Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner අරුණසිරි -කි‍්‍රෂාන්තිනි ශූරතා දිනති

අරුණසිරි -කි‍්‍රෂාන්තිනි ශූරතා දිනති

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ති‍්‍රකුණාමලයේදී අද (25) නිමාව දුටු ජාතික මහ කී‍්‍රඩා උළෙලේ මැරතන් (පිරිමි) තරගයේ රන් පදක්කම උතුරු මැද පළාතේ ආර්. එම්. පී. ඞී. අරුණසිරි විසින් දිනා ගන්නා ලදී. මැරතන් කාන්තා තරගයේ රන් පදක්කම දිනා ගත්තේ වේලූ කි‍්‍රෂාන්තිය. ඇය මධ්‍යම පළාතේ කී‍්‍රඩිකාවකි. 40 වැනි ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන් තරග ඊයේ ති‍්‍රකුණාමලයේදී පැවැත්විණ.

ඔවුන් දෙදෙනාම ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන් තරග ජය ගත් පළමු අවස්ථාව එය වීම කැපී පෙනේ. 27 හැවිරිදි අරුණසිරි මැරතන් කී‍්‍රඩාවට පිවිස වසර දෙකක් තුළදී මෙම ජයග‍්‍රහණය ලැබීම කැපී පෙනේ. කී‍්‍රඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා රන් පදක්කම් ලාභී අරුණසිරිගේ පුහුණුකරුවීම කැපී පෙනුණි.

ගිය වර තරගාවලියේදී ලෝකඩ පදක්කම හිමි කරගත්තත් විරෝධතාවයක් හේතුවෙන් එය අහිමි වූ කි‍්‍රෂාන්තිනී මෙවර රන් පදක්කම දිනා ගැනීමෙන් පසු ලංකාදීපයට පැවැසූයේ එම සිදුවීම අදිටන් කර ගනිමින් තමන් මෙවර තරග වැදුණේ තරගය ජය ගැනීමේ අදිටනින් බවය.

මෙවර මැරතන් තරගාවලියේ විශේෂත්වය වන්නේ ති‍්‍රකුණාමලය නගරයේ පෙරවරුවේ පවතින උෂ්ණත්වයද සැළකිල්ලට ගනිමින් එය පෙරවරු 5.00 ට ආරම්භ කිරීමට තරග සංවිධායකයින් කටයුතු කිරීමය. හිමිදිරි පාන්දර හිරු නැගීමට පෙර ආරම්භ වූ මෙවර මැරතන් තරගය කී‍්‍රඩික කී‍්‍රඩිකාවන්ට අලූත් අත්දැකීමක් ගෙන දුන්නේය.

රන් පදක්කම් ලාභිනී කි‍්‍රෂාන්තිනී කිලෝ මීටර් 35 ක් ඉක්මවීමෙන් පසු රිදී පදක්කම් ලාභිනී කුමාරසිංහ හඹා ගොස් තරගය ජය ගැනීමට සමත්වූවාය. ජාතික මහා කී‍්‍රඩා උළෙලක මැරතන් පිරිමි තරගයේ හොඳම දස්කම වාර්තා කර ඇත්තේ 2003 තරගාවලියේදී රන් පදක්කම දිනාගත් අනුරාධ ඉන්ද්‍රජිත් කුරේය. ඒ පැය 2 විනාඩි 16 තත්්පර 39 කටය. මෙවර ජයග‍්‍රාහි අරුණසිරිගේ නිමි කාලය වූයේ පැ. 2 වි. 29 තත්. 10 කි.

වැඩිම වාරයක් ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන් පිරිමි තරගයේ රන් පදක්කම දිනා ඇති වයඹ පළාතේ අජිත් බණ්ඩාර මෙවර සිව් වැනි ස්ථානයට පත්විය. බණ්ඩාර 10 වරක් ජාතික මහ කී‍්‍රඩා උළෙලේ මැරතන් (පිරිමි) රන් පදක්ම දිනා ගත් තරුගකරුවෙකි. 2001 සහ 2003 දී රන් පදක්කම දිනාගත් ඞී. ඒ. ඉනෝකා මෙවරත් තරග වැදුණු අතර ඇයට අත්වූයේ සිව්වැනි ස්ථානයයි.

පිරිමි තරගයේ කණ්ඩායම් ශූරතාව දකුණු පළාත් කණ්ඩායම විසින් දිනාගන්නා ලද අතර අනු ශූරතාව මධ්‍යම පළාතට හිමිවිය. 3 වැනි ස්ථානය බස්නාහිර පළාතට හිමිවිය. කාන්තා තරගයේ කණ්ඩායම් ශූරතාවය උතුරු මැද පළාත විසින් හිමිකරගන්නා ලදි. කී‍්‍රඩා අමාතයංශය වසරේ සංවිධානය කරන ප‍්‍රධානතම කී‍්‍රඩා උළෙල වන ජාතික මහා කී‍්‍රඩා උළෙලේ මැරතන් හා පාපැදි තරග ති‍්‍රකුණාමලය නගරයේදී පැවැත්වීමේදී මැරතන් තරගය සඳහා නෙස්ලේ ලංකා සමාගම අනුග‍්‍රහය දැක්වීය.

එම සමාගමේ අනුග‍්‍රහයෙන් කාන්තා සහ පිරිමි මැරතන් තරග වල රන්, රිදී හා ලෝකඩ පදක්කම් ලාභින් වෙනුවෙන් රුපියල් 125000 ක්,  100000 ක් සහ 75000 ක් බැගින් විශේෂ මුදල් ත්‍යාග ප‍්‍රදානය කෙරිණ. ජය සංකේත ප‍්‍රදානෝත්සවය ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ හා කී‍්‍රඩා අමාතයංශයේ ලෙක්ම් අනුර ජයවික‍්‍රම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වුණි.

 


මැරතන් (පිරිමි) තරගයේ ප‍්‍රතිඵල
01. ආර්. ඒ. පී. ඞී. අරුණසිරි (උතුරු මැද පළාත) - පැය 2:29:10
02. අමිල සනත් කුමාර (දකුණු පළාත) - පැය 2:29:23
03. එස්. උපුල් විජිත කුමාර (දකුණු පළාත) - පැය 2:30:50
04. එන්. ඒ. එම්. අජිත් බණ්ඩාර (වයඹ පළාත) - පැය 2:32:45
05. ඉන්දික අජිත් රත්නායක (වයඹ පළාත) - පැය 2:32:50
06. ආර්. එම්. වයි. ජී. එන්. අසේල බණ්ඩාර (මධ්‍යම පළාත) - පැය 2:33:25*
07. ඩබ්ලිව්. චමිල නිශාන් (දකුණු පළාත) - පැය 2:34:19
08. එස්. ඒ. ඒ. ලක්ෂිත ශ්‍රීමන්ත (බස්නාහිර පළාත) - පැය 2:37:43*
09. ටී. පී. බී. සෝමරත්න (මධ්‍යම පළාත) - පැය 2:37:56*
10. බී. ජී. ඞී. සඳරුවන් (බස්නාහිර පළාත) - පැය 2:39:26

 

මැරතන් (කාන්තා) තරගයේ ප‍්‍රතිඵල
01. වී. කි‍්‍රශාන්තිනි (මධ්‍යම පළාත) - පැය 2:59:19
02. කේ. කේ. ඒ. එම්. කුමාරසිංහ (බස්නාහිර පළාත) - පැය 3:02:11
03. ධම්මිකා මල්කාන්ති (ඌව පළාත) - පැය 3:02:02
04. ඞී. ඒ. ඉනෝකා (මධ්‍යඹ පළාත) - පැය 3:06:18
05. එල්. එම්. අයි. ලෝරන්ස් (උතුරු මැද පළාත) - පැය 3:10:30
06. ඩබ්. පී. දිල්හානි විජයපතිරණ (වයඹ පළාත) - පැය 3:12:12
07. කේ. එම්. එස්. එම්. වික‍්‍රමසිංහ (මධ්‍යම පළාත) - පැය 3:14:33
08. ඩබ්. කෙ.එන්. කේ. ප‍්‍රනාන්දු (බස්නාහිර පළාත) - පැය 3:18:50
09. ඒ. එල්. එස්. දිල්හානි (සබරගමුව පළාත) - පැය 3:12:22
10. ආර්. ශලිනි (උතුරු පළාත) - පැය 3:36:40

 

ජාතික මහා ක්‍රීඩා උළෙලේ මැරතන් තරගයේ අවස්ථා...

 ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (0)

අරුණසිරි -කි‍්‍රෂාන්තිනි ශූරතා දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.