Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner අත්වැරැද්දක් වූ බව කී‍්‍රඩා ඇමති පිළිගනී

අත්වැරැද්දක් වූ බව කී‍්‍රඩා ඇමති පිළිගනී

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

සුගතදාස පිටියේ කෘත‍්‍රිම ධාවන පථය අලූතෙන් එළිමේදී ක‍්‍රීඩා අමාත්‍යාශයෙන්ද අත්වැරැද්දක් සිදුවී තිබෙන බවත් එය වසර එකහමාරකටත් කලින් කඩතොලූවීමෙන් පැහැදිලි වන බව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

රුපියල්  මිලියන 113 ක ව්‍යාපෘතියක් ලෙස සුගතදාස පිටියේ අලූතින් එලූ කෘති‍්‍රම ධාවන පථය වසර 2012 ජූනි 9 වැනිදා කොළඹදී ආරම්භ වූ 15 වැනි ආසියානු කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරඟාවලිය සඳහා නිල වශයෙන් විවෘත කරනු ලැබීය.

කෙසේ වුවත් කෘති‍්‍රම ධාවන පථයේ කඩතොලූවීම් කීපයක් ගැන මේ වනවිට වාර්තාවී තිබෙන අතර එහි අලූත්වැඩියා කටයුතු සඳහා සුගතදාස පිටිය පසුගිය ඔක්තෝබර් 15 වැනිදා සිට වසා දමා තිබේ. අලූත්වැඩියා කටයුතු අවසන්වීමෙන් පසු එය මෙම 15 වැනිදා විවෘත කරන බව ක‍්‍රීඩා අමාත්‍යාශය පවසයි.

කෘති‍්‍රම ධාවන පථයේ ඉදිකිරීම් සම්බන්ධීකරණ කටයුතු කළ දේශීය නියෝජිතයා වන ගහකොළ ලෑන්ඞ්ස්කේපින් ආයතනයේ බලධාරීහුද සුගතදාස පිටියේ ඊයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූහ. සුගතදාස පිටියේ තණකොළ ඇතිරීමේ ව්‍යාපෘතියද එහිදී ක‍්‍රීඩා ඇමැතිවරයාගේ විවේචනයට ලක් විය. එය නැවත අලූතින් සකස්කරන ලෙසද ක‍්‍රීඩා ඇමැතිවරයා ඉදිකිරීම් ආයතනයට නියමකර තිබේ.

ගහකොළ ලෑන්ඞ්ස්කේපින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්‍ෂ ධර්මසිරි රාහුබද්ධ මහතා මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න වලට පිළිතුරු දෙමින් පැවසුවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ පුහුණුවීම් සඳහා අසීමිත ලෙස ධාවන පථය පාව්චිච්යද එය ඉක්මණින් අබලන්වීමට හේතුවක් වූ බවය. එහෙත් එය ප‍්‍රතික්ෂේප කර සිටි ක‍්‍රීඩා ඇමැතිවරයා ගිවිසුමේ එකඟතා අනුව එය පිළිගත නොහැකි කරුණක් යැයිද පැවසීය.

මාධ්‍ය හමුවේදී මෙම කෘති‍්‍රම ධාවන පථයේ ලංසු සම්බන්ධයෙන් කටයුතු කළ තාක්ෂණික කමිටුවේ කාර්යභාරය ද සාකච්ඡවට ලක්විය.
දේශීය නියෝජිත ආයතනයේ බලධාරීන් මාධ්‍ය හමුවේදී පැවසුවේ තමන් කටයුතු කළේ තාක්ෂණික කමිටුවේ උපදෙස් මත බවත්ය. වර්ෂා සමයකදී ධාවනය පථය එලීම සිදුවූ බැවින් ඒ හේතුවෙන් එහි අභ්‍යන්තරයේ ඇතැම් ස්ථානවලට බලපෑමක් සිදුවී තිබෙන බව දේශීය ඉදිකිරීම් නියෝජිත ආයතනයේ බලධාරීහු එහිදී පෙන්වා දුන්හ. එහෙත් මාධ්‍ය හමුවට පැමිණ සිටි තාක්ෂණික කමිටුවේ නියයෝජිතයෝ එය ප‍්‍රතික්ෂේප  කරමින් අදහස් දැක්වූහ.

ක‍්‍රීඩා ඇමැතිවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් පැවසුවේ උද්ගතවී තිබෙන තත්ත්වය හමුවේ කෘති‍්‍රම ධාවන පථයේ ඉදිකිරීම් සඳහා දේශීය නියෝජිත ආයතනයට තවත් ගෙවිය යුතු රුපියල් මිලියන 20ක් එසේ ගෙවීම අත්හිටුවා තිබෙන බවය.

වසර පහක් වගකීම දරමින් ඉදිකළ සුගතදාස කෘති‍්‍රම ධාවන පථයේ වත්මන් තත්ත්වය පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව එහිදී අවධාරණය කර සිටි ඇමැතිවරයා අවසානයේදී ඒ සම්බන්ධයෙන් ක‍්‍රීඩා අමාත්‍යාංශයට වගකීම් දැරීමට සිදු වන බැවින් ඒ ගැන කරුණු සොයා බැලීමට ස්වාධීන කමිටුවක් පත් කරන බවත් පැවසීය.

ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් කෘති‍්‍රම ධාවන පථයේ ඉදිකිරීම් තාක්ෂණික කමිටුවට සිවිල් ඉංජිනේරු කේ.එම්. ජයතිලක, ව්‍යාපෘති ඉංජිනේරු ඞී.ආර්.ඒ. ගොඩමුනේ මලල ක‍්‍රීඩා සංගමයේ  සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු, ගණකාධිකාරී චමිලා පෙරේරා, මලල ක‍්‍රීඩා ව්‍යාපෘති නිලධාරිනී ශ‍්‍රියානි කුලවංශ හා කළමනාකාරිණී චමෝදා අතුකෝරල යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ. ඉංජිනේරු උපදේශක එස්.බී. විජේරත්න මහතා එහි ගරු සාමාජිකයකු ලෙස කටයුතු කර තිබේ.

 

- ඡායාරෑප - ජයමාල් චන්ද්‍රසිරි


අදහස් (1)

අත්වැරැද්දක් වූ බව කී‍්‍රඩා ඇමති පිළිගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.