Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 18ක් පැරණි දුර පැනීම් වාර්තාවක් බිඳ හෙළුෑ රිද්මා නිෂාදි. |
හනුවර ‘බෝගම්බර’ පිටියේදී හෙට (17) නිමාවට පත්වීමට නියමිත 37 වැනි සමස්ත ලංකා මලල ක්‍රීඩා තරගාවලියේදී වැඩි ශූරතා ගණනක් දිනා ගනිමින් වලල ඒ. රත්නයක මැදි විදුහල හා මීගමුව මාරිස්ටෙලා විදුහල මෙවර තරගාවලියෙදීත් සමස්ත බාලක හා බාලිකා ශූරතා හිමිකර ගැනීමේ වැඩි අවස්ථාවක් අද (16) වනවිට උදාකර ගෙන තිබුණි.
එහිදී වලල ඒ. රත්නායක මැදි විදුහල වයස 17න් පහළ, 19න් පහළ හා 21න් පහළ බාලිකා ශූරතා තුනකදී ඒ වනවිට වැඩිම ලකුණු ලබාගනිමින් බාලිකා සමස්ත ශූරතාව පිළිබඳව වැඩි විශ්වාසයක් තහවුරු කරගෙන තිබුණි.
මීගමුව මාරිස්ටෙලා විදුහල බාලක වයස 17න් පහළ හා 19න් පහළ ශූරතා දිනාගනිමින් ඒ වනවිට බාලක කාණ්ඩයේ සමස්ත ශූරතාව සඳහා වඩාත් ඉඩකඩක් හිමිකර ගෙන තිබුණි.
එසේ වුවත් වයස 15න් පහළ බාලිකා ශූරතාව සඳහා ඊයේ වනවිට වැඩිම ලකුණු ලබා තිබුණේ කොළඹ කාන්තා විදුහල විසිනි. එහිදී වලල ඒ. රත්නායක විදුහල දෙවැනි ස්ථානයට ඒ වනවිට පත්ව තිබුණි.
වයස 21න් පහළ බාලක ශූරතාව හිමිකර ගැනීමේ සටනේ ඊයේ වනවිට වෙන්නප්පුව ජෝශප් වාස් විදුහල ඉදිරියෙන් පසුවුවත් රත්නපුරය සීවලි මැදි විදුහල ඔවුන් හා තියුණු තරගයක නිරතව (27-23) සිටිනු දක්නට ලැබුණි.
වයස 15න් පහළ බාලක ශූරතාව සඳහා හලාවත ශාන්ත මරියා විදුහලෙන් ප්‍රබල සටනක් ඊයේ වනවිට දියත්ව තිබුණි. මීගමුව මාරිස්ටෙලා විදුහල හා කොටහේන ශාන්ත බෙනඩික්ට් විදුහල අතර තියුණු සටනක් ඊයේ වනවිට ඇතිවී තිබුණේ වයස 17න් පහළ බාලක ශූරතාව සඳහාය.
බාලක කාණ්ඩයේදී වලල ඒ. රත්නායක මැදි විදුහලෙන් කැපී පෙනෙන දස්කම් පළ නොවුවත් ඔවුන් වයස 21න් පහළ බාලක කාණ්ඩයේ තෙවැනි ස්ථානයට ඊයේ වනවිට පත්ව තිබුණි.
ඊයේ තරගාවලියේ සිව්වැනි දිනය නිමාවට පත්වන විට නව තරග වාර්තා 10ක් සටහන්වී තිබුණි. ඒ අතර මීටර් 100 වයස 17න් පහළ බාලිකා හා මීටර 100 වයස 19න් පහළ බාලක යන ඉසව්හි මූලික තරග වටයේදී වාර්තා වූ නව තරග වාර්තා දෙකක්ද විය.
ඊයේ දිනයේ බිහිවූ නව තරග වාර්තා දෙකක් අතරින් දුර පැනීම වයස 19න් පහළ බාලිකා ඉසව්වෙන් අම්බලන්තොට ධර්මාශෝක විදුහලේ රිද්මා නිෂාදි මීටර් 5.85කට පිහිටුවූ නව තරග වාර්තාව කැපී පෙනුණේ එය වසර 18ක් පැරණි වාර්තාවක් බිඳ වැටුණු අවස්ථාවක් වීම නිසාය.
ඒ 1996 දී එවකට කොළඹ ශුද්ධවූ පවුලේ බාලිකා විදුහලේ සිසුවියක්ව සිටි තසන්ති කුමාරි චන්ද්‍රසේන මීටර් 5.83කට පිහිටුවා තිබූ එහි පැරණි වාර්තාව බිඳ දැමීමකි. තසන්ති කුමාරි පසුව එම ඉසව්වේ ජාතික ශූරිය බවට පත්වෙමින් වසර ගණනාවක් දුර පැනීම (කාන්තා) ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවටද හිමිකම් කීවාය.
මෙම ක්‍රීඩා උළෙලේදීත් බස්නාහිර පළාත ඊයේ වනවිටත් පෙරමුණ තහවුරුකර ගෙන තිබුණි. අද තරගාවලිය නිමාවට පත්වන අතර සමාප්ත උත්සවය තැපැල් ඇමැති එම්. හලීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 4.30ට සිදුකෙරේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.