Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක‍්‍රීඩා පනතට අනුව සුදුසුකම් සනාථ නොකෙරෙන සභිකයන්ට මධ්‍යම කමිටුවේ අසුන් ගැනීම තහනම් කිරීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය සැරසේ. පසුගියදා පැවැති එහි මධ්‍යම කමිටු රැස්වීමේදී මෙම තීරණය ගැනීමට මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති සුගත් තිලකරත්න මහතා එකඟතාව පළ කර සිටියේය.
මලල ක‍්‍රීඩා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට සුදුසුකම් නොමැති කමිටු සාමාජිකයන් සැලකියයුතු පිරිසක් සිටින බව වාර්තාවේ.
ක‍්‍රීඩා පනතේ 2013 අංක 01 දරන ජාතික ක‍්‍රීඩා සංගම් නියෝග අනුව 18 වගන්තියෙන් ජාතික ක‍්‍රීඩා සංගම් නියෝජනය කරන නිලධාරීන්ගේ සුදුසුකම් දක්වා තිබේ.
එය මෙසේ දැක්වේ.
”එකී සංගමය සඳහා තෝරා ගනු ලැබූ නිලධාරී මඩුල්ල හා කමිටු සාමාජිකයන් පිළිබඳ ජීව දත්ත සෑම සංගමයක් විසින්ම එකී සංගමයේ කමිටු සාමාජිකයන් හා නිලධාරීන් තෝරා පත් කළ දින සිට දින දහතරක් ඇතුළත අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කළ යුතුය.”
ඒ අනුව සුදුසුකම් නොමැති නිලධාරීන් තවදුරටත් මධ්‍යම කමිටු රැුස්වීම්වලට සහභාගි නොකළ යුතු බවත් ඒ වෙනුවට සුදුසුකම් සහිත නිලධාරීන් ඊට යොමු කිරීමට මින් ඉදිරියට පියවර ගත යුතු බවට නියමයක් පෙරේදා එහිදී සම්මත කර ගත් බව වාර්තාවේ. මලල ක‍්‍රීඩා සංගමයේ මධ්‍යම කමිටු රැුස්වීම සභිකයන් 52 දෙනකුගෙන් සමන්විතය. ඒ නිලධාරී මණ්ඩලය හා දිස්ත‍්‍රික් සංගම්, අනු සංගම් හා ක‍්‍රීඩා සමාජ නියෝජිතයන් ඇතුළත් වන පරිදිය.
ඊට සභාපතිවරයා නිල බලයෙන් පත්කෙරෙන නියෝජිතයෝ 10 දෙනෙක් ද ඇතුළත් වෙති. මලල ක‍්‍රීඩා සංගමයේ වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා මෙවර නිලබලෙන් පත් කළ කමිටු නියෝජිතයන් 10 දෙනා අතරට මහජන ක‍්‍රියාකාරිකයකු වන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා ඇතුළු හිටපු මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ පිරිසක් ද ඇතුලත් වෙති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.