Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරීන්ට සුදුසුකම් සනාථ කිරීම සඳහා අනිද්දා (30) දක්වා කල් ලබාදීමට එහි සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා එකඟවී තිබේ.
මලල ක‍්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටු රැස්වීම ඊයේ (27) සංගම් මූලස්ථානයේදී පැවැත්විණි. සංගමයේ මධ්‍යම කමිටුව හා විධායක කමිටුවට පත්ව සිටින නිලධාරීන් හා නියෝජිතයන්ගේ සුදුසුකම් සනාථ කිරීම සඳහා ඊයේ වන තෙක් අවස්ථාව ලබාදී තිබූ බව වාර්තා වේ. එසේ වුවත් මධ්‍යම කමිටුවේ අසුන් ගන්නා නිලධාරීන් රැුසකට ක‍්‍රීඩා පනතට හා මලල ක‍්‍රීඩා සංගමයේ ව්‍යවස්ථාවට අනුව මූලික සුදුසුකම් නොමැතිබවට චෝදනා එල්ලවී තිබේ.
ඒ අනුව මලල ක‍්‍රීඩා සංගමයේ සියලූ නිලධාරීන්ගේ ජීව දත්ත ඊයේ රැස්වීමට පෙර එහි ලේකම්වරයා වෙත ඉදිරිපත් කළයුතු බවට දැනුම් දී තිබුණි.
කෙසේ වුවත් ඊයේ මධ්‍යම කමිටු රැුස්වීම උණුසුම් කරමින් ඒ පිළිබඳව නිලධාරීන් කීප දෙනෙකු ප‍්‍රශ්න කළ බව වාර්තා වේ. එහෙත් මලල ක‍්‍රීඩා සංගමයේ සභාපතිවරයා ඔවුන්ට තවත් අවස්ථාවක් දෙමින් අනිද්දාට පෙර සුදුසුකම් සනාථ කරන ලෙස ඊයේ රැස්වීමේදී දැනුම් දුන් බව මලල කී‍්‍රඩා සංගම් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
එය ඔවුන්ට ලැබෙන අවසන් අවස්ථාව බවත් සුදුසුකම් සනාථ නොකරන නිලධාරීන් මින් පසු මලල ක‍්‍රීඩා සංගමයේ රැස්වීම්වල අසුන් ගැනීමට නොපැමිණෙන ලෙස සභාපතිවරයා දැනුම් දුන් බවත් වාර්තාවේ.
ක‍්‍රීඩා පනතේ නව සංශෝධනවලට අනුවත් ජාතික ක‍්‍රීඩා සංගම් තනතුරු සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නන් සිය ජීව දත්ත ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාට යොමුකර අනුමැතිය ලබාගත යුතුය. සුදුසුකම් නොමැති අය එහිදී ඒ සඳහා ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරල්වරයාගේ අනුමැතිය ලබා ගැනීමටද කටයුතු කළ යුතුය.
කෙසේ වුවත් මලල ක‍්‍රීඩා සංගමයේ නිලධාරීන්ගේ සුදුසුකම් පිළිබඳව මතුවී තිබෙන බව කියන මෙම අර්බුදය විසඳුමක් නොමැතිව දිග් ගැස්සෙමින් තිබෙන බවට එහි නිලධාරීන්ට දැන් චෝදනා කර සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.