Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සාග් තරගවලින් ඉවත් කළ ඉසව් යළි එයි

සාග් තරගවලින් ඉවත් කළ ඉසව් යළි එයි

ශනුක අරවින්ද - 2015 ඔක් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මීළග දකුණු ආසියානු ක‍්‍රීඩා උළෙලෙන් මලල කී‍්‍රඩා ඉවත් කිරීමට ගෙන තිබූ තීරණය ඉවත් කර ශ්‍රී ලංකාවේ ඉල්ලීම පරිදි එම ඉසව් නැවත ඊට ඇතුළත් කිරීමට ඉන්දියාවේ නවදිල්ලි නුවරදී පැවැති දකුණු ආසියානු කී‍්‍රඩා විශේෂ සම්බන්ධීකරණ රැස්වීමේදී තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සහාපති සුගත් තිලකරත්න, එහි භාණ්ඩාගාරික ටෝනාඩෝ ජයසුන්දර, හිටපු ජාතික මලල ක‍්‍රීඩා පුහුණුකරු ඒ. සී. ඩර්වින් පෙරේරා යන මහත්වරු එම රැස්වීමට සහභාගී වූහ.

නවදිල්ලි නුවරදී පැවැති මෙම රැස්වීමට අන්තර් ජාතික මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සෙබස්තියන් කෝ මහතාද, සාග් ක‍්‍රීඩා උළෙලට සහභාගී වන රටවල ජාතික මලල ක‍්‍රීඩා සංගම් ප‍්‍රධානීහු ඇතුළු සමස්ත ඉන්දීය ඔලිම්පික් කමිටුවේ ප‍්‍රධානීහුද සහභාගී වූහ.

සාග් ක‍්‍රීඩා උළෙල එළඹෙන ජනවාරි 10 සිට 23 වැනිදා දක්වා ඉන්දියාවේ ඇසෑම් ප‍්‍රාන්තයේ ගුවහටි හා සිලාන් යන නගරවලදී පැවැත්වේ.
එම රැස්වීමේදී ගනු ලැබූ තීරණ මෙසේය.

  • 12 වැනි සාග් ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කිරීමට යෝජනාවී තිබූ මලල ක‍්‍රීඩා කාන්තා ඉසව් වන මීටර 800, මීටර 1500, මීටර 5000, මීටර 10000, මැරතන්, මීටර 400xකඩුලූ පැන දිවීම, තුන්පිම්ම, හෙල්ල විසිකිරීමත් ඉවත් කිරීමට යෝජනා වී තිබූ මලල ක‍්‍රීඩා පිරිමි ඉසව් වන මීටර 800, මීටර 400 කඩුලූ පැන දිවීම, කවපෙත්ත විසිකිරීම සහ මිටිය විසි කිරීමත් යළි ඇතුළත් කිරීම.
  • මීටර 3000 - බාධක දිවීම, රිටි පැනීම, කවපෙත්ත විසිකිරීම සහ කාන්තා ඉසව් පමණක් එම ක‍්‍රීඩා උළෙලෙන් ඉවත් කිරීම.
  • දකුණු ආසියානු මලල ක‍්‍රීඩා සංගමයක් පිහිටුවාගැනීම. (එහි සභාපති ලෙස ඉන්දීය ජාතික ලලිත් බානට් මහතා පත්වූ අතර උප සභාපතිවරයෙකු ලෙස ලෙස ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා පත්විය.)
  • සිව් වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලිය වසර 2016 දී ශ්‍රී ලංකාවේ පැවැත්වීම.
  • දකුණු ආසියානු යොවුන් මලල ක‍්‍රීඩා උළෙල ලබන ඔක්තෝබරයේදී (2016) ඉන්දියාවේදී පැවැත්වීම.

මීළග දකුණු ආසියානු (සාග්) ක‍්‍රීඩා උළෙලට මාසයක් පමණ තිබියදී ඉන්දියාවේ යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා සංකීර්ණයේදී ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංචිතයට දින 30 ක නොමිලේ නේවාසික පුහුණුවක් ලබාගැනීමට අවස්ථාව සැලසීම. (ඒ සඳහා පූර්ණ අනුග‍්‍රහය සමස්ත ඉන්දීය ජාතික මලල කී‍්‍රඩා සංගමය හා සමස්ත ඉන්දීය ඔලිම්පික් කමිටුව)

●●●

 


අදහස් (0)

සාග් තරගවලින් ඉවත් කළ ඉසව් යළි එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.