Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (5) ආරම්භ වූ තෙවන දකුණු ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනය අවසානයේ නව තරග වාර්තා 10ක් සමගින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත් විය. ඉන්දියාව රන් පදක්කම් 11 ලබා ගනිද්දී ශ්‍රී ලංකාවට පළමු දිනය අවසානයේ ලබා ගත හැකි වූයේ රන් පදක්කම් 5ක් පමණි.
මීටර 400 කාන්තා ප්‍රථම ස්ථානය - ශ්‍යාමලී කුමාරසිංහ |
ශ්‍රී ලංකාව නියෝජනය කළ අරුණ දර්ශන මීටර් 400 ධාවන ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිටුවමින් එහි රන් පදක්කම දිනා දීමට සමත් විය. ඔහු තප්පර 46.55 කින් තරගය නිමා කරද්දී වෙනත් කිසිදු රටක ක්‍රීඩකයෙකු මීටර් 400 තරග ඉසව්වෙන් පළමු ස්ථාන කරා ලඟාවීමට අවස්ථාව ලබා නොදුන් ශ්‍රී ලංකාව එහි දෙවන හා තෙවන ස්ථානද දිනා ගත්තේය.
3 වන දකුණු ආසියා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 100 ධාවන ඉසව්වෙන්ද නව තරග වාර්තාවක් පිහිටවූ ශ්‍රී ලංකාවේ අමාෂා ද සිල්වා තප්පර 11.92කින් තරගය නිමා කළේ රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනා දෙමිනි. එහි දෙවන ස්ථානය ඉන්දියාවේ චයිත්‍රාලි කාලිදාස් ගුජාර් දිනා ගත් අතර ශ්‍රී ලංකාවේ ශෙලින්ඩා ජැන්සන්ට තෙවන ස්ථානයෙන් සෑහීමට සිදු විය.
කාන්තා මීටර 400 අවසන් තරගයේදී ඉන්දියාවේ සුභා වෙන්කටිසන් පරාජයට පත් කළ ශ්‍රී ලංකාවේ ශ්‍යාමලී කුමාරසිංහ රන් පදක්කම දිනා ගත්තේ තප්පර 54.47 කින් නව තරග වාරථාවක්ද පිහිටුවමිනි.
උස පැනිමේ තරග ඉසව්වෙන් මීටර 2.04 දක්ෂතාවයක් පෙන්නුම් කළ තරිදු දසුන් ශ්‍රී ලංකාවට රන් පදක්කම දිනා දෙද්දී එම ඉසව්වෙන්ම තරග වැදී එස්. ටී අමරසිංහ රිදී පදක්කමද දිනා දුන්නේය.
අද දිනයේ අවසන් තරග ඉසව්ව ලෙස පැවති කාන්තා මීටර් 100 × 4 සහය දිවිමේ තරග ඉසව්වෙන් නව තරග වාර්තාවක්ද ( තප්පර 46.23 ) සමග රන් පදක්කම දිනා දීමට ශ්‍රී ලංකාවට අද හැකි විය.
පිරිමි මීටර 100 × 4 ඉසව්ව ආරම්භ වී මීටර 300 පමණ දුරක් ධාවනය වුවත් ශ්‍රී ලංකාවේ අවාසනාවට තෙවන හුවමාරු ක්‍රීඩකයගෙන් එය ගිලිහී යාම නිසා බලාපොරොත්තුවෙන් සිටි රන් පදක්කම ඉන්දියාවට පූජා කිරීමට සිදු විය.
අද දිනයේ සමස්ථ තරග ප්‍රතිඵල අනුව ඉන්දියාව රන් 11ක්, රිදී 10ක් සහ ලෝකඩ 3ක් සමග පදක්කම් 24 දිනා පදක්කම් සටහනේ පෙරමුණේ පසුවෙයි. ශ්‍රී ලංකාව රන් 5ක්, රිදී 6ක් සහ ලෝකඩ 10ක් සමග සමස්ථ පදක්කම් 21 දිනා ගනිමින් මෙහි දෙවන ස්ථානයේ රැඳී සිටින අතර අනෙත් කිසිදු රටකට රන් පදක්කමක් දිනා ගැනීමේ අවස්ථාවක් හිමි නොවීය.
බංගලාදේශය කාන්තා මීටර 100 × 4 තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගනිද්දී පකිස්තානය පිරිමි මීටර 100 × 4 තරග ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගත්තේය. මාලදිවයිනටද මෙම තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි විය.
හෙට තරගාවලියේ අවසන් දිනය වන අතර ශ්‍රී ලංකාව තවත් රන් පදක්කම් කිහිපයක බලාපොරොත්තු ඇතිව තරගයට අවතීර්ණ වනු ඇත.
පළමු දිනය අවසානයේ තරග ප්‍රතිඵල
■ හෙල්ල විසි කිරීම (පිරිමි)
පළමු ස්ථානය - අර්ෂදීප් සිං ( ඉන්දියාව ) - මීටර් 71.47 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - ප්‍රගති ප්‍රසන්න රණවක ( ශ්‍රී ලංකාව ) - මීටර් 61.71
තෙවන ස්ථානය - අංජන ෆොන්සේකා ( ශ්‍රී ලංකාව ) - මිටර් 60.47
■ දුර පැනීම ( පිරිමි )
පළමු ස්ථානය - ලෝකේෂ් සත්‍යනාදන් ( ඉන්දියාව ) - මීටර් 7.74 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - රිෂාබ් රිෂිෂ්වර් ( ඉන්දියාව ) - මීටර් 7.43
තෙවන ස්ථානය - ප්‍රමෝද් මධුභාෂ ( ශ්‍රී ලංකාව ) - මීටර් 7.02
■ දුර පැනීම ( කාන්තා )
පළමු ස්ථානය - පුනීතා රමාසාමි ( ඉන්දියාව ) - මීටර් 5.95
දෙවන ස්ථානය - රිද්මා නිෂාදි ( ශ්‍රී ලංකාව ) - මීටර් 5.91
තෙවන ස්ථානය - නෙත්මි මේඝවර්ණ ( ශ්‍රී ලංකාව ) - මීටර් 5.67
■ උස පැනීම ( පිරිමි )
පළමු ස්ථානය - තරිදු දසුන් ( ශ්‍රී ලංකාව ) - මීටර් 2.04
දෙවන ස්ථානය - ගුර්ජිට් සිං ( ඉන්දියාව ) - මීටර් 2.00
දෙවන ස්ථානය - එස්.ටී අමරසිංහ ( ශ්‍රී ලංකාව ) - මීටර් 2.00
■ කවපෙත්ත විසි කිරීම ( පිරිමි )
පළමු ස්ථානය - අජේ ( ඉන්දියාව ) - මීටර් 50.11
දෙවන ස්ථානය - ළහිරු කේෂාන් පතිරණ (ශ්‍රී ලංකාව) - මීටර් 47.37
තෙවන ස්ථානය - අශීෂ් බලෝතියා ( ඉන්දියාව ) - මීටර් 46.52
■ යගුලිය විසි කිරීම ( කාන්තා )
පළමු ස්ථානය - කිරන් බලියන් ( ඉන්දියාව ) - මීටර් 14.77 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - අනාමිකා දාස් ( ඉන්දියාව ) - මීටර් 14.54
තෙවන ස්ථානය - සරීෂා ගුණසේකර ( ශ්‍රී ලංකාව ) - මීටර් 11.51
■ මිටර් 100 කඩුලු මතින් දිවීම ( කාන්තා )
පළමු ස්ථානය - සප්නා කුමාරි ( ඉන්දියාව ) - තප්පර 14.19 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - ප්‍රසාන්ට් සහු ( ඉන්දියාව ) - තප්පර 14.98
තෙවන ස්ථානය - එන්.ජී.පී.ආර් ගුණතිලක ( ශ්‍රී ලංකාව ) - තප්පර 15.25
■ මීටර් 110 කඩුලු මතින් දිවීම ( පිරිමි )
පළමු ස්ථානය - කුනාල් චෞදරි ( ඉන්දියාව ) - තප්පර 14.50
දෙවන ස්ථානය - මොහොමඞ් ෆයස් ( ඉන්දියාව ) - තප්පර 14.55
තෙවන ස්ථානය - ෂෙහාන් දිලූෂ කාරියවසම් ( ශ්‍රී ලංකාව ) - තප්පර 14.60
■ මීටර් 100 (කාන්තා )
පළමු ස්ථානය - අමාෂා ද සිල්වා ( ශ්‍රී ලංකාව ) - තප්පර 11.92 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - චිත්‍රාලි කාලිඩාස් ( ඉන්දියාව ) - තප්පර 12.24
තෙවන ස්ථානය - ශෙලින්ඩා ජෙන්සන් ( ශ්‍රී ලංකාව ) - තප්පර 12.28
■ මීටර් 100 ( පිරිමි )
පළමු ස්ථානය - මන්දන කකේරා ( ඉන්දියාව ) - තප්පර 10.81
දෙවන ස්ථානය - චානුක සන්දීප ( ශ්‍රී ලංකාව ) - තප්පර 10.88
තෙවන ස්ථානය - ආකාෂ් කුමාර් ( ඉන්දියාව ) - තප්පර 10.89
■ මීටර් 400 ( කාන්තා )
පළමු ස්ථානය - ශාමලී කුමාරසිංහ ( ශ්‍රී ලංකාව ) - තප්පර 54.47 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - සුභා වෙන්කටිසන්( ඉන්දියාව ) - තප්පර 55.18
තෙවන ස්ථානය - රච්නා ගුජාර් ( ඉන්දියාව ) - තප්පර 55.70
■ මීටර් 400 ( පිරිමි )
පළමු ස්ථානය - අරුණ දර්ශණ ( ශ්‍රී ලංකාව ) - තප්පර 46.55 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - එල් කොඩිකාර ( ශ්‍රී ලංකාව ) - තප්පර 46.99
තෙවන ස්ථානය - පබසර නිකු ( ශ්‍රී ලංකාව ) - තප්පර 47.43
■ මීටර් 1500 ( කාන්තා )
පළමු ස්ථානය - දුර්ගා ප්‍රමෝද් ( ඉන්දියාව ) - විනාඩි 4:31.38 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - පූනම් දින්කර් ( ඉන්දියාව ) - විනාඩි 4:36.65
තෙවන ස්ථානය - එම් කනගරත්න ( ශ්‍රී ලංකාව ) - විනාඩි 4:36.71
■ මීටර් 1500 ( පිරිමි )
පළමු ස්ථානය - අන්කිට් (ඉන්දියාව) - විනාඩි 3:51.52 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - අජිට් කුමාර් ( ඉන්දියාව ) - විනාඩි 3:53.45
තෙවන ස්ථානය - කේ මදුසංක ( ශ්‍රී ලංකාව ) - විනාඩි 4:02.46
■ මිටර් 100 4 ( කාන්තා )
පළමු ස්ථානය - ශ්‍රී ලංකාව - තප්පර 46.23 (නව තරග වාර්තාවකි)
දෙවන ස්ථානය - ඉන්දියාව - තප්පර 46.81
තෙවන ස්ථානය - බංගලාදේශය - තප්පර 49.82
■ මීටර් 100 4 ( පිරිමි )
පළමු ස්ථානය - ඉන්දියාව - තප්පර 42.85
දෙවන ස්ථානය - පකිස්තානය - තප්පර 43.03
තෙවන ස්ථානය - මාලදිවයින - තප්පර 44.68
- 024
පිරිමි මීටර 400 ඉසව්වෙන් නව තරග වාර්තාවක් (46.57) පිහිටවූ අරුණ දර්ශන
පිරිමි මීටර 400 ධාවන ඉසව්වේ අරුණ දර්ශන, පී.එම්.පී.එල්. කොඩිකාර සහ පබසර නිකූ
කාන්තා මීටර 100x4 තරග ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනූ ශ්‍රීලංකා කාන්තා කණ්ඩායම
උසපැනීමේ ඉසව්වෙන් ප්‍රථම ස්ථානය දිනූ තරිඳු දසුන් (මීටර 2.04)
දකුණු ආසියානු කණිෂ්ඨ මලලක්‍රීඩා තරගාවලිය - පළමු දිනයේ විශේෂ අවස්ථා...
ඡායාරූප - ගයාන් අමරසේකර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.