Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics සේනානායක ජාතික පාසලේ කී‍්‍රඩාවට මිලියන 60ක් දුන්නත් වැඩක් වෙලා නෑ

සේනානායක ජාතික පාසලේ කී‍්‍රඩාවට මිලියන 60ක් දුන්නත් වැඩක් වෙලා නෑ

දිලිනි මල්රුක්ෂි - 2013 අගෝ මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කී‍්‍රඩා පාසලක් ලෙස ද පවත්වාගෙන යන මාදම්පේ සේනානායක ජාතික පාසලේ ක‍්‍රීඩා පරිහානිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරන ලෙස ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාට දැනුම් දී තිබේ.

විදුහලේ කී‍්‍රඩා පරිහානිය සොයා බැලීමට කමිටුවක් ද පත්කරන ලෙස අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලීම් කර තිබෙන ක‍්‍රීඩා ඇමැතිවරයා, ඊට තුඩුදුන් හේතු සොයා බලා වගකිවයුතු පුද්ගලයන් සිටී නම් ඔවුන් ඉවත් කිරීමට ද පියවර ගන්නා ලෙසත් ලිපියක් මගින් දැනුම් දී තිබේ.
කරුණු කීපයක් සම්බන්ධයෙන් ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා එහිදී අවධානය යොමුකර තිබේ. විදුහලේ 3000කට අධිකව සිටි සිසුන් ගණන 1600කට සීමාවීම, ප‍්‍රදේශයට ආවේණික වොලිබෝල් ක‍්‍රීඩාව පමණක් පවත්වාගෙන යාම, සෙසු ක‍්‍රීඩා ඉසව් ඉගැන්වීමට විධිමත් වැඩපිළිවෙළක් සංවිධානය නොවීම, විනය මෙන්ම විෂය සමගාමී කටයුතු ද දැඩි පරිහානියට පත්වීම යන කරුණු කෙරෙහි සිය නිරීක්ෂණයේ දී දැඩි අවධානයට යොමුවූ බව ඇමැතිවරයා පෙන්වා දී තිබේ.

විදුහලේ ක‍්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 60ක් කී‍්‍රඩා අමාත්‍යාංශය ලබාදී තිබේ. ඒ අංගසම්පූර්ණ ක‍්‍රීඩාංගණයක්, පිහිනුම් තටාකයක් හා නේවාසිකාගාරයක් ක‍්‍රීඩා පාසලේ ස්ථාපිත කිරීම සඳහා ය.

අධ්‍යාපන ඇමැතිවරයාට යොමු කළ ලිපියෙන් ක‍්‍රීඩා ඇමැතිවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ විදුහලේ පරිපාලනය දුර්වලවීම හා බිඳ වැටීම සිය නිරීක්ෂණයේ දී අවබෝධ කරගත් බවය.

නියෝජ්‍ය ඇමැති නියෝමාල් පෙරේරා මහතා ද මේ සම්බන්ධයෙන් තමාගේ අවධානය යොමුකර තිබෙන බව අවධාරණය කරන ක‍්‍රීඩා ඇමැතිවරයා අධ්‍යාපන ඇමැතිවරයා මේ සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ගවලට සමගාමීව විදුහලේ ක‍්‍රීඩා සංවර්ධනය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් හා පුහුණු උපදේශකවරුන්ගේ සහයෝගය ලබාදීමට සූදානම් බව ද දැනුම් දී තිබේ.

මෙම ලිපියේ පිටපත් නියෝජ්‍ය ඇමැති නියොමල් පෙරේරා, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්, අධ්‍යාපන අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ, මාදම්පේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ හා විදුහලේ ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම්වරයාටත් යොමුකර තිබේ.

මේ අතර ඉකුත්දා විදුහලේ පිිහිනුම් තටාකය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වූ කී‍්‍රඩා ඇමැතිවරයාට විදුහලේ ඇතිවී තිබෙන බව කියන වත්මන් ක‍්‍රීඩා පරිහානිය ගැන දැඩි ලෙස අදහස් දැක්වූ බව ද වාර්තා වේ.

එහිදී පිහිනුම් තටාකයේ ඉදිකිරීම් ද ඇමැතිවරයාගේ දැඩි විවේචනයට ලක්වූ බව වාර්තා වන අතර ඇමැතිවරයා වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම පිහිනුම් තටාකයේ කොළ පැහැ ගැන්වී ඇති ජලයේ පිහිනන අයට වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීමට සිදුවිය හැකි බවත්ය.


අදහස් (0)

සේනානායක ජාතික පාසලේ කී‍්‍රඩාවට මිලියන 60ක් දුන්නත් වැඩක් වෙලා නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.