Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කසකස්තානයේදී පැවැත්වෙන කසකස්තාන් ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 100 ඉසව්වට (පිරිමි) සහභාගි වු ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූර විනෝද් සුරංජය ද සිල්වා සිවුවැනි ස්ථානය ලැබීය. මුලික වටය තත්පර 10.49 කට අවසන් කළ සුරංජය, ඊයේ (4) පැවැති අවසන් තරගයේ පසුබෑමකට ලක් වෙමින් තත්පර 10.64 ක කාලයක් වාර්තා කළේය.
පසුගියදා නිමා වු කසකස්තාන් විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 200 ඉසව්වට සහභාගි වු සුරංජය, සිය පෞද්ගලික හොඳම තරග කාලය (තත්පර 20.93) වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.
කෙසේ වෙතත් ඔලිම්පික් පරිසාධන මට්ටම ලබා ගැනීමේ අපේක්‍ෂාවෙන් මීටර 200 ඉසව්වට සහභාග වූ සුරංජයට එහිදී හිමිවූයේ පස්වැනි ස්ථානයයි. ඔහුගේ තරග නිමි කාලය තත්පර 21.29 ක් විය.
මීටර 200 ඉසව්වේ (පිරිමි) රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ පරිසාධන මට්ටම සටහන් වන්නේ තත්පර 20.50 ක් ලෙසිනි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.