Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ගම්පහ මලල කී‍්‍රඩා පුහුණු කඳවුර අරඹෙයි

ගම්පහ මලල කී‍්‍රඩා පුහුණු කඳවුර අරඹෙයි

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 24 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

 

ගම්පහ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩකයින් සහ පුහුණුකරුවන් සඳහාවන පුහුණු කඳවුරක් අද (24) පෙරවරුවේ ගම්පහ ශ්‍රී බෝධි කී‍්‍රඩාංගණයේදී ආරම්භ කෙරිණි.

ඕස්ටේ‍්‍රලියාවේ ජාතික කී‍්‍රඩා වැඩසටහනේ කළමාකාරිණී හා ජාත්‍යන්තර මලලකී‍්‍රඩා සම්මේලනයේ පස්වැනි තලයේ පුහුණු වැඩසටහනේ දේශිකා ජිල් ටේලර් මහත්මියගේ මෙහෙයවීම යටතේ සිව් දිනක් පුරා මෙම පුහුණු කඳවුර පැවැත්වෙනු ඇත.

ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව පැවැත්වෙන මෙම කඳවුර දේශන, පුහුණු සැසි මෙන්ම ප‍්‍රායෝගික කි‍්‍රයාකාරකම් වලින්ද සමන්විත වන අතර ඒ සඳහා මලල කී‍්‍රඩා පුහුණුකරුවන් විවිධ වයස් කාණ්ඩවල මලල කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් සහ අවුරුදු 9-14 වයසේ කුඩා දරුවන්ටද සහභාගී කරවා ගැනෙන බව ගම්පහ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ ලේකම් චන්දන වන්නිආරච්චි මහතා පැවසීය.

මෙම වැඩසටහනෙහි සමාරම්භක අවස්ථාවට ජිල්ටේලර් මහත්මිය ප‍්‍රධාන ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ උප ලේකම් බර්නාඞ් පෙරේරා, එම සංගමයේ අනුශාසක තිලක් වීරසිංහ, ප‍්‍රධාන අනුග‍්‍රාහක විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී (වෙළඳනාම) සුජිත් පතිරන්නැහැ, අනුග‍්‍රාහක රන්වැලි හෝටලයේ සාමාන්‍යාධිකාරී මේජර් ජෙනරාල් අයිවන් දසනායක, ගම්පහ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ උප සභාපති ගාමිණී කොස්තා, ගම්පහ දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගමයේ ලේකම් චන්දන වන්නිආරච්චි, දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලීය පරිපාලන නිලධාරී ජේ. පේ‍්‍රමසිරි යන මහත්වරුද සහ ගම්පහ දිස්ති‍්‍රක් මලලකී‍්‍රඩා සංගමයේ කමිටු සාමාජිකයෝද සහභාගී වී සිටියහ.

දිස්ති‍්‍රක් මලලකී‍්‍රඩා සංගමය සහ ගම්පහ දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලීය කී‍්‍රඩා අංශය විසින් මෙම පුහුණු කඳවුර සංවිධානය කර ඇත.


ඡයාරූප : ගම්පහ තිලකරත්න දිසානායක

 


අදහස් (1)

ගම්පහ මලල කී‍්‍රඩා පුහුණු කඳවුර අරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.