Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ක්‍රීඩා ක්ෂේත්රයේ ප්‍රධානතම ක්‍රීඩා උළෙළ ලෙස සැළකෙන අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සැප්තැම්බර් 01 වැනිදා (හෙට) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේදී ආරම්භ වේ. වසර 3 කට වරක් පැවැත්වෙන විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වෙන්නේ 12 වැනි වතාවටය.
බැඞ්මින්ටන්, බරඉසිලීම, දැල්පන්දු, පැසිපන්දු, කරාටේ, ටයිකොන්ඩෝ, මල්ලවපොර, එල්ලේ, වොලිබෛා්ල්, මාර්ගයේ ධාවන තරග, කැරම්, චෙස්, පාපන්දු, මේසපන්දු, රගර්, ක්‍රිකට්, ටෙනිස්, හොකී, ඔරුපැදීම, පිහිනුම්, බේස්බෝල් සහ මලලක්‍රීඩා තරග මෙවර විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලට ඇතුළත් වේ.
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල 14 ක සිසු සිසුවියෝ 5000 ක් මෙම ක්‍රීඩා උළෙලට සහභාගී වෙති. ක්‍රීඩා උළෙල සහභාගීවන සරසවි සිසු සිසුවියන්ට නවාතැන් ගැනීමට ක්‍රීඩා ගම්මානයක් වයඹ විශ්වවිද්‍යාලය විිසින් ඉදිකරනු ලැබ ඇත. සමස්ත තරගාවලියේ විනිශ්චය කටයුතු සඳහා ජාතික මට්ටමේ සුදුසුකම් ලත් විනිසුරුවරුන් 500 ක් ඒ ඒ සංගම් හා සම්මේලන වෙතින් කැඳවා තිබේ.
වන මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ වයඹ විශ්වවිද්‍යාලය විසිනි. ක්‍රීඩා උළෙල මෙවර සංවිධානය කිරීමේ වගකීම හිමිව තිබූ යාපනය විශ්වවිද්‍යාලය එය ප්‍රතික්ෂේප කර තිබිණ.
12 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙලේ සංවිධායක කමිටුවේ සභාපතිත්වය උසුලන වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපති එස්.ජේ.පී ජයසේකර මහතාගේ උපදේශකත්වයෙන් සංවිධායක කමිටුවේ ලේකම් වයඹ විශ්වවිද්‍යාලයේ ශාරිරික අධ්‍යාපන අධ්යක්ෂ රුවන් වෙල්ලස්ස මහතා සහ ශාරිරික අධ්‍යාපන උපදේශක මහත්ම මහත්මීහු මෙම ක්‍රීඩා උළෙල සංවිධානය කරති.
වසරින් වසර පැවැත්වෙන අන්තර් විශ්වවිද්‍යාල ක්‍රීඩා තරගාවලියේදී ශ්රී්රී ලංකාව පුරා විසිරි ඇති විශ්වවිද්‍යාලයන්හි එක් එක් තරග පැවැත්වේ. වසර තුනකට වරක් එළඹෙන විශ්ව විද්‍යාල ක්‍රීඩා උළෙලේ විශේෂත්වය වන්නේ සති දෙකක පමණ කාලයකදී එකම විශ්වවිද්‍යාලයක සියලුම තරග උත්සවශ්‍රීයෙන් පැවැත්වීමයි.
උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිළධාරින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිළධාරීන් විශ්වවිද්‍යාල උපකුලපතිවරු ඇතුළු සම්භාවනීය අමුත්තෝ රැසක් හෙට පැවැත්වෙන සමාරම්භක උත්සවයට සහභාගි වෙති.
2013 වසරේදී පැවැති 11 වැනි විශ්වවිද්‍යාල ක්‍රීඩා උළෙල සංවිධානය කරන ලද්දේ මොරටුව විශ්ව විද්‍යාලය විසිනි. ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය සැප්තැම්බර් 13 පස්වරුවේ දී පැවැත්වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.