Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner මලල කී‍්‍රඩා ඉසව් අටකට ප‍්‍රමුඛතාව

මලල කී‍්‍රඩා ඉසව් අටකට ප‍්‍රමුඛතාව

දිලිනි මල්රුක්ෂි - 2013 සැප් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉසව් අටකට ප‍්‍රමුඛතාවය ලබාදෙමින් ලබන වසරේදී ශ්‍රී ලංකාව අන්තර්ජාතික මලල ක‍්‍රීඩා තරග මාලා සඳහා සූදානම් වන බව ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය

ශ්‍රී ලංකාවට අන්තර්ජාතික ජයග‍්‍රහණ (පදක්කම්) කෙරෙහි වඩාත් විශ්වාසය පළ කළ හැකි ඉසව් අටක් එහිදී මලල ක‍්‍රීඩා සංගමය හඳුනාගෙන තිබේ.

මීටර 400X4 (පිරිමි), හෙල්ල විසි කිරීම (කාන්තා හා පිරිමි), දුර පැනීම (පිරිමි), උස පැනීම (පිරිමි), තුන්පිම්ම (පිරිමි), මීටර 200 (කාන්තා), මීටර් 400 කාන්තා හා පිරිමි, මීටර 400 කඩුලූ (කාන්තා) යන ඉසව් සඳහා එහිදී ප‍්‍රමුඛතාවය ලබාදේ. කෙසේ වුවත් ඉන් අදහස් කරන්නේ සෙසු මලල ක‍්‍රීඩා තරග ඉසව් නොසලකා හැරීම නොවන බවත් සෙසු මලල ක‍්‍රීඩා ඉසව්හි අපේක්‍ෂිත පරිසාධන මට්ටමට ළඟා වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ටද තවදුරටත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග මාලා නියෝජනය කිරීමේ අවස්ථාව හිමි වන බවත් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් ගේ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් පාලිත ප‍්‍රනාන්දු මහතා පැවසීය.

එළඹෙන 2014 වසරේදී ලොව ප‍්‍රමුඛතම ක‍්‍රීඩා උළෙල කීපයකටම ශ්‍රී ලංකාව සහභාගිවීමට සූදානම්ව සිටියි. පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා උළෙල, ආසියානු ක‍්‍රීඩා උළෙල, සාෆ් ක‍්‍රීඩා උළෙල ඒවා අතරින් කීපයකි.

මේ වන විට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය පවත්වාගෙන යන ජාතික මලල ක‍්‍රීඩා සංවිධානයන්හි ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ වෙනස්කම් රැසක් අද ආරම්භ වන ජාතික මලල ක‍්‍රීඩා ශූරතාවලියෙන් පසු සිදු කෙරෙන බව මලල ක‍්‍රීඩා සංගමය අවධාරණය කරයි.

ශ්‍රී ලංකාව මෙම ගෙවී යන වසරේදී ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා පිටියේ යම් ප‍්‍රගතියක් අත්කර ගෙන තිබෙන බව එම සංගමයේ අදහසයි. මීටර 400X4 (පිරිමි) ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායම ලොව හොඳම  රටවල් 16 අතරට පැමිණීම, නදීකා ලක්මාලි හෙල්ල විසි කිරීම කාන්තා ඉසව්වෙන් ලොව හොඳම 16 අතරට පැමිණීම, සචිත් මධුරංග එම පිරිමි ඉසව්වෙන් ආසියානු රිදී පදක්කම දිනාගැනීමෙන් එම ප‍්‍රගතිය කියාපාන  බව පාලිත ප‍්‍රනාන්දු මහතා පෙන්වා දේ.

මේ අතර මාධ්‍යවේදියෙකුගේ ප‍්‍රශ්න කිරීමට පිළිතුරු දුන් ඔහු සචිත් මධුරංග ක‍්‍රීඩකයා ක‍්‍රීඩාවෙන් සමුගැනීමට ගත් තීරණය ඉක්මන් වැඩි තීරණයක් බවත් ලාබාල ක‍්‍රීඩකයෙකු ලෙස ඔහු වඩාත් ඉවසීමෙන් කටයුතු කළ යුතුව තිබූ බවත් පැවැසීය.

මීටර 400 කඩුලූ පැනීමේ ක‍්‍රීඩිකා ක‍්‍රිස්ටින් සොනාලි මෙරිල් ගැන අදහස් දැක්වූ ඔහු පැවසුවේ අත්‍යවශ්‍ය ප‍්‍රධාන පෙළේ තරග කීපයක් හැරෙන්නට ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරග මාලා සඳහා සහභාගි වී ඇත්තේ පෞද්ගලික වියදම් දරමින් බවත් ය.

මලල ක‍්‍රීඩා සංගමය මෙම මාධ්‍ය හමුවේදී අවධාරණය කළේ ඉන්දියාවේ උත්තර ප‍්‍රාන්තයේ සාංචි නුවර දී මෙම 27-28 දිනවල පැවැත්වීමට යොදා ගෙන තිබූ දකුණු ආසියානු කනිෂ්ට මලල ක‍්‍රීඩා තරගාවලිය ලබන නොවැම්බර් මාසයට කල් දමා තිබෙන බවය.

ඒ අනුව තරගාවලිය ලබන නොවැම්බර් 9-10 යන දිනවල එහිදී පැවැත් වේ. ආරක්‍ෂක විධිවිධාන යෙදවීම සම්බන්ධයෙන් ඇති වූ ගැටලූ හේතුවෙන් ඉන්දීය මධ්‍යම රජය එම තීරණයට පැමිණ තිබෙන බවය.

ලබන වසරේදී එම තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර ඇතැයිද මලල ක‍්‍රීඩා  සංගමය පවසයි.

ශ්‍රී ලංකාව 2013 වසරේදී මේ වන විට අන්තර්ජාතික මලල ක‍්‍රීඩා තරගාවලි හයකට හා අන්තර්ජාතික මැරතන් තරග දෙකකට සහභාගි වී තිබේ. එහි දී රන් පදක්කම් ඇතුළුව රිදී හා ලෝකඩ පදක්කම් ගණනාවක් ශ්‍රී ලංකාව දිනා ගෙන තිබේ. ක‍්‍රිකට් හැරුණුවිට ශ්‍රී ලංකාව තවමත් අන්තර්ජාතික තරග බිමේ  වැඩිම දස්කම් දක්වන සෙසු ක‍්‍රීඩා ඉසව් මලල ක‍්‍රීඩා වීම සතුටට කරුණක් බව පාලිත ප‍්‍රනාන්දු මහතා වැඩිදුරටත් පැවසීය.


අදහස් (0)

මලල කී‍්‍රඩා ඉසව් අටකට ප‍්‍රමුඛතාව

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.