Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සුහද ධාවන තරගය රටවල් 35 කදී

සුහද ධාවන තරගය රටවල් 35 කදී

ශනුක අරවින්ද - 2015 අප්‍රේ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වින්ග් ෆෝ ලයිෆ් සංවිධානය මගින් සංවිධාවය කරන ”වින්ග් ෆෝ ලයිෆ් වර්ල්ඞ් රන්” සුහද ධාවන  තරගාවලිය මැයි 03 වැනිදා ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.30 ට (ග‍්‍රිනිච් වේලාවෙන් පෙ.ව.11.30 ට) කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලින් ආරම්භ වේ. කොදු ඇට පෙළ ඇදවීමේ රෝගයෙන් පීඩා විදින ජනතාවට ආධාර පිණිස තරගාවලිය සංවිධානය කෙරෙන අතර මෙය රටවලි 33 ක ස්ථාන 35 කදී සුහද ධාවන තරගයක් ලෙස පැවැත්වේ.

මෙහි ඇති සුවිශේෂීතාව වන්නේ සියලූම රටවල එකම වේලාවකදි තරගය ආරම්භ කිරීමයි. තරගාවලිය සදහා ලෝකය පුරා රටවල් නියෝජනය කරමින් ධාවකයින් සහභාගී වෙන බව සංවිධායකයෝ පවසති.

තරගාවලිය සදහා දහභාගීවීමට කැමැති අයට අද (28 වැනිදා) දකිවා ලියිපදිංචි විය හැකිය. මේ ස`දහා ආබාධිතයින් (රෝද පුටු භාවිත කරන්නන්) සිට වෘත්තීය මට්ටමේ ධාවකයින් දක්වා  ඕනෑම අයෙකුට සහභාගී විය හැකිය.

 


අදහස් (0)

සුහද ධාවන තරගය රටවල් 35 කදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.