Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නිදහස් චතුරස‍්‍රයේ සිට මීගමුව වෙරළ උද්‍යානය දක්වා අද (6 වැනිදා) පෙරවරුවේදී පැවැති කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ ශූරතාව දිනාගැනීමට කෙන්යාවේ ඇන්ටනි මූගුන්ඩුංගු සමත්විය. කිලෝ මීටර් 42.195 කින් යුක්තවූ පූර්ණ මැරතන් තරගය පැය 2 යි විනාඩි 21.01 කින් අවසන් කරමින් ඔහු එම ශූරතාවට හිමිකම් කීවේය.
මෙම තරගයට තරගකරුවෝ 3500 ක් පමණ දෙනා සහභාගි වූහ. ශී‍්‍ර ලංකා තරග කරුවන් අතුරින් ඉදිරියෙන්ම පැමිණි ඒ. එම්. අජිත් බණ්ඩාර පැය 2 යි විනාඩි 31.05 කින් තරගය නිමකරමින් සිවුවැනි ස්ථානය හිමිකරගත්තේය.
පූර්ණ මැරතන් තරගය අවසන් කළ කෙන්යාවේම ෆරිඩා ටූ ජෙප්කයිට් කාන්තා ශූරතාව දිනාගත් අතර ඇයට තරගය නිමා කිරීම සඳහා පැය 2 යි විනාඩි 48.11 ක කාලයක් ගතවිය. ශී‍්‍ර ලංකා කී‍්‍රඩිකාවන් අතර ඉදිරියෙන්ම පැමිණි අනුරාධි බෝගහවත්ත කාන්තා තරගයේ 3 වැනි ස්ථානය හිමිකරගත්තාය.
ඉකුත් වසරේ කාන්තා අංශයේ ජය හිමිකරගත් රුවිනා දීපානි වාර්තා කළ කාලයට (පැය 2 යි විනාඩි 55 යි තත්පර 47 යි) වඩා විනාඩි 7 යි තත්පර 36 ක් අඩුවෙන් ෆරිඩා තරගය අවසන් කළාය. එම ජයග‍්‍රහණ වෙනුවෙන් ඔවුන්ට ඇමරිකානු ඩොලර් 2500 ක මුදලක් සහ ගුවන් ප‍්‍රවේශපත‍්‍රයක් බැගින් පිරිනැමුන අතර එය ශ‍්‍රී ලංකා මුදලින් රුපියල් 330000 කට ආසන්න විය.
කෙන්යානු ජාතික ඇන්ටනී මූගුන්ඩුංගු මේ වන විට ජාත්‍යන්තර මැරතන් තරග 11 කට සහභාගීවී ඇති අතර ඉන් 7 ක්ම ජය ගැනීමට සමත්වී තිබේ. මෙය ඔහුගේ 8 වැනි ජාත්‍යන්තර මැරතන් ජය බව තරගයෙන් අනතුරුව ඔහු පැවසීය. ඉකුත් වසරේ දෙවැනියා ලෙස තරගය අවසන් කළ ශී‍්‍ර ලංකාවේ මැරතන් ශූර අජිත් බණ්ඩාරට මෙම තරගයේදී හිමිවූයේ සිව්වැනි ස්ථානයයි.
විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 75 කට ආසන්න ප‍්‍රමාණයක් සහභාගීවූ මෙම තරගය නිමා කළ පළමු කී‍්‍රඩකයන් දසදෙනා අතර ශ‍්‍රී ලාංකික කී‍්‍රඩකයන් 7 දෙනකුද, පළමු කී‍්‍රඩිකාවන් දසදෙනා අතර ශ‍්‍රී ලාංකික කී‍්‍රඩිකාවන් 7 දෙනකුද සිටීම කැපීපෙනෙන සිදුවීමක් විය.
තරගයට සහභාගීවූ විදෙස් කී‍්‍රඩික කී‍්‍රඩිකාවෝ ජපානය, මහා බි‍්‍රතාන්‍යය, ඕස්ටේ‍්‍රලියව, චීනය, පකිස්තානය, ඉන්දියාව, කෙන්යාව, කැනඩාව, මාලදිවයින, ඇමරිකාව, ඉතියෝපියාව, ජර්මනිය සහ නවසීලන්තය යන රටවල් නියෝජනය කළහ.
කිලෝ මීටර් 21.097 කින් සමන්විතවූ අර්ධ මැරතන් තරගයේ පිරිමි අංශයේ ශූරතාව දිනාගැනීමට කේ. ජී. සමන් කුමාරත්, කාන්තා අංශයේ ශූරතාව දිනාගැනීමට එචි. ඒ. හේමමාලිත් සමත්වූහ.
ප‍්‍රවීනයන්ට වෙන්වූ පූර්ණ මැරතන් තරගයේ පිරිමි අංශයේ ජය සුනිල් පේ‍්‍රමරත්නටත්, කාන්තා අංශයේ ජය කැතරින් හන්ටන්ටත් හිමිවිය.
අද උදෑසන (6 වැනිදා) 6.00 ට කොළඹ නිදහස් චතුරස‍්‍රය අසලින් ආරම්භවූ තරගය, බොරැල්ල, දෙමටගොඩ, පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇල ආසන්න මාර්ගය, පමුණුගම, තලාහේන, පිටිපන යන ස්ථාන පසුකර මීගමුව වෙරළ උද්‍යානයට පැමිණිමෙන් අවසන් විය.
ලංකා ස්පෝට්ස් රයිසන් සමාගම විසින් 13 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම කොළඹ මැරතන් තරගය ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ පූර්ණ අනුමැතිය සහ අධීක්ෂණය මත පැවැත්විණ. තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශි‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කළේය.
පිරිමි පූර්ණ මැරතන් තරගයේ ප‍්‍රතිඵල
1 ඇන්ටනී මූගු න්ඩුංගු (කෙන්යාව) - 2 : 21 . 01
2 එලීජා යටෝර් කිප්කෙමොයි (කෙන්යාව) - 2 : 27 . 19
3 ඬේවිඞ් චෙප්ක්වෝනි (කෙන්යාව) - 2 : 30 . 01
4 ඒ. එම්. අජිත් බණ්ඩාර (ශී‍්‍ර ලංකාව) - 2 : 31 . 05
5 ඩබ්. ඒ. එස්. චන්ද්‍රපාල (ශී‍්‍ර ලංකාව) - 2 : 37 . 05
6 පී. ජී. විජේපාල (ශී‍්‍ර ලංකාව) - 2 : 41 . 58
7 ඞී. එම්. පී. බණ්ඩාර (ශී‍්‍ර ලංකාව) - 2 : 43 . 08
8 මංජුල විජේරත්න (ශී‍්‍ර ලංකාව) - 2 : 45 . 19
9 එල්. ඒ. රංජිත් (ශී‍්‍ර ලංකාව) - 2 : 45 . 21
10 කේ. එම්. ලක්සිරි (ශී‍්‍ර ලංකාව) - 2 : 46 . 50
කාන්තා පූර්ණ මැරතන් තරගයේ ප‍්‍රතිඵල
1 ෆරිඩා ටූ ජෙප්කයිට් (කෙන්යාව) - 2 : 48 . 11
2 එවර්ලින් ඇටෙන්්චා (කෙන්යාව) - 2 : 52 . 13
3 බී. ජී. බෝගහවත්ත (ශී‍්‍ර ලංකාව) - 2 : 57 . 45
4 වී. කි‍්‍රෂාන්ති (ශී‍්‍ර ලංකාව) - 2 : 59 . 41
5 ටිස්ගේ ටඬේසී මෙන්ජිස්ටු (ඉතියෝපියාව) - 3 : 03 . 25
6 එස්. ලමාහේවගේ (ශී‍්‍ර ලංකාව) - 3 : 04 . 41
7 දම්මිකා මල්කාන්ති (ශී‍්‍ර ලංකාව) - 3 : 07 . 07
8 එම්. එස්. පෙරේරා (ශී‍්‍ර ලංකාව) - 3 : 14 . 24
9 එම්. ඒ. ප‍්‍රනාන්දු (ශී‍්‍ර ලංකාව) - 3 : 25 . 48
10 රුවනි නිසංසලා (ශී‍්‍ර ලංකාව) - 3 : 39 . 24
පිරිමි අර්ධ මැරතන් තරගයේ ප‍්‍රතිඵල
1 සමන් කුමාර (ශී‍්‍ර ලංකාව) - 1 : 08 . 51
2 එරන්ද තෙන්නකෝන් (ශී‍්‍ර ලංකාව) - 1 : 11 . 31
3 නිමල් විජිත බණ්ඩාර (ශී‍්‍ර ලංකාව) - 1 : 11 . 33
4 ශිෆ්රාස් මොහොමඞ් (මාලදිවයින) - 1 : 12 . 26
5 ඩිලාන් සඳරුවන් (ශී‍්‍ර ලංකාව) - 1 : 13 . 54
කාන්තා අර්ධ මැරතන් තරගයේ ප‍්‍රතිඵල
1 එච්. ඒ. හේමමාලි (ශී‍්‍ර ලංකාව) - 1 : 22 : 02
2 බී. ජී. ඒකනායක (ශී‍්‍ර ලංකාව) - 1 : 32 . 01
3 නිමේෂා නිදර්ෂණී (ශී‍්‍ර ලංකාව) - 1 : 36 . 01
4 සෞම්යා උදයකාන්ති (ශී‍්‍ර ලංකාව) - 1 : 38 . 06
5 කල්පනී ශෂිකලා (ශී‍්‍ර ලංකාව) - 1 : 42 . 4
(ඡයාරූප : රොමේෂ් ධනුෂ්ක ද සිල්වා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.