Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ළහිරු - කල්පනී අර්ධ මැරතන් ශූරතා දිනති

ළහිරු - කල්පනී අර්ධ මැරතන් ශූරතා දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උළෙලේ අර්ධ මැරතන් තරගයේදී මතුගම, නවුත්තුඩුව මධ්‍ය මහා විද්‍යාලයේ ළහිරු ප‍්‍රමෝද් බාලක ශූරතාව දිනාගත්තේය. ඌව පළාතේ උඩුහවර මහා විද්‍යාලය නියෝජනය කරමින් තරග කළ කල්පනී ප‍්‍රසන්තිකා බාලිකා ශූරතාව දිනාගත්තාය.

මෙම තරග පසුගියදා පානදුර ශී‍්‍ර සුමංගල පිරිමි විද්‍යාලය අසළින් ආරම්භ වී නැවත එම ස්ථානයෙන්ම නිමාවට පත්විය. අර්ධ මැරතන් තරගයේ දුර කිලෝ මීටර 21.098 කි.

මෙම තරගයේ විශේෂත්වය වූයේ බාලක තරගයේ පළමු ස්ථාන 5 අතරට පිවිසි දිවුලංකඩවල මධ්‍ය මහා විද්‍යාලයේ (උතුරු මැද පළාත) නිපුන චාමර -හැරෙන්නට සෙසු සියලූම තරග කරුවන් බස්නාහිර පළාතේ පාසල් නියෝජනය කිරීමයි. එහෙත් බාලිකා තරගයේදී දක්නට ලැබුණේ එහි අනෙක් පැත්තයි.

වැලිපැන්න සිංහල කණිෂ්ඨ විදුහලේ උරේෂා දිල්හානි හැරෙන්නට පළමු ස්ථාන 5 අතරට පැමිණි සෙසු සියලූම කී‍්‍රඩිකාවෝ ඌව පළාතේ පාසල් නියෝජනය කළහ.

තරගයේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය සඳහා කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ ලලිත් බන්දුල මහතා සහභාගි විය.

තරග ප‍්‍රතිඵල

19 න් පහළ (බාලක)
1. ළහිරු ප‍්‍රමෝද් - නවුත්තුඩුව මධ්‍ය මහා විද්‍යාලය
2. ලසිත සුපුන් අබේකෝන් - මතුගම ශාන්ත මේරි විද්‍යාලය
3. දිලූම් මධුසංඛ - මතුගම ආනන්ද ශාස්ත‍්‍රාලය
4. නිපුන චාමර - දිවුලංකඩවල මධ්‍ය මහා විද්‍යාලය
5. සචේන්ද්‍ර රමේෂ් - මොරටුව වේල්ස් කුමර

19 න් පහළ (බාලිකා)
1. කල්පනී ප‍්‍රසන්තිකා - උඩුහවර මහා විද්‍යාලය
2. උරේෂා දිල්හානි - වැලිපැන්න සිංහල කණිෂ්ඨ විදුහල
3. නිමේෂා නිදර්ෂනී - බුදුරුවගල මහා විද්‍යාලය
4. කල්පනී ශෂිකලා - බුදුරුවගල මහා විද්‍යලාය
5. නිලූකා නිරෝෂනී - ලූණුවත්ත ජාතික පාසල


අදහස් (0)

ළහිරු - කල්පනී අර්ධ මැරතන් ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.