රුද්‍රිගු මහතා විසින් විනිසුරු ප‍්‍රතිඥාව දෙන ලදි.

 

ඡායාරූප : ශ‍්‍රී ජයවර්ධනපුර මුදිතා දයානන්ද

 


අදහස් (0)

ස්වේච්ඡා බලසේනා මළල ක‍්‍රීඩා තරග ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.