Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner දෙවැනි දිනයේදී නව තරග වාර්තා 3 ක්

දෙවැනි දිනයේදී නව තරග වාර්තා 3 ක්

ශනුක අරවින්ද - 2018 ඔක් මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අනුරාධපුරයේදී පැවැත්වෙන 47 වැනි ශ්‍රීමත් ජෝන් ටාබට් කනිෂ්ට පාසල් මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි දිනයේදී නව තරග වාර්තා තුනක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ.

රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයේ ටී.ඕ.වී. ආරියවංස බාලක වයස 15 න් පහළ මීටර 80 කඩුලු පැන දිවීමේ ඉසව්වෙන් නව තරග වාර්තාවක් බිහිකිරීමට සමත් විය.

මීගමුව ආවේ මරියා කන්‍යාරාමයේ එල්. සෙව්මිණි නතාලි බාලිකා වයස 15 න් පහළ යගුලිය විසි කිරීමේ ඉසව්වෙන්ද, පානදුර යහපත් එඬේරාගේ කන්‍යාරාමයේ එල්.එම්. ශිහාරා සදමිනි බාලිකා වයස 12 න් පහල දුර පැනීමේ ඉසව්වෙන්ද නව තරග වාර්තා පිහිටවූහ.

එම වාර්තා වලට අමතරව රත්නපුර සුමනා බාලිකා විද්‍යාලයේ එස්. දහම්සා කහන්ගම බාලිකා වයස 15 න් පහළ මීටර 80 කඩුලු පැන දිවීමේ ඉසව්වේ පෙර තරග වාර්තාව සම කිරීමට සමත් වූවාය.

රිට්ස්බරි සමාගමේ අනුග්‍රහයෙන් පැවැත්වෙන මෙම තරගාවලිය හෙටින් (19 වැනිදා) නිමාවට පත්වේ.

 

 

-036


අදහස් (0)

දෙවැනි දිනයේදී නව තරග වාර්තා 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.