Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner ගේට්වේ කී‍්‍රඩිකාවන්ගෙන් නව වාර්තා දෙකක්

ගේට්වේ කී‍්‍රඩිකාවන්ගෙන් නව වාර්තා දෙකක්

සංජය එරමුදුගොඩ - 2016 මාර් මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේදී අද (4)  ආරම්භ වු 16 වැනි ජාත්‍යන්තර පාසල් මලල ක‍්‍රීඩා තරගාවලියේදී නව තරගාවලි වාර්තා දෙකක් පිහිටුවීමට සදීපා හෙන්ඩර්සන් සහ හංසනී ලියනආරච්චි     සමත්වුහ. වාර්තා පිහිටුවමින් දස්කම් පෑ සදීපා සහ හංසනී දෙදෙනාම කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ක‍්‍රීඩිකාවෝ වෙති.

සදීපා, වයස 15 න් පහළ බාලිකා දුර පැනීමේ ඉසව්වේදී මීටර 4.97 ක දුරක් පනිමින් නව තරගාවලි වාර්තාවක් පිහිටුවුවාය. ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දිලිනි ගෝමස් 2014 වසරේදී මීටර 4.88 ක් වු තරගාවලි වාර්තාව අභිබවා යාමට සදීපා මෙවර සමත්වුවාය.

සඳුනි මුතුකුමාරණ (මිටර 4.60) සහ හිරුණි විජේසිංහ (මීටර 4.46)  මෙවර එම ඉසව්වේ දෙවැනි සහ තෙවැනි ස්ථාන හිමිකර ගත්හ.

සදීපා හෙන්ඩර්සන්, දුර පැනීමට පමණක් නොව මීටර 200 සහ මීටර 100 ඉසව්වලට ද සහභාගිවන ක‍්‍රීඩිකාවකි. ඇය පසුගිය වසරේ පැවැති ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ මෙම ඉසව් තුනම නියෝජනය කරමින් ජය ලබා 14 න් පහළ වයස් කාණ්ඩයේ දක්ෂතම ක‍්‍රීඩිකාව ලෙස ද සම්මාන දිනා තිබේ.

සදීපා, ජාතික කනිෂ්ඨ මලල ක‍්‍රීඩා තරගාවලියේ මීටර 100 ඉසව්වේ තුන්වැනි ස්ථානය දිනා ගැනීමට ද සමත්ව ඇත.

හංසනී ලියනආරච්චි වයස 20 න් පහළ හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් තරගාවලි වාර්තාව පිහිටුවුවාය. හංසනී සිය ඉසව්වේදී මීටර 26.46 ක දක්ෂතාවක් දැක්වුවාය. කොළඹ ජාත්‍යන්තර පාසලේ මහේෂි විජේසේකර (මීටර 23.46) වසර 2011 දී පෙර වාර්තාව පිහිටුවා තිබුණි.

ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමුහයේ සම්බන්ධීකරණ විදුහල්පතිනී කුමාරි ගේ‍්‍රරු මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් තරගාවලියේ සමාරම්භක උත්සවය අද පැවැත්විණ. ජාත්‍යන්තර පාසල් 24 කින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 3000 කට අධික පිරිසක් සහභාගිවන මෙම තරගාවලියේ පැවැත්වෙන ඉසව් ගණන 130 කි.

ඉරිදා පස්වරු 4.00 ට පැවැත්වෙන තරගාවලියේ සමාප්ති උත්සවය වරාය හා නාවික කටයුතු ඇමැති අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල විසින් මෙවර තරගාවලියේ සංවිධාන කටයුතු කරනු ලබයි.


(ඡායාරූපය: සජීක ජයසිංහ)

 


අදහස් (0)

ගේට්වේ කී‍්‍රඩිකාවන්ගෙන් නව වාර්තා දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.