Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner අජිත්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

අජිත්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන 94 වැනි ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ දෙවැනි දිනය වු අද (9) දස ප්‍රයාම පිරිමි ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට යුද හමුදාවේ අජිත් කුමාර කරුණාතිලක සමත්විය. අජිත්, 2014 වසරේදී පිහිටුවා තිබු ශ්‍රී ලංකා වාර්තාව (ලකුණු 6470) අද අලුත් කළේ ලකුණු 6724 ක් ලබා ගනිමිනි. තරගයේ දෙවැනි ස්ථානය දිනාගත් ගුවන් හමුදාවේ ඩී.එස්.පෙරේරා ලකුණු 6670 ක් ලබා ගනිමින් පෙර ශ්‍රී ලංකා වාර්තාව පසු කරමින් දස්කම් දැක්වීය.

ලාල් ජනක කුමාර (ලකුණු 5198) තෙවැනි ස්ථානය ලැබීය.

හෙල්ල විසි කිරීමේ ජාතික වාර්තාවට හිමිකම් කියන නදීකා ලක්මාලි අද පැවැති කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් පසු බැසීම කැපී පෙනෙන සිදුවීමක් විය. යුද හමුදාවේ ක්‍රීඩිකා එන්.ඩී.ලේකම්ගේ හමුවේ දෙවැනි ස්ථානය ලැබුවේ මීටර 54.96 ක දුරක් හෙල්ල විසි කරමිනි. ලේකම්ගේ මීටර 56.06 ක දස්කමක් දක්වා පළමු ස්ථානය දිනා ගත්තාය.

2008 බීජිං ඔලිම්පික් උළෙලට සහභාගි වු නදීකා ලක්මාලි පිහිටුවා තිබෙන හෙල්ල විසි කිරීම ජාතික වාර්තාව වන්නේ මීටර 60.64 කි. ඇය මෙවර රියෝ ඔලිම්පික් උළෙලට ද සුදුසුකම් ලබා ගනී යැයි විශ්වාස තැබු ක්‍රීඩිකායකි.

දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා වන හිමාෂ ඒෂාන් මීටර 100 ඉසව් ජයගත් අතර දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව වන රුමේෂිකා රත්නායක මීටර 100 කාන්තා ඉසව්වට අද සහභාගි නොවුවාය.
තරගාවලියේ හෙට (10) අවසන් දිනයයි.

 

දෙවැනි දිනයේ (9) අවසන් තරගවල ප්‍රතිඵල:

මීටර 10000 (පිරිමි)
1.බී.යු.විජිත කුමාර (යුද හමුදාව, වි.31.තත්.17.09)
2.එල්.ඒ.එස්.රත්නායක (යුද හමුදාව. වි.31.තත්.21.00)
3. ඒ.ජේ.කුමාර බණ්ඩාර (යුද හමුදාව, වි.31.තත්.26.07)

යගුලිය විසි කිරීම (පිරිමි)
1.ඒ.ජේ.ඩී.පෙරේරා (නාවික හමුදාව, මීටර 14.94)
2.සමිත ජයවර්ධන (යුද හමුදාව, මීටර 14.75)
3.එස්.ජයකොඩි (යුද හමුදාව, මීටර 14.25)

හෙල්ල විසි කිරීම (කාන්තා)
1.එන්.ඩී.ලේකම්ගේ (යුද හමුදාව, මීටර 56.06)
2.නදීකා ලක්මාලි (යුද හමුදාව, මීටර 54.96)
3.එම්.පී.සිල්වා (නාවික හමුදාව, මීටර 51.76)

රිටි පැනීම (කාන්තා)
1.අනීතා ජෙගතේෂ්වරන් (යාපනය, මීටර 3.30)
2.කේ.එල්.පෙරේරා (ගුවන් හමුදාව, මීටර 3.10)
3.ඒ.එච්.දිල්රුක්‍ෂි (යුද හමුදාව, මීටර 3.10)

තුන් පිම්ම (කාන්තා)
1.එච්.පී.බාලසුරිය (ශ්‍රී ලංකා පාසල්, මීටර 12.79)
2.ඩී.ඊ.රත්නසිරි (ගුවන් හමුදාව, මීටර 12.38)
3.කේ.ඒ.එස්.දුලංජනී (ගුවන් හමුදාව, මීටර 12.33)

මීටර 100 (පිරිමි)
1.හිමාෂ ඒෂාන් (යුද හමුදාව, තත් 10.50)
2.එල්.එම්.අෂ්රොෆ් (යුද හමුදාව, තත් 10.50)
3.එස්.එල්.වික්‍රමසිංහ (යුද හමුදාව, තත් 10.60)

මීටර 100 (කාන්තා)
1.එස්.ඒ.විදානදුරගේ (ගුවන් හමුදාව, තත් 12.10)
2.එස්.එස්.ජයතිලක (යුද හමුදාව, තත් 12.20)
3.වී.එල්. සුගන්දි (යුද හමුදාව, තත් 12.20)

මීටර 1500 (පිරිමි)
1.එන්.හේමන්ත කුමාර (පොලිසිය, වි.3.තත්.51.09)
2.ඩබ්.ජී.සංජීව (ගුවන් හමුදාව. වි.3.තත්.54.08)
3. ජනක ප්‍රදීප් (යුද හමුදාව, වි.3.තත්.55.07)

මීටර 1500 (කාන්තා)
1.වී.කේ.ජයසුන්දර (යුද හමුදාව, වි.4.තත්.37.03)
2.කේ.එන්.කුලරත්න (ගුවන් හමුදාව. වි.4.තත්.41.06)
3. එම්.එන්.නන්දසේන (යුද හමුදාව, වි.4.තත්.45.02)

මීටර 400 (පිරිමි)
1.ඩී.පී.රුවන් කුමාර (යුද හමුදාව, තත් 47.02)
2.මධුමාල් දේවින්ද පීරිස් (යුද හමුදාව, තත් 47.03)
3.ඒ.එම්. (ගුවන් හමුදාව, තත් 47.04)

මීටර 400 (කාන්තා)
1.කේ.එල්.ඒ.නිල්මාලි (ගුවන් හමුදාව, තත් 54.06)
2.ඩබ්.යු.රත්නකමාරි (යුද හමුදාව, තත් 54.09)
3.ඩී.ජී.පද්මකුමාරි (යුද හමුදාව, තත් 55.50)

උස පැනීම (කාන්තා)
1.ඩී.කේ.රණසිංහ (නාවික හමුදාව, මීටර 1.76)
2.ඒ.ටී.විනෝදනී (යුද හමුදාව, මීටර 1.73)
3.පී.ජේ.ගුණරත්න (ශ්‍රී ලංකා පාසල්, මීටර 1.70)

මිටිය විසි කිරීම (පිරිමි)
1.කේ.නිලන්ත (යුද හමුදාව, මීටර 45.99)
2.එස්.ආර්.කුමාරසිරි (යුද හමුදාව, මීටර 45.16)
3.සිසිර කුමාර (යුද හමුදාව, මීටර 44.89)

තුන් පිම්ම (පිරිමි)
1.ඒ.එන්.කරුණාසිංහ (යුද හමුදාව, මීටර 16.21)
2.දිනේෂ් කුමාර ප්‍රනාන්දු (යුද හමුදාව, මීටර 16.19)
3.එස්.එස්.ජයසිංහ (යුද හමුදාව, මීටර 16.18)

යගුලිය විසි කිරීම (කාන්තා)
1.ටී.කේ.ප්‍රනාන්දු (ගුවන් හමුදාව, මීටර 14.47)
2.එන්.ඩී.මුතුනායක (නාවික හමුදාව, මීටර 13.69)
3.පී.එස්.ක්ලැරන්ස් (ගුවන් හමුදාව, මීටර 11.37)

මීටර 3000 බාධක දිවීම (පිරිමි)
1.ආර්.එම්.එස්.පුෂ්පකුමාර (යුද හමුදාව, වි.9.තත්.15.00)
2.චාමර කුමාර (යුද හමුදාව. වි.9.තත්.16.08)
3. සුරේෂ් කරුණාරත්න (යුද හමුදාව, වි.9.තත්.17.06)

මීටර 5000 (කාන්තා)
1.කේ.එන්.රත්නායක (යුද හමුදාව, වි.16.තත්.39.09)
2.එන්.එල්.ආරියදාස (ගුවන් හමුදාව. වි.17.තත්.10.02)
3. එස්.ඒ.ළමාහේවගේ (නාවික හමුදාව, වි.17.තත්.16.09)

 


අදහස් (0)

අජිත්ගෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.