Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner පාරමීගෙන් අම්මාට පොරොන්දුවක්

පාරමීගෙන් අම්මාට පොරොන්දුවක්

Nisanka Sandeepani - 2018 ඔක් මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යොවුන් ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනාගත් ක්‍රීඩිකාවක් බවට පත්වූ පාරමී වසන්ති මීළඟ වතාවේදී රන් පදක්කමක් දිනා දෙන්නේ යයි සිය මවට පොරොන්දු වී තිබේ. 

 “මගේ දුව අද රටට කිර්තියක් අරන් දුන්නා. මේ කිර්තිය ඇය ගත්තේ බොහෝ දුක් ගැහැට විඳිමින්.ඇය යොවුන් ඔලිම්පික් තරගයේ දි ලෝකඩ පදක්කම දිනු පසු මට දුරකතනයෙන් කතා කළා. දුව කිව්ව කතාව තමයි මේ මම කියන්නේ. 

“අම්මේ මම ලෝකඩ පදක්කමක් ගත්තා . මදිනේද අම්මේ... ආයි පාර 2020 දි තියෙන මෙම තරගයට ගිහින් මම රන් පදක්කමක් අරන් එනවා අම්මේ. දුක් වෙන්න එපා. රන් පදක්කමක් ගන්න බැරිවු නිසා මම නම් ඉන්නේ දුකෙන්“  යයි දුව මට කිව්වා යයිද මාග්‍රට් සිල්වා මහත්මිය පැවසුවාය. 

මීළඟ යොවුන් ඔලිම්පික් උළෙලට සහභාගිවීමේ අවස්ථාව ඇයට නොලැබේ. ඒ වන විට අය තවත් වසර දෙකකින් වැඩිමහල් වන බැවිනි. එහෙත් 2020 දී ජපානයේදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලට සහභාගි වීමේ අවස්ථාව ඇයට තිබේ. ඒ සඳහා දිගින් දිගටම දස්කම් දැක්විය යුතුව තිබේ. 

“අක්කගේ තනියට‍ අඹකඳවිල වැල්ලේ දුවපු අපේ පාරමි දුව අද යෞවන ලෝක ඔලිම්පික් උළෙලේදී  ලෝකඩ පදක්කමක් දිනලා. ඒක අපට නම් දරා ගන්න බැරි සතුටක්. බොහෝ අඩුපාඩු විඳ දරමින් තමයි දුව මෙම ජයග්‍රහනය හිමි කර ගත්තේ“  යයි පසුගිය දා ආර්ජන්ටිනාවේ දි පැවැති ලෝක යොවුන් ඔලිම්පික් මලල ක්‍රීඩා තරගයේදි  ලෝකඩ පදක්කමක් හිමි කර ගත් පාරමි ගේ දෙමාපියෝ පැවසූහ. 

ඇය මීටර් 2000 බාධක දිවිමේ තරගයෙන් ලෝකඩ පදක්කම හිමි කර ගත්තාය.

ඇය හලාවත අඹකඳවිල සරප්පු වත්තේ පදිංචි කේ.එම්.පාරමි වසන්ති මාරිස්ටෙලා( 17 ) දියණියයි. අගේ අක්කාද මලල ක්‍රීඩිකාවක වන අතර ඇය නිශාන්ති දිල්හානි ප්‍රනාන්දුයි.  ඇය මේ වන විට සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබන්නීය. 

මෙම දරු දෙදෙනාගේ මව එම්. රීටා මාග්‍රට් සිල්වා මහත්මියයි. ඇය 43 හැවිරිදි කාන්තාවකි.  49 හැවිරිදි කේ.එම්.අන්තෝනි ටියුඩර් ප්‍රනාන්දු මහතා පාරමීගේ පියාය. ටියුටර් ප්‍රනාන්දු මහතා තෙප්පමක් හබල් ගා ඈත දියඹට ගොස් අල්ලා ගෙන එන මාළු විකුණා මෙම පවුල සවිමත් කරයි.

රීටා මාග්ර ට් සිල්වා මහත්මිය සිය දියනියගේ දක්ෂතාව ගැන මෙසේ කීවාය.

මගේ ලොකු දුව ක්‍රීඩාවට දක්ෂයි. එම කටයුතු වලට ඇය ඉගෙන ගත් අඹකඳවිල පාසලේ පහසුම් නැති නිසා ඇය කුලියාපිටිය මැදි මහ විදුහට ඇතුළත්වුණා. ඇය මේ වන විට වැඩිදුර අධ්‍යාපනය  හදාරණවා.

ලොකු දුවගේ තනියට පාරමි දුව අක්කා සමග අඹකඳවිල වෙරළ දිගේ දිව්වා. ඒ අනුව පාරමි ක්‍රීඩාවට ඇතුළු වුවා. පාසල් මලල ක්‍රීඩා තරග වලදි ඇය දැක්වු දක්ෂතා නිසා ඇයට කුලියාපිටිය මැදි මහ විදුහලට ශිෂ්‍යත්වයක්  හිමි වුණා. ඒ එම පාසලේ ක්‍රීඩා පුහුණු කරු වන ජනිත් ජයසිංහ මහතාගේ මැදිහත්විම නිසායි.
අක්කයි නංගියි දෙන්නම ජාත්ය්න්තර තරග වලට කලින් ගොස් ජය අරන් තියෙනවා.

අපි බොහෝම අමරුවෙන් තමයි ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රීඩා කටයුතු වලට උදව් කළේ. මෙහිදි විදුහල්පති එච්.එම්.එන්.හේරත් මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය දැක්වු සහය අගේ කළ යුතුයි.

අප පදිංචිව සිටින්නේ අපේම නිවසකයි. දරු දෙදෙනාගේ ක්‍රීඩා කටයුතු වලට අවශ්යේ මුදල් සොයා ගන්න නිවස ග්‍රාමීය බැකුවට තියලා ලක්ෂ දෙකහමාරක් අරන් තිබුණා. එය බේරා ගන්න තව රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන්නත් තිබුණා. එය බැංකුවට සින්න විමට ගිය අවස්ථාවේ දි දුවගේ  ජයග්‍රහණය ගැන දැන ගත් එංගලන්තයේ ඉන්න බොරලැස්ගමුවේ මහත්තයෙක් අපේ ගෙදරට ඇවිත් අපේ ගෙය බේරා දුන්නා.

මෙම ගෙය කඩා වැටීම ආසන්නයි. දුව ජපානයේ තරගයකින් ජය ගත් බව දැන ගත් අවස්ථාවේ දී සජිත් ප්‍රේමදාස ඇමතිතුමා ටෙලිපෝන් කරලා අවශ්‍ය උදව්වක් කරන්නම් කිවා. මම ඉල්ලා සිටියේ අපේ ගෙය හදා දෙන්න කියලයි. එම පැතුම ඇතිව ජීවත් වෙනවා. අපි ඉන්න ඉඩම පොඩි වැස්සකටත් යට වෙනවා. තෙප්පම හබල් ගාලා තමයි මගේ මහත්තයා මූදු රස්සාවට යන්නේ. 

“මම හෘද රෝගීයෙක්. හබල් ගාලා අල්ලන මාළු ප්‍රමාණවත්  නැහැ අපට ජීවත් වෙන්න“ 

“අපේ පාරමි දුවට පුහුණුවීම් වලට කොළඹ යන්න තමයි වැඩිම වියදමක් යන්නේ. මහත්තයාට කවුරු හරි බෝට්ටුවක් එක්ක එංජිමක් දුන්නොත් අපට කාටවත් අත පාන්න අවශ්්‍ය නැහැ. වයඹ පලාත් ධීවර ඇමති සුමල් තිසේරා මහතා සහනාධාර ණයක් වශයෙන් අපට තෙප්පමක් දුන්නා. ඒත් ඒක මුහුදට දාන්න බැහැ එන්ජීමක් නැතිව“ යයිද මාග්‍රට් සිල්වා මහත්මිය කියයි. 

රටට මැණිකක්වු මෙම දිරිය දියණියට තව බොහෝ දුර යා හැකිය. ඒ වෙනුවෙන් ඇයගේ මවුපිය දෙදෙනාට අත දිය හැකිනම් ඔවුන් දෙදෙනා තමන්ගේ දියණිය ආදරයෙන් රැකබලාගනු ඇත.

  

3

අබලන් නිවස

2

පාරමි මව සහ පියා‍  

1

ඔවුන්ට  ලැබුණ තෙප්පම 


 


අදහස් (0)

පාරමීගෙන් අම්මාට පොරොන්දුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.