Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner කොළඹ මැරතන් තරගය ඔක්තෝබර් 6 දා

කොළඹ මැරතන් තරගය ඔක්තෝබර් 6 දා

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගයේ 13 වැනි අදියර, දෙස් විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් රැසකගේ සහභාගීත්වයෙන් ලබන ඔක්තෝම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිතය.

මෙම තරගය පිරිමි සහ කාන්තා යන අංශ දෙකෙන්ම පැවැත්වෙන අතර විවෘත මැරතන් තරගය, විවෘත අර්ධ මැරතන් තරගය, වයස 50 ට ඉහළ ප‍්‍රවීනයන්ගේ පූර්ණ මැරතන් තරගය, වයස 50 ට ඉහළ ප‍්‍රවීණයන්ගේ අර්ධ මැරතන් තරගය, පූර්ණ විනෝදාස්වාද ධාවන තරගය සහ අර්ධ විනෝදාස්වාද ධාවන තරගය වශයෙන් කාණ්ඩ 6 ක් ඊට ඇතුළත්වේ.

මෙහි පූර්ණ මැරතන් තරගයේ මුළු දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 42.195 ක් වන අතර අර්ධ මැරතන් තරගයේ දුර කිලෝ මීටර් 21.097 කි.
පූර්ණ විනෝදාස්වාද ධාවන තරගය කිලෝ මීටර් 10 කින් සමන්විත වන අතර අර්ධ විනෝදාස්වාද ධාවන තරගය කිලෝ මීටර් 5 කින් සමන්විතවේ.

ඔක්තෝබර් 6 වැනිදා පෙරවරු 6.00 ට කොළඹ නිදහස් චතුරස‍්‍රය අසලින් ආරම්භ වන මෙම මැරතන් තරගය, බොරැුල්ල, දෙමටගොඩ,  පෑලියගොඩ, වත්තල, හැමිල්ටන් ඇල ආසන්න මාර්ගය, පමුණුගම, තලාහේන, පිටිපන, ¥ව යන ස්ථාන පසුකර ගොස් මීගමුව වෙරළ උද්‍යානයට පැමිණිමෙන් අවසන්වේ.

මෙවර තරගය සඳහා කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සංඛ්‍යාව 5000 ක් පමණ සහභාගි වෙතැයි අපේක්‍ෂා කෙරෙන අතර මේ වන විටත් ඉන් හරි අඩකට වඩා තරගය සඳහා ලියාපදිංචිවී තිබේ.

එම තරගකරුවන් අතර විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 75 ක් පමණ සිටින අතර ඔවුහු ජපානය, මහා බි‍්‍රතාන්‍යය,  ඕස්ටේ‍්‍රලියව, චීනය, පකිස්තානය, ඉන්දියාව, කෙන්යාව, කැනඩාව, මාලදිවයින, ඇමරිකාව, ඉතියෝපියාව, ජර්මනිය සහ නවසීලන්තය යන රටවල් නියෝජනය කරති.

තරගයේ ප‍්‍රධානම කාණ්ඩය වන විවෘත පූර්ණ මැරතන් තරගයේ ජයග‍්‍රාහකයාට සහ ජයග‍්‍රාහිකාවට ඇමරිකානු ඩොලර් 2,500 ක මුදලක් සහ ගුවන් ප‍්‍රවේශපත‍්‍රයක් පිරිනැමීමට සංවිධායක මණ්ඩලය සූදානමින් සිටී. ත්‍යාග මුදල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 330,000 කට ආසන්න වේ.
දෙවැනි ස්ථානයට ඇමරිකානු ඩොලර් 1,500 ක්ද, තෙවැනි ස්ථානයට ඇමරිකානු ඩොලර් 1,000 ක්ද, පිරිනැමෙන අතර සිව්වැනි සහ පස්වැනි ස්ථාන වලට පිළිවෙළින් ඇමරිකානු ඩොලර් 500 ක් සහ 250 ක් බැගින් තිළිණ කෙරේ.

පසුගිය වසරේ පැවති කොළඹ ජාත්‍යන්තර මැරතන් තරගය සඳහා සහභාගිවූ තරගකරුවන් සංඛ්‍යාව 3317 කි. ඊට විදෙස් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 73 ක්ද ඇතුළත් වූහ.

පැය 2, මිනිත්තු 26, තත්පර 40 කින් තරගය අවසන් කළ කෙන්යාවේ ජෙෆ්රි බර්ජන් එම තරගය ජයගතතේය. එහි දෙවැනි ස්ථානය දිනාගත්තේ පැය 2, මිනිත්තු 28 කින් තරගය අවසන් කළ ශ්‍රී ලංකාවේ අජිත් බණ්ඩාරයි. ශ්‍රී ලංකාවේ රුචිනා දීපානි පසුගිය වසරේදී තරගය අවසන් කළ ප‍්‍රථම කාන්තාව වූවාය. ඇයට තරගය අවසන් කිරීමට පැය 2, මිනිත්තු 55, තත්පර 47 ක කාලයක් ගතවිය.

ලංකා ස්පෝට්රයිසන් සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන කොළඹ මැරතන් තරගය 1998 වසරේ ආරම්භ කරන ලද්දකි. එදා මෙදාතුර මෙම ජාත්‍යන්තර මැරතන් තරගයේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස ශි‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම කටයුතු කරයි. මෙම මැරතන් තරගය ශී‍්‍ර ලංකා මලල කී‍්‍රඩා සංගමයේ පූර්ණ අනුමැතිය සහ අධීක්‍ෂණය මත පැවැත්වෙන්නකි.

ඡයාරූපය -: ගයාන් අමරසේකර


අදහස් (0)

කොළඹ මැරතන් තරගය ඔක්තෝබර් 6 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.