Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ක්‍රීඩිකාවන් තිදෙනෙකුට සමසේ අයිතිය හිමිව තිබූ උස පැනීම වයස 19න් පහළ (බාලිකා) ඉසව්වේ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා වාර්තාව තමන් සතු කර ගැනීමට මීගමුව “ලිඞ්ස්” ජාත්‍යන්තර පාසලේ පූර්ණිමා ජයමාලි ගුණරත්න අද (14) මහනුවර බෝගම්බර පිටියේදි සමත්වූවාය.
ඒ ඊයේ (13) එම ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වෙමිනි.
වසර 2002, 2008 හා 2011 වසරවලදී පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මීටර 1.70 උසක් පනිමින් ක්‍රීඩිකාවෝ තිදෙනෙක් මෙම වාර්තාවට හිමිකම් කීහ. එම වාර්තාව අද මිටර 1.74ක් දක්වා ඉහළට ගෙන යමින් පූර්ණිමා නව තරග වාර්තාව තමන් සතු කර ගත්තාය.
ඩිල්ෂාන් රණසිංහ |
අවසන් වරට (වසර 2011දී) එහි පැරැණි වාර්තාව සමකර තිබුණේ ගලෙන් බිඳුණුවැව මැදි විදුහලේ නිමේෂිකා මධුෂානි සිරිවර්ධනයි.
බෝගම්බර පිටියේදි දැන් පැවැත්වෙන සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී අද (14) පැවැති අවසන් තරග 21ක් අතරින් හෙල්ල විසි කිරීම වයස 17න් පහළ බාලක ඉසව්වේ දක්ෂතා කැපී පෙනුණේ එහි වසර 14ක් පැරැණි තරග වාර්තාව බිඳ දැමීමට ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ඩිල්ෂාන් රණසිංහ සමත්වීමය.
ඩිල්ෂාන් අද මීටර 66.96 ක දුරක් හෙල්ල විසි කරමින් සහ තරග වාර්තාව පිහිටුවූයේ වසර 2002 දී කොළඹ නාලන්දා විදුහලේ අයි. ඒ. පරණගම මීටර 65.51කට පිහිටුවා තිබූ එහි පැරැණි වාර්තාව බිඳ දමමිනි.
මෙවර තරගාවලියේදී වඩාත්ම අවධානය දිනාගත් ක්‍රීඩිකාවක් වන යාපනය මහජන විදුහලේ ජෙගදීෂ්වරන් අනීතා අද (15) රිටි පැනීම වයස 21න් පහළ බාලිකා ඉසව්වට තරග වැදීමට නියමිතය.
මීට පෙර සිව් වතාවක්ම රිටි පැනීම (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව (මීටර 3.41) පිහිටුවා තිබෙන අනිතා යාපනයේ පැවැති 42 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේදී එහි නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවූවාය.
ඇය යාපනයේදී පවසා සිටියේ එළඹෙන සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදීත් එහි නව ශ්‍රී ලංකා වාර්තාව අළුත් කිරීමට අපේක්ෂා කරන බවයි.
සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරග වාර්තා පොතේ දැනටමත් සිටින අනීතාට රිටි පැනීම වයස 19න් පහළ බාලිකා ඉසව්වේ තරග වාර්තාවටද හිමිකම් කියයි. වසර 2014දී මීටර 3.14ක් පනිමින් ඇය එම වාර්තාව හිමිකර ගත්තාය.
කෙසේ වුවත් ඇය මෙවර පාසල් ක්‍රීඩා උළෙලේදී මිටර 100 කඩුලු හා හෙල්ල විසිකිරීම යන බාලිකා ඉසව් සඳහාද තරග වැදීමට සූදානමින් සිටියාය.
අධ්‍යාපන අමාත්‍යංශයේ උපදේශක (ශාරීරික අධ්‍යාපන හා ක්‍රීඩා) සුනිල් ජයවීර මහතාගේ මාර්ගෝපදේශකත්වය යළිත් ලැබී තිබෙන ජාතික පාසල් ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය අනිද්දා (17) දක්වා පැවැත්වේ.
තරගාවලියට ඇතුළත් මුළු ඉසව් ගණන 124කි. ක්‍රීඩා උළෙලේ සමස්ත උත්සවය අනිද්දා පස්වරු 4ට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
බස්නාහිර පළාත නියෝජනය කරමින් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගිවූයේ ක්‍රීඩා නිලධාරින් සිව් දෙනෙකු පමණක් බවත් වාර්තාවේ. ඒ සඳහා එක් පළාතකින් ක්‍රීඩා නිලධාරින් 25 දෙනකු බැගින් සහභාගි කරවන ලෙස තරග සංවිධායකයන් දැනුම්දී තිබුණත් මෙම ක්‍රීඩා උළෙලේ කැපී පෙනෙන දස්කම් පළ කරන පළාත බවට පත්ව සිටින බස්නාහිර පළාත එම අවස්ථාවට නිලධාරින් සිව් දෙනෙකු පමණක් සහභාගි කිරීම බොහෝ දෙනකුගේ අවධානයට යොමුවූහ.
මේ අතර බස්නාහිර පළාත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් කොටසකට පමණක් එහි සමරු බැනියම ලබාදීම ගැන එහි පාසල් ගණනාවකින් විරෝධය පළවී තිබේ.
එසේ සමරු බැනියම නොලැබුණු අය අතර අද නව තරග වාර්තාවක් පිහිටුවූ ක්‍රීඩිකාවන්ද සිටින බව දැන ගන්නට ඇත. මෙම සමරු බැනියම් බස්නාහිර පළාත් සභාවේ ප්‍රතිපාදන ලබා ගනිමින් නිපයූ ඒවා වේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.