Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තායිලන්තයේ බැංකොක් නුවර ජාතික ක්‍රීඩාංගණයේ දැන් ක්‍රියාත්මක වන 2 වැනි ආසියානු යොවුන් ජවන හා පිටිය මලලක්‍රීඩා තරගාවලියේ 2වැනි දිනය වූ අද (21) වලල ඒ. රත්නායක මැදි මහ විදුහල නියෝජනය කළ හර්ෂ කරුණාරත්න මීටර 800 බාලක ඉසව්වේරිදී පදක්කම දිනාගැනීමට සමත්විය.
හර්ෂ සිය ඉසව්වේ මිනිත්තු 1.54.99.3 කින් අවසන් කොට රිදී පදක්කම දිනාගත් අතර එහි රන් පදක්කම දිනාගන්නා ලද්දේ ඉන්දියාවේ අභිෂේක් මැතිව් (මිනිත්තු 1.54.99.1) විසිනි.
මීට අමතරව කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ රවිශ්ක ඉන්ද්‍රජිත් මීටර 400 ඉසව්ව 4 වැනි ස්ථානයටත් (තත්. 48.94), වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සචිනි දිව්‍යාංජලී මීටර 100 බාලිකා ඉසව්ව 5 වැනි ස්ථානයටත් (තත්. 12.25), සහ කෑගල්ල ශා. ජෝෂප් බාලිකා විදුහලේ චමි ප්‍රභා බණ්ඩාර මීටර 400 බාලිකා ඉසව්ව 5 වැනි ස්ථානයටත් (තත්. 57.30) පත්වූහ.
මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 9 දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 3 දෙනෙක් සහභාගි වී සිටිති.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.