Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වෙන ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියේ අවසන් දිනය වන අද (18 වැනිදා) හෙල්ල විසිකිරීමේ කාන්තා ඉසව්වේදී ශී‍්‍ර ලංකාව නියෝජනය කළ නදීකා ලක්මාලි එම ඉසව්වේ 12 වැනි ස්ථානයට පත්වූවාය.
උත්සාහයන් තුනකදීම සාර්ථක වූ ලක්මාලිගේ අද දිනයේ හොඳම දස්කම වූයේ මීටර 58.16 ක් හෙල්ල විසිකිරීමයි. තවත් අවස්ථා දෙකකදී මීටර 55.10 ක් සහ මිටර 55.77 ක් ලෙස හෙල්ල විසිකිරීමට ඇය සමත් වූවාය.
කෙසේ වෙතත් ඇයගේ හොඳම දක්‍ෂතාව වන මීටර 60.64 ක දුරක් හෙල්ල විසිකළ හැකිවූයේ නම් ලෝකයේ හොඳම කී‍්‍රඩිකාවන් අතර 10 වැනි ස්ථානය හිමිකරගැනීමේ අවස්ථාව නදීකාට තිබිණ.
අවසන් වටයේදී තරග කළ කී‍්‍රඩිකාවන් 12 දෙනාටම උත්සාහයන් 3 ක් බැගින් දීමෙන් පසුව ඒවායින් හොඳම දස්කම් දැක්වූ කී‍්‍රඩිකාවන් 6 දෙනාට තවත් උත්සාහයන් දෙකක් බැගින් ලැබිණ.
මීටර 69.05 ක දුරක් හෙල්ල විසිකළ ජර්මනියේ කි‍්‍රස්ටිනා ඔබර්ගොෆෙල් මෙම ඉසව්වේ රන් පදක්කම දිනාගත් අතර ඕස්ටේ‍්‍රලියාවේ කිම්බර්ලි මික්ල් (මීටර 66.60) සහ රුසියාවේ මාරියා අබකුමෝවා (මීටර 65.09) පිළිවෙලින් රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම හිමිකරගත්හ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.