Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නාමයෝජනා 27 ක් ඉදිරිපත්වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ මීළඟ නිලවරණයේදී සභාපති ධුරයට අපේක්ෂකයන් තිදෙනකු ඉදිරිපත් වී තිබේ. සංගමයේ ප්‍රධාන ලේකම් ධුරයට ප්‍රේමා පින්නවල මහතා නිතරගයෙන් පත් වී ඇත.
වත්මන් සභාපති සුගත් තිලකරත්න, හිටපු සභාපති මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු හා මලල ක්‍රීඩා සංගමයේ හිටපු ලේකම්වරයකු වන ජී.එල්.එස්. පෙරේරා යන මහත්වරු මෙවර සභාපති ධුරයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයෝ වෙති.
නිලවරණය සම්බන්ධයෙන් අයැදුම්පත් බාරගැනීම අද (17 වැනිදා) මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයේ දී නිමාවට පත්විය. නිලවරණය ලබන මැයි 8 වැනිදා පෙරවරු 10.00 ට ටොරින්ටන් පෙදෙසේ ජාතික ක්‍රීඩා විද්‍යායතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය.
නාමයෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් වන විරෝධතා සළකා බැලීම ලබන බ්‍රහස්පතින්දා (20) පස්වරු 2ට මලල ක්‍රීඩා සංගම් මූලස්ථානයේ දී සිදු කෙරේ.
මීට පෙර පස් වතාවක්ම ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ සභාපති ධුරය දරා තිබෙන පාලිත ප්‍රනාන්දු මහතාගේ මෙවර ඉදිරිපත් වීමේදී දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ 20 කින් ඔහුගේ නාමයෝජනාව නිර්දේශ කර තිබිණ. මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයක දී නාමයෝජනාවක් නිර්දේශ කිරීමට ඉදිරිපත්වූ වැඩිම දිස්ත්‍රික් සංගම් හා ක්‍රීඩා සමාජ ගණන එය ලෙස සැළකේ.
වත්මන් සභාපති සුගත් තිලකරත්න මහතා මෙවර සභාපති ධුරයට නිර්දේශ කළ දිස්ත්‍රික් සංගම් ගණන හතරක් විය. ඔහු උපසභාපති ධුරයක් සඳහාද ඊයේ නාමයෝජනා භාර දුන්නේය.
වසර ගණනාවක් පුරා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධුරය දරා තිබෙන කෑගල්ල දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ සභාපති ප්‍රේමා පින්නවල මහතා මෙවර නිතරගයෙන් පත්වීම කැපී පෙනුණි. ඔහු සීමාසහිත සරසවි පොත් ප්‍රකාශන සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරි වශයෙන් කටයුතු කරයි.
මේ අතර උපසභාපති ධුර සඳහා ඉදිරිපත් වූ නාමයෝජනා පහක් ප්‍රතික්ෂේප විය. කර්නල් චන්දන රණවීර (යුද හමුදාව), කර්නල් සුදත් මඩුගල්ල (ලංකා ලයන්ස්), කර්නල් මංජුල පෙරේරා (ට්‍රැක් මාස්ටර්ස්), ආර්. විජිදරන් (යාපනය) සහ එස්. ජෙගනීදරන් (මන්නාරම) යන මහත්වරුන්ගේ නාමයෝජනා එසේ ප්‍රතික්ෂේප වී තිබේ.
හිටපු භාණ්ඩාගාරිකවරයකු වන ශාන්ත ද සිල්වා මහතා කලකට පසුව යළිත් එම ධුරයට නිතරගයෙන් පත්ව සිටියි. එහෙත් උපභාණ්ඩාගාරික ධුරයට ඉදිරිපත්වූ සම්පත් ජයසේන (ගාල්ල) හා කේ. සුන්දරරාජන් (වෙළෙඳ සේවා) යන මහත්වරුන්ගේ හා උපලේකම් ධුරයට ඉදිරිපත්වූ එස්. ඉරම්බෙරන් (වවුනියාව) හා බර්නාඞ් පෙරේරා (කෑගල්ල) යන මහත්වරුන්ගේ නාමයෝජනා ද ප්‍රතික්ෂේප විය. නාමයෝජනා පත්‍රිකාවල දෝෂ සහගත තත්ත්වයන් ඔවුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේපවීමට හේතුවී තිබේ. කෙසේ වුවත් නාමයෝජනා ඉදිරිපත්වූ අපේක්ෂකයන්ට ඒ සම්බන්ධයෙන් අභියාචනා ක්‍රීඩා ඇමැතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ අවස්ථාව හිමිවේ.
ලබන මැයි 8 වැනිදා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණය පැවැත්වීමට මේ වනවිට කටයුතු සූදානම් කර තිබුණත් ඒ සඳහා අනිවාර්ය කර තිබෙන වසර 2016 විගණන වාර්තාව රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් මෙතෙක් මලල ක්‍රීඩා සංගමයට ලැබී නැතැයි ද වාර්තා වේ.
වසර 23 ක් පුරා අඛණ්ඩව දත්ත සටහන්කරු ලෙස කටයුතු කරන සමන් කුමාර ගුණවර්ධන මහතා මෙවරත් නිතරගයෙන් පත්ව සිටින නිලධාරින් කීප දෙනා අතර තවත් කැපී පෙනෙන්නේ ඔහු ජාතික මලල ක්‍රීඩා තේරීම් කමිටුවේ වත්මන් සභාපතිවරයා ද වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ වත්මන් ක්‍රීඩා අධ්‍යක්ෂවරයා ද වේ.
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නිලවරණයට (2017-19) ඉදිරිපත්වූ නාමයෝජනා
සභාපති ධුරය සඳහා
සුගත් තිලකරත්න (නුවරඑළිය), මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු (ලංකා ලයන්ස්), ජී. එල්. එස්. පෙරේරා (ලංකා ලයන්ස්)
ලේකම් ධුරය සඳහා
ප්‍රේමා පින්නවල මහතා (කෑගල්ල) නිතරගයෙන්
භාණ්ඩාගාරික ධුරය සඳහා
ශාන්ත ද සිල්වා මහතා (රාජ්‍ය සේවා නිතරගයෙන්)
උපසභාපති ධුර (7) ක් සඳහා
ප්‍රසන්න ඉන්දික (වෙළෙඳ සේවා), ලාල් චන්ද්‍රකුමාර (කුරුණෑගල), අනිල් වීරසිංහ (සී.ටී. සහ එෆ්.සී), ජී. එල්. එස්. පෙරේරා (ලංකා ලයන්ස්), සුගත් තිලකරත්න (නුවරඑළිය), එම්. ඩබ්. නිමල්සිරි (ඒසස්), ආර්. විජිදරන් (යාපනය), ඒ. එස්. අක්මාල් (ත්‍රිකුණාමලය), අයිරාංගනී රූපසිංහ (විශ්වවිද්‍යාල), නයන්ති කුමාරි චන්ද්‍රසේන (ට්‍රැක් මාස්ටර්), උපාලි කුමාරසිරි (ශ්‍රීලක්), උදේනි කාංචනමාලා (ගම්පහ), එන්. ජී. විමලදාස (ජනසතු සේවා) යන මහත්ම මහත්මින්
උපලේකම් ධුරයට ඉදිරිපත්වූ නාමයෝජනා ප්‍රතික්ෂේප විය.
උපභාණ්ඩාගාරික ධුරය සඳහා
එච්. ඒ. උපාලි මහතා
දත්ත සටහන්කරු ධුරය සඳහා
සමන් කුමාර ගුණවර්ධන මහතා. (නිතරගයෙන්)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.