Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner නිමාලිගෙන් මීටර 800 නව තරග වාර්තාවක්

නිමාලිගෙන් මීටර 800 නව තරග වාර්තාවක්

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 02 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන 39 වැනි ජාතික මහා ක‍්‍රීඩා උළෙලේදී මීටර 800 (කාන්තා) ඉසව්ව විනාඩි 2 තත්ත්පර 6.65 කට නිම කරමින් තරග වාර්තාවක් පිහිටුවීමට දකුණු පළාත නියෝජනය කරන ඩබ්.කේ.එල්.ඒ. නිමාලි අද (02 වැනිදා) සමත් වූවාය.

වසර 2012 දී එන්.එම්.සී. දිල්රුක්ෂි විනාඩි 2 තත්ත්පර 7.10 කට පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව නිමාලි විසින් බිඳ දමන ලදී. තණකොළ සහිත ධාවන පථයකින් සමන්විත ජයතිලක ක‍්‍රීඩාංගණයේදී නිමාලි දැක්වූ දස්කම් කැපී පෙනෙන්නේ කෘති‍්‍රම ධාවන පථයක් නොවන ධාවන පථයකදී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ දස්කම් වඩාත් පහළ මට්ටමකට පැමිණෙන බැවිනි.

මෙම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව වසර 23 ක් තිස්සේ හිමිකරගෙන සිටින්නේ හිටපු ප‍්‍රවීනතම මැදි දුර ධාවන ශූරියක් වන ධම්මිකා මැණිකේ විසිනි. 1992 දී විනාඩි 2 තත්ත්පර 03.85 කට එහි ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබේ.

මලල ක‍්‍රීඩා අවසන් තරග 12 ක් ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. රිටි පැනීමේ ක‍්‍රීඩක එල්.ඒ.ආර්.කේ.කේ. බාලසූරිය මීටර් 4.62 කට ඔහුගේ හොඳම දක්ෂතාව පෙන්වමින් රන් පදක්කම දිනා ගත්තේය.

මේ අතර ජයතිලක ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේදී පැවැති දැල්පන්දු අවසන් මහා තරගය ජයගත් බස්නාහිර පළාත් කණ්ඩායම එහි රන් පදක්කම දිනා ගත්තේය. අවසන් මහා තරගයෙන් ලකුණු 65-42 ක ජයක් අත්කර ගත් බස්නාහිර පළාත් පිලට ජාතික මට්ටමේ ක‍්‍රීඩිකාවෝ වැඩිදෙනෙක් අයත් වූහ. බස්නාහිර පළාත් කණ්ඩායමට පරාජය වූයේ දකුණු පළාත් කණ්ඩායමය.

දැල්පන්දු රන් පදක්කම වසර ගණනාවක් තිස්සේ දිනා ගැනීමට බස්නාහිර පළාත සමත්ව සිටියි.
අද (3) ක‍්‍රීඩා උළෙලේ අවසන් දිනය වන අතර සමාප්ත උත්සවය අද පස්වරු 3 ට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වේ. අද දිනයේදීත් මලල ක‍්‍රීඩා ඉසව් 16 ක් පැවැත්වීමට නියමිතය.

අද පැවැත්වෙන ඉසව් අතර හෙල්ල විසිකිරීම කාන්තා ඉසව්ව වඩාත් කැපී පෙනේ. පසුගියදා පැවැති ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේදී 12 වැනි ස්ථානයට පත්වූ නදීකා ලක්මාලි අද තරග වදින්නීය.

මෙවර ක‍්‍රීඩා උළෙලේ දක්ෂතම මලල ක‍්‍රීඩකයාට හෝ ක‍්‍රීඩිකාවට මෝටර් රථයක් තිළිණ කෙරේ. රිටි පැනීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටවූ අනෝමා කරුණාවංශ ඒ සඳහා ඊයේ වන විටත් නිර්දේශ වී සිටියාය.

රන් පදක්කම් 74 ක් ඊයේ වන විට දිනා සිටි බස්නාහිර පළාත මෙවරත් ක‍්‍රීඩා උළෙලේ සමස්ත ශූරතාව දිනා ගැනීමේ ලකුණු දක්වමින් සිටියේය.

 

 

 

 


මලල ක‍්‍රීඩා තරග ප‍්‍රතිඵල

මීටර 800 (පිරිමි)
1. පී.එච්. චමල් (දකුණ විනාඩි 1 තත්ත්පර 52.47)
2. ඩබ්ලිව්.ජී.එන්.එස්.කේ. විජේන්ද්‍ර (මධ්‍යම 1.57.7)
3. ඞී.එම්.ටී.එස්.කේ. දිසානායක (ඌව 1.53.5)

යගුලිය විසි කිරීම (පිරිමි)
1. ඒ.ජී.ඞී. පෙරේරා (නැගෙනහිර මීටර 14.85)
2. ප‍්‍රභාත් ධනුෂ්ක පෙරේරා (බස්නාහිර 13.75)
3. එම්.ජී.ටී.අයි. ද සිල්වා (බස්නාහිර 13.61)

දුර පැනීම (පිරිමි)
1. ඞී.ඒ.ජී.ජේ.පී. විමලසිරි (මධ්‍යම මීටර 7.49)
2. ඩබ්ලිව්.ඒ.සී. ජයසිරි (වයඹ 7.28)
3. සුධීර නිලංග (බස්නාහිර 7.20)

හෙල්ල විසිකිරීම (පිරිමි)
1. එල්.ඒ.ආර්.කේ.කේ. බාලසූරිය (වයඹ මීටර 4.62)
2. එම්.ටී. සම්පත් (වයඹ 4.40)
3. එම්.එම්.අයි. සඳරුවන් (බස්නාහිර 4.40)

මීටර 800 (කාන්තා)
1. ඩබ්ලිව්.ඒ.කේ.එල්. නිමාලි (දකුණ විනාඩි 2 තත්ත්පර 06.65)
2. ජී.ටී.ඒ. අබේරත්න (දකුණ 2.07.31)
3. ඩබ්ලිව්.පී.ඊ.ආර්. දුලක්ෂණී (දකුණ 2.12-11)
නව තරග වාර්තාවකි.

 

- ඡයාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා


අදහස් (1)

නිමාලිගෙන් මීටර 800 නව තරග වාර්තාවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.