Last Update  :  2025-04-20 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව athletics_inner මැලේසියාවේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 3 ක්

මැලේසියාවේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 3 ක්

සංජය එරමුදුගොඩ - 2013 ඔක් මස 20 {{hitsCtrl.values.hits}} Views 9 Comment
A A A

මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති 89 වැනි මැලේසියානු විවෘත මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රන් පදක්කම් 3 ක් සහ රිදී පදක්කම් දෙකක් දිනාගැනීමට ශී‍්‍ර ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

මෙම තරගාවලිය ඊයේ (19 වැනිදා) සහ අද පැවැත්විණ.

මීටර 400 ඉසව්වට ඉදිරිපත් වූ චන්ද්‍රිකා සුභාෂිනී රස්නායක එම ඉසව්ව 52.86 කින් නිමාකරමින් රන් පදක්කමක් දිනාගත් අතර පසුව මීටර 200 ඉසව්වෙන්ද රන් පදක්කමක් දිනාගැනීමට සමත් වූවාය.

මීටර 400 ඉසව්ව තත්ත්පර 47.19 කින් නිමා කළ කසුන් කල්හාර එහි රන් පදක්කම දිනාගැනීමෙන් අනතුරුය මීටර 200 ඉසව්ව තත්ත්පර 21.5 කින් අවසන් කරමින් රිදී පදක්කමක්ද දිනාගත්තේය.
මංජුල කුමාර උස පැනීමෙන් රිදී පදක්කමක් දිනාගැනීමට සමත් විය.

 


අදහස් (9)

මැලේසියාවේදී ශී‍්‍ර ලංකාවට රන් පදක්කම් 3 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.