Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
නදීකා ලක්මාලි හා ඩබ්.කේ.එල්.ඒ. නිමාලි යන ක‍්‍රීඩිකාවන් නව වාර්තා දෙකක් පිහිටුවීමට සමත්වීම හමුවේ සුගතදාස පිටියේ දී දැන් පැවැත්වෙන 91 වැනි ජාතික මලල ක‍්‍රීඩා ශුරතාවලියට ඊයේ (17) නව ජීවයක් ලැබුණි.
තරගාවලිය අද (18) නිමාවට පත්වන අතර ප‍්‍රවීන ක‍්‍රීඩිකා නදීකා ලක්මාලි හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් ද (මීටර 59.12) හා නිමාලි මීටර 800 (කාන්තා) ඉසව්වෙන් ද (විනාඩි 2 තත්ත්පර 04.32) එම නව වාර්තා පිහිටුවූහ.
මෙම ක‍්‍රීඩිකාවන් පැවැති 39 වැනි ජාතික මහ ක‍්‍රීඩා උළෙලේ දී ද එම ඉසව්වෙන් නව වාර්තා පිහිටුවූවෝ වෙති. නදීකා පූනේ නගරයේ දී පැවැති ආසියානු මලල ක‍්‍රීඩා ශූරතාවලියේ දී මීටර 60.19කට රිදී පදක්කම දිනා ගැනීමට අමතරව මොස්කව් ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලියේ දී මීටර 60.39කට හොඳම දක්ෂතා පෙන්වමින් එහි හොඳම ක‍්‍රීඩිකාවන් 12 දෙනා අතරට ද පැමිණීමට සමත් වූවාය.
වසර 2008 මිටර් 55.07කට පිහිටුවා තිබූ ඇගේම පැරණි වාර්තාව බිඳ දමමින් නදීකා ඊයේ දස්කම් දැක්වූ අතර ඇය පූනේ තරගාවලියත් සමග මේ දක්වා එම ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව තුන් වතාවක් බිඳ දැමීමට සමත්වීම ද කැපී පෙනේ.
වසර 2007 දී මිටර 58.48 කට ඇය පළමුව එහි නව ශ්‍රී ලංකා වාර්තාවට හිමිකම් කීවාය. මීටර 60.64කට යුද හමුදා ස්වේච්ඡ තරගවාලියේ දී ඇය වරක් එහි ශ්‍රී ලංකා වාර්තාව පිහිටවූවාය. ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයත් ඉහළ වර්ධනයක් මෙවර පෙන්නුම් කළත් ඔවුන්ගේ දස්කම් ඊයේ දිනය නිමා වනවිටත් අවම මට්ටමක පැවතුණි.
අද (18) තරගාවලියේ අවසන් දිනයේ ඉසව් 10ක අලූත් තරග පැවැත්වෙන අතර එහිදී වඩාත්ම අවධානය යොමු වන්නේ වේගවත්ම ක‍්‍රීඩකයා හා ක‍්‍රීඩිකාව තෝරා ගැනෙන මීටර 100 කාන්තා හා පිරිමි ඉසව් කෙරෙහිය. අද පස්වරු 3.30ට එම තරග ආරම්භ වේ.
චින්තක ද සොයිසා (මීටර 100 පිරිමි තත්ත්පර 10.43) හා සුසන්තිකා ජයසිංහ (මීටර 100 කාන්තා තත්ත්පර 11.27) පිහිටුවා තිබෙන එහි තරග වාර්තා වසර 15ක් තිස්සේ බිඳ නොවැටීම එහිදී විශේෂිත සිදුවීමය.
ඊයේ (17) දිනයේ තරග ප‍්‍රතිඵල
තුක් පිම්ම (කාන්තා)
1. කේ.ඒ.එස්. දුලාංජනී (ගුවන් හමුදාව) - මී 12.78
2. ඞී.වී.සී.එම්. තිලකරත්න (ගුවන් හමුදාව) - මී 12.23
3. ආර්.වී.කේ. හෂානි (ගුවන් හමුදාව) - මී 12.22
මීටර 800 (කාන්තා)
1. ඩබ්.කේ.එල්.ඒ. නිමාලි (ගුවන් හමුදාව) - වි 2: තත් 4.32 (නව වාර්තාවකි)
2. ජී.ටී.ඒ. අබේරත්න (නාවික හමුදාව) - වි 2: තත් 4.91
3. වයි.එම්.අයි. සිල්වා (ගුවන් හමුදාව) - වි 2: තත් 10.55
යගුලිය විසිකිරීම (කාන්තා)
1. ඩබ්.ටී.කේ. ප‍්‍රනාන්දු (ගුවන් හමුදාව) - මී 14.26
2. එම්.එන්.ඞී. මුතුනායක (නාවික හමුදාව) - මී 14.17
3. අමන්ති සිල්වා (පාසල්) - මී 12.52
මීටර 400 කඩුලූ (කාන්තා)
1. ඞී.ජී.එන්.ඞී වික‍්‍රමසිංහ (යුද හමුදාව) - වි 1: 00.29
2. ඩබ්.පී.ඊ.ආර්. දුලක්‍ෂි (ගුවන් හමුදාව) වි 1: 00.88
3. කේ.එස්.එස්.සී.කේ.එස්. සඳමාලි (පොලිස්) වි 1: 2.39
මීටර 5000 (කාන්තා)
1. එන්.ජී. රාජසේකර (යුද හමුදාව) - වි 16: 58.13
2. එච්.ඒ.ටී.සී. හේමමාලි (පොලිස්) - වි 17: 4.81
3. එස්.ඒ. ළමාහේවගේ (නාවික හමුදාව) - වි 17: 30.71
හෙල්ල විසි කිරීම (කාන්තා)
1. නදීකා ලක්මාලි - මී 59.12 (නව වාර්තාවකි)
2. ඈන් මහේෂි ද සිල්වා (ලංකා ලයන්ස්) - මී 46.16
3. එම්.පී.ටී.එම්. මධුවන්ති (ගුවන් හමුදාව) - මී 40.93
මීටර 3000 බාධක (පිරිමි)
1. ආර්.එම්.එස්. පුෂ්පකුමාර (යුද හමුදාව) - වි 9: 1.9
2. ඞී.සී.ජේ. විජේනායක (යුද හමුදාව) - වි 9: 4.60
3. ඩබ්.ජී.සී. ප‍්‍රනාන්දු (ගුවන් හමුදාව) - වි 9: 12.84
තුන් පිම්ම (පිරිමි)
1. එරංද ප‍්‍රනාන්දු (යුද හමුදාව) - මී 15.92
2. එම්.සී.ජී.එන්. ගමගේ (යුද හමුදාව) - මී 15.85
3. අයි.ඞී.එස්.එස්. ජයසිංහ (යුද හමුදාව) - මී 15.38
මීටර 800 (පිරිමි)
1. ඉඳුනිල් මදුෂාන් හේරත් (යුද හමුදාව) - වි 1: 51.11
2. එච්.කේ.ටී. ෆොන්සේකා (යුද හමුදාව) - වි 1: 51.40
3. ප‍්‍රසන්න සම්පත් (යුද හමුදාව) - වි 1: 51.67
උස පැනීම (පිරිමි)
1. මංජුල කුමාර විජේසේකර (ගුවන් හමුදාව) - මී 2.20
2. ඞී.එම්.එම්. දිසානායක - මී 2.10
3. තිළිණ කරුණාරත්න (පාසල්) - මී 2.04
මිටිය විසිකිරීම (පිරිමි)
1. එච්.පී.එස්.ජේ. අබේවර්ධන (ගුවන් හමුදාව) - මී 45.23
2. කේ. නිලන්ත (යුද හමුදාව) - මී 43.17
3. එල්.ඒ.ඞී. ඇලන්සන් (යුද හමුදාව) - මී 43.17
ඡයාරූප - සංජීව නිරෝෂන
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.