Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේදී අද (8) ආරම්භ වු 94 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේදී උස පැනීමේ ශූර මංජුල කුමාර ගේ රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගිවීමේ අපේක්‍ෂා බිඳ වැටිණ.
උස පැනීමේ පිරිමි ඉසව්වේදී මංජුල, මීටර 2.24 ක දස්කමක් දක්වා පළමු ස්ථානය දිනාගත්ත ද, ඔහුගේ ඉලක්කය වු රියෝ ඔලිම්පික් පරිසාධන මට්ටම අසළට ඒමටවත් එය ප්‍රමාණවත් නොවීය.
උස පැනීමේ ක්‍රීඩකයකු ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලබා ගැනීමේ අවම උස මීටර 2.29 කි. මෙතෙක් සිය උපරිම දක්‍ෂතාව ලෙස මීටර 2.27 ක් පෙන්වා තිබෙන මංජුල මෑත කාලයේ උපරිම දක්‍ෂතාව සටහන් ව තිබුණේ මීටර 2.23 කි.
ලොව පුරා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අගෝස්තු මස 5 වැනිදා බ්‍රසීලයේදී ආරම්භවන රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවස්ථාව මේ මස 11 වැනිදායින් අවසන්වේ. එනිසා මංජුලට ඔලිම්පික් වරම් ලැබීමේ අවසන් අවස්ථාව ද මෙලෙස ගිලිහී ගියේය.
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ උස පැනීමේ (පිරිමි) වාර්තාවට හිමිකම් කියන මංජුල මේ දක්වා එම ක්‍රීඩා උළෙල තුනකට සහභාගිවී තිබේ. එම අවස්ථා දෙකේදීම රන් පදක්කම් දිනා ගනිමින් විශිෂ්ට දස්කම් දක්වා ඇති ඔහු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලි දෙකකට සහභාගිවී උස පැනීම ඉසව්වෙන් රන් පදක්කම් දිනා ගැනීමට ද සමත්ව ඇත.
ජාතික මලල ක්‍රීඩා තරගාවලියේ අද දිනයේ මුලික වටයේ තරග ඇතුළුව ඉසව් 26 ක තරග පැවැති අතර ඉසව් හයක අවසන් තරග පැවැත්විණ. එම ඉසව්වලදී නව තරග වාර්තා පිහිටුවීමට ද ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අපොහොසත්වුහ.
අද දිනයේ විද්‍යුත් කාල ගණක යන්ත්‍ර අක්‍රීය වීම නිසා තරග ඉසව් සඳහා සහභාගිවු ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැඩි අපහසුතාවට ලක් වු බවද වාර්තාවේ. ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය, ටෙලිකොම් සමාගමේ අනුග්‍රහයෙන් තෙදිනක් පුරා පවත්වන මෙම තරගාවලියේ හෙට (9) දෙවැනි දිනයයි.
පළමු දිනයේ පැවැති අවසන් තරග ඉසව්වල ප්‍රතිඵල:
උස පැනීම (පිරිමි)
1.මංජුල කුමාර (ගුවන් හමුදාව, මීටර 2.24)
2.ටී.ඩී.කරුණාරත්න (මීටර 2.17)
3.එස්.ජයමාල් (ලංකා ලයන්ස්, මීටර 2.14)
කවපෙත්ත විසි කිරීම (පිරිමි)
1.ටී.එම්.ආසික් (යුද හමුදාව, මීටර 43.77)
2.ඩී.බී.රත්නායක (ගුවන් හමුදාව, මීටර 42.88)
3.ජී.ටී.චතුරංග (ලංකා ලයන්ස්, මීටර 41.03)
මීටර 10000 (පිරිමි)
1.ඒ.එන්.එන්.ආරියදාස (ගුවන් හමුදාව, වි.36.තත්.02.09)
2.එස්.එල්.ළමාහේවාගේ (නාවික හමුදාව, වි.36.තත්.36.03)
3.එස්.එම්.වික්‍රමසුරිය (නාවික හමුදාව, වි.36.තත්.13.07)
කවපෙත්ත විසි කිරීම (කාන්තා)
1.ඒ.ඒ.මධුවන්ති (ගුවන් හමුදාව, මීටර 40.10)
2.එස්.කේ.වීරසේකර (ගුවන් හමුදාව, මීටර 39.72)
3.එම්.ඩී.පෙරේරා (නාවික හමුදාව, මීටර 36.75)
දුර පැනීම (කාන්තා)
1.එස්.එල්.එස්.සිල්වා (යුද හමුදාව, මීටර 6.04)
2.එච්.ටී.කුමාරි (ගුවන් හමුදාව, මීටර 5.81)
3.අන්ජනී පුලුවංශ (කොළඹ, මීටර 5.77)
මීටර 3000 බාධක මැද දිවීම (කාන්තා)
1.කේ.එන්.රත්නායක (යුද හමුදාව, වි.10.තත්.10.30)
2.ඩබ්.එන්.කුමාරි (නාවික හමුදාව, වි.10.තත්.50.30)
3.ඩී.කේ.කුමාරි (යුද හමුදාව, වි.11.තත්.11.30)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.