Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner කී‍්‍රඩා ඇමතිගෙන් මලල කී‍්‍රඩාවට අනතුරු ඇඟවීමක්

කී‍්‍රඩා ඇමතිගෙන් මලල කී‍්‍රඩාවට අනතුරු ඇඟවීමක්

දිලිනි මල්රුක්ෂි - 2013 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යාංශය වැඩිම වියදමක් දරන මලල ක‍්‍රීඩාවෙන් අන්තර් ජාතික දස්කම් පෙන්වීමට ශ්‍රී ලංකාව තවදුරටත් අපොහොසත් වන්නේ නම් ඊට ලබා දෙන ප‍්‍රතිපාදන කපා දැමීමට තමන් පසුබට නොවන බව ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා පැවසීය.

මෙම වසරේදී අන්තර් ජාතික පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට මුදල් ත්‍යාග ප‍්‍රදානය කිරීමේ උත්සව සභාව අමතමින් ඔලිම්පික් කමිටු ශ‍්‍රවනාගාරයේදී ඇමැතිවරයා පැවසුවේ එසේ වන්නේ නම් මෙම උත්සවයේදී මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ප‍්‍රදානය කෙරෙන මුදල් ත්‍යාග මෙරට මලල ක‍්‍රීඩාවට කෙරෙන අවසන් ආයෝජනයද විය හැකි බවය.

පදක්කම් දිනා ගැනීම කෙරෙහි වඩාත් විශ්වාසය පළකළ හැකි ක‍්‍රීඩා ඉසව් සඳහා එහිදී ක‍්‍රිඩා අමාත්‍යාංශය උදව් කිරීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා වැඩිදුරටත් උත්සව සභාව අමතමින් පැවසීය.
මෙම උත්සවයේදී අන්තර් ජාතික පදක්කම් දිනූ මෙරට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා ඔවුන්ගේ පුහුනුකරුවන් 27 දෙනෙකුට රුපියල් මිලියන නවයකට වැඩි මුදලක් ත්‍යාග ලෙස බෙදා දෙනු ලැබීය.

එහිදී වැඩිම ත්‍යාග මුදලක් වන රුපියල් මිලියනය බැගින් හෙල්ල විසි කිරීමේ ආසියානු රිදී පදක්කම්ලාභිනිය හා රිදී පදක්කම් ලාභියා වන නදිකා ලක්මාලි හා සචින් මධුරංගට හිමි විය.

ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූූරතාවලියේදී ලෝකඩ පදක්කම්ලාභි ශ්‍රී ලංකා ක‍්‍රීඩකයාට හා ඔහුගේ පුහුණුකරුට අවම තෑගි මුදල හිමි විය.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ක‍්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ සජිත් ජයලාල් මහතා ‘ලංකාදීප’යට පැවසුවේ අන්තර් ජාතික තරගාවලිය සඳහා රටවල් සහභාගිත්වය හා එම තරගාවලිහි ගුණාත්මකභාවය සැලකිල්ලට ගෙන ත්‍යාග මුදල් නියම කළ බවය. කෙසේ වුවත් රටවල් පහකට අඩුනම් එවැනි ජාත්‍යන්තර ක‍්‍රිඩා තරග මාලා පදක්කම්ලාභීන්ට මුදල් ප‍්‍රදානය කිරීමට ක‍්‍රිඩා අමාත්‍යාංශය උනන්දු නොවන බවත් ඔහු පැවසීය.

එහෙත් එම නියමය සාෆ් ක‍්‍රීඩා උළෙල සඳහා පමණක් බල නොපැවැත්වෙන බවත් ඔහු පැවසීය. උත්සව සභාව අමතමින් ක‍්‍රීඩා ඇමැතිවරයා පැවැසුවේ අන්තර් ජාතික ක‍්‍රීඩා තරග වල පදක්කම් දිනූ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ගෙවීම් ඉහළ දැමීමට තීරණය කළ බවය.

ඒ අනුව ආසියානු ක‍්‍රීඩා උළෙලකදී හෝ පොදුරද මඩුලූ ක‍්‍රීඩා උළෙලකදී රන් පදක්කමක් දිනා ගන්නා ශ්‍රී ලාංකිකයෙකුට මිලියන හතරේ සිට මුදල් තෑගි පිරිනමන බවත් ඇමැතිවරයා පැවසීය.
‘‘මලල ක‍්‍රීඩාවෙන් අපිට පදක්කම් දිනන්න බැරිනම් ක‍්‍රිකට්, දැල්පන්දු, රග්බි, බැඞ්මින්ටන් වගේ දැන් ඉදිරියට එමින් සිටින ක‍්‍රීඩාවලට අපි අයෝජනය කරන්න සූදානම්.

මොකද මේ කියන ක‍්‍රීඩා ඉසව්වලින් අපි දැන් ගොඩක් ඉදිරියට එමින් තිබෙනවා. පදක්කම් දිනනවා නම් තවදුරටත් අත දිග හැරලා වියදම් කරන්න ක‍්‍රීඩා අමාත්‍යාංශ සූදානම් යයිද ඇමැතිවරයා පැවසීය.
මේ අතර ක‍්‍රීඩාවෙන් සමුගන්නා බව ප‍්‍රකාශ කර තිබෙන ආසියානු ශූරතා හෙල්ල විසිකිරීමේ රිදී පදක්කම් ලාභී සචිත් මධුරංග මෙම අවස්ථාවට සහභාගි නොවීය.

සචින්ගේ ත්‍යාග මුදල වන රුපියල් ලක්‍ෂ 10 ඔහුට ලබාදීම සඳහා ශ්‍රී ලංකා මලල ක‍්‍රිීඩා සංගමයට බාර දුන් අතර ඔහු නැවත තරග බිමට කැඳවා ගෙන ඒමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය දැරූ උත්සාහය මෙතෙක් සාර්ථක වී නැතැයිද වාර්තාවේ.

මුදල් ප‍්‍රදාන ලද ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ

  • ආසියානු හෙල්ල විසි කිරීම (කාන්තා හා පිරිමි) රිදි පදක්කම් දිනා ගැනීම වෙනුවෙන් සචිත් මධුරංග හා නදිකා ලක්මාලිට රුපියල් මිලියනය බැගින්
  • එහිදී මීටර 4X400 (පිරිමි) සහය දීවීමේ ලෝකඩ පදක්කම දිනා ගැනීම වෙනුවෙන් කසුන් කල්හාර සෙනවිරත්න, දුලාන් ප‍්‍රියශාන්ත, අංජන ගුණරත්න හා දිල්ෂාන් ආලෝකට රුපියල් ලක්‍ෂ හතර බැගින්
  • ලෝක යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියේදී ලෝකඩ පදක්කම දිනා ගැනීම වෙනුවෙන් ෂශික ඒකනායකට රුපියල් මිලියනයක්
  • දෙවැනි ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේදී මීටර 110 කඩුලූ රිදී පදක්කමක් දිනා ගැනීම වෙනුවෙන් අචිල රවිශංකට රුපියල් 750,000
  • එහිදී මීටර 400 කඩුලූ (පිරිමි) ලෝකඩ පදක්කම දිනා ගැනීම වෙනුවෙන් අනුරාධ විදුශංඛ රන්දුනුගේ මීටර 800 ( කාන්තා) ලෝකඩ පදක්කමක් දිනූ නිෂාන්ති දිල්හානි මීටර 400 (කාන්තා) ලෝකඩ පදක්කමක් දිනූ නිර්මාලි මධුෂිකා, මීටර 100 නිදහස් ආර (පිරිමි) පිිහිනුම් ලෝකඩ පදක්කමක් දිනූ මැතිව් අබේසිංහ ස්කොෂ් (කාන්තා) කේවල ලෝකඩ පදක්කමක් දිනූ මිහිලියා මෙත්සරණිට රුපියල් ලක්ෂ හතර බැගින්.
  • ආසියානු යොවුන් බර ඉසිලීමේ ශූරතාවලියෙදි ලෝකඩ පදක්කමක් දිනූ දිනුදා අබේසේකරට රුපියල් 30000 ක්
  • පදක්කම් දිනූ පුහුණුකරුවන් සඳහා ගෙවීම්
  • මලල ක‍්‍රීඩා පුහුණුකරු ඒ.ජේ. රුද්‍රිගු මහතාට රුපියල් ලක්‍ෂ 5 ක්
  • ස්කොෂ් පුහුණුකරු යෙස්මින් ෆාරුක් මහතාට රුපියල් ලක්‍ෂ හතරක්
  • බර ඉසිලීමේ පුහුණුකරු රුක්ෂාන් ගුණතිලක මහතාට රුපියල් 200,000 ක්
  • මලල ක‍්‍රීඩා පුහුණුකරු කේ.එන්.අයි. ජයසිංහ මහතාට රුපියල් 180000 ක්
  • මලල ක‍්‍රීඩා පුහුණුකරුවන් වන එල්.ආර්.එල්.පී.ඞී. ලියනගේ, ජනිත නදීෂාන් ජයසිංහ, කේ.එම්.ඩබ්.පී. පෙරේරා, සුසන්ත ප‍්‍රනාන්දු, සජිත් ජයලාල්, ලාල් විජේවික‍්‍රම, යෝගානන්ද විජේසුන්දර හා පිහිනුම් පුහුණුකරු මනෝජ් අබේසිංහ යන මහත්වරු වෙත රුපියල් ලක්‍ෂයක් බැගින්
  • බර ඉසිලීමේ පුහුණුකරු ඩන්කන් ජයසිංහ මහතාට රුපියල් 7500 ක්

හෙල්ල විසිකිරීමේ ශූරි නදීකා ලක්මාලි හා බර ඉසිලීමේ ශූර ශෂික ඒකනායක ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතා අතින් මුදල් ත්‍යාග ලබාගත් අයුරු. ක‍්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් අනුර ජයවික‍්‍රම, ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනී ජයකොඩි සහ ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු  එහි ලේකම් පේ‍්‍රමා පින්නවල යන මහත්ම මහත්මීහුද මෙහි වෙති.


අදහස් (1)

කී‍්‍රඩා ඇමතිගෙන් මලල කී‍්‍රඩාවට අනතුරු ඇඟවීමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.