Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල 7 වැනි වරටත් සංවිධානය කරන ජාත්‍යන්තර පාසල් මලල කී‍්‍රඩා තරගාවලිය අද (4 වැනිදා) සිට 6 වැනිදා දක්වා දියගම මහින්ද රාජපක්ෂ කී‍්‍රඩාංගණයේදී පැවැත්වේ.
ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සම්මේලනයට අයත් ප‍්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාසල් 24 ක කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් 3000 කට අධික පිරිසක් සහභාගි වන මෙම තරගාවලියේදී වයස 7 න් පහළ, වයස 9 න් පහළ, වයස 11 න් පහළ, වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ, වයස 19 න් පහළ, වයස 20 න් පහළ බාලක සහ බාලිකා වශයෙන් තරග ඉසව් 130 ක් පැවැත්වේ.
තරගාවලියේ තාක්ෂණික කටයුතු සඳහා ශ්‍රී ලංකා ආධුනික මලල කී‍්‍රඩා සම්මේලනයේ සුදුසුකම්ලත් තාක්ෂණික නිලධාරීහු 300 ක් පමණ සහභාගි වෙති.
ඉකුත් වසරේ පැවැති තරගාවලියේ ශූරතාවත් සමග පිට පිට 7 වතාවක් මෙම තරගාවලියේ ශූරතාව දිනාගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල සමත් වී තිබේ.
තරගාවලියේ සමාරම්භක උළෙල 4 වැනිදා පෙරවරු 7.30 ට ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහයේ සම්බන්ධීකරණ විදුහල්පතිනි කුමාරි ගේ‍්‍රරු මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ති උළෙල 6 වැනිදා පස්වරු 4.00ට වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙවර තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස එඩෙක්සෙල් සමාගම කටයුතු කරන අතර මැක්ඩොනල්ස් සමාගම එහි සම අනුග‍්‍රාහකයා ලෙස කටයුතු කරයි. සොල්ටී‍්‍රම්, සිලෝන් බිස්කට්, හයිඩ‍්‍රාමනි සහ මොබිටෙල් යන සමාගම් සහ ආයතන සෙසු අනුග‍්‍රාහකයන් ලෙස කටයුතු කරයි. තරගාවලියේ මුද්‍රිත මාධ්‍ය අනුග‍්‍රහය විජය පුවත්පත් සමාගමෙනි.
තරගාවලියට සහභාගිවන ජාත්‍යන්තර පාසල්
ආසියානු ජාත්‍යන්තර පාසල, ඇලීතියා ජාත්‍යන්තර පාසල, බි‍්‍රතාන්‍ය ජාත්‍යන්තර පාසල, බීවර් ජාත්‍යන්තර පාසල, බෘහානි සෙරන්ඞීබ් ජාත්‍යන්තර පාසල, කොළඹ ජාත්‍යන්තර පාසල (කොළඹ), කොළඹ ජාත්‍යන්තර පාසල (මහනුවර), කොලේජ් ඔෆ් වර්ල්ඞ් එඩියුකේෂන්, එලිසබස් මෝයර් ජාත්‍යන්තර පාසල, ගේට්වේ ජාත්‍යන්තර පාසල (කොළඹ), ගේට්වේ ජාත්‍යන්තර පාසල (මහනුවර), ඉල්මා ජාත්‍යන්තර පාසල, ලීඞ්ස් ජාත්‍යන්තර පාසල, ලයිසියම් ජාත්‍යන්තර පාසල (නුගේගොඩ), ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල), ලයිසියම් ජාත්‍යන්තර පාසල (පානදුර), ලයිසියම් ජාත්‍යන්තර පාසල (රත්නපුර), ලේඞ්න් පාර්ක් ජාත්‍යන්තර පාසල, ඕ. කේ. අයි. ජාත්‍යන්තර පාසල, ඕවර්සීස් ජාත්‍යන්තර පාසල, රීජන්ට් ජාත්‍යන්තර පාසල, රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල, ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසල සහ චිචර්ලි ජාත්‍යන්තර පාසල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.