Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වීම සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් අද අලුයම් කාලයේදී චීනය බලා පිටත්ව ගියේය. මෙම කණ්ඩායමට ක්‍රීඩයෝ හත් දෙනෙක් සහ ක්‍රීඩිකාවෝ 5 දෙනෙක් ඇතුළත්ව සිටිති.
ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලිය අදියර තුනකින් පැවැත්වෙන අතර ඒ සඳහා ආසියාවේ රටවල් 40 ක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සහභාගි වෙති. තරගාවලියේ පළමු අදියර ලබන අඟහරුවාදා (24) චීනයේ ජින්හුවා නගරයේදී පැවැත්වේ. දෙවැනි අදියර මේ මස 27 වැනිදා ජිග්සිං නගරයේදී පැවැත්වෙන අතර තුන්වැනි අදියර චීන තායිපේ හිදී පැවැත්වේ.
මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සඳහා අපේක්‍ෂිත පරිසාධන මට්ටම ඉක්මවා යාමට මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකිවුවහොත් මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියට සහභාගි වීමේ අවස්ථාව ඔවුනට ලබාගත හැකිය. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම වැඩි බලාපොරොත්තු රඳවා ඇත්තේ කෙටි දුර ධාවන හිමාෂ ඒෂාන් කෙරෙහිය.
මීට දින කිහිපයකට ඉහතදී ජැමෙයිකාවේ පැවැති ආරාධිත මලල ක්‍රීඩා තරගයකදී මීටර 100 ඉසව්ව තත්ත්පර 10.29 කින් අවසන් කිරීමට හිමාෂ ඒෂාන්ට හැකිවිය. තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිමාෂ ඒෂාන් පවසා සිටියේ මෙවර ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 100 ඉසව්වෙන් පළමු ස්ථානය ලබාගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක් ඇති බවයි.
කාන්තා මීටර 800 ඉසව්වේදීත් ශ්‍රී ලංකා කණ්ඩායමට හොඳ අවස්ථාවක් ඇත්තේ ගයන්තිකා අබේරත්න මෙන්ම නිමාලි ලියනාරච්චිද දස්කම් අතර සිටින බැවිනි. මෙම ක්‍රීඩිකාවෝ දෙදෙනාම පසුගියදා පැවැති තේරීම් තරගයේදී ජාතික වාර්තාව අභිබවා යාමට සමත්වූහ.
කෙටිදුර ධාවන ශූරියක වන රුමේෂිකා රත්නායක කෙරේද ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු රැඳී තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම
සුමේධ රණසිංහ (හෙල්ල විසිකිරීම), වරුණ ලක්ෂාන් (හෙල්ල විසිකිරීම), මංජුල කුමාර (උස පැනීම), සංජය ජයසිංහ (තුන් පිම්ම), හිමාෂ ඒෂාන් (මීටර 100), අජිත් ප්‍රේමකුමාර (මීටර 400), ඉඳුනිල් හේරත් (මීටර 800), ගයන්තිකා අබේරත්න (මීටර 800-කා), නිමාලි ලියනාරච්චි (මීටර 800-කා), තාරිකා ප්‍රනාන්දු (යගුලිය දැමීම) සහ රුමේෂිකා රත්නායක (මීටර 100-කා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.