Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩුබායිහිදී පැවැත්වෙන ආසියානු ශාන්තිකර කලාපීය ආබාධිතවුවන්ගේ (පැරා) මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්රී ලංකාව රන් පදක්කම් පහක් දිනා ගනිමින් පදක්කම් සටහනේ හයවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටියි. රටවල් 30 ක ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තරග කරන මෙම තරගාවලියේදී ශ්රී ලංකාව රන් පදක්කම් පහක්, රිදී පදක්කම් හතරක් සහ ලෝකඩ පදක්කම් හතරක් ලෙස පදක්කම් 13 ක් දිනාගෙන සිටියි.
අනිල් ප‍්‍රසන්න ජයලත්, අජිත් හෙට්ටිආරච්චි සහ අමරා ඉන්දුමතී පල්ලියගුරුගේ රන් පදක්කම් ලාභී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වන අතර ඔවුන් තිදෙනාම මේ වන විටත් රියෝ පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලබාසිටිති. මීටර 100x4 සහය දිවීම පිරිමි ඉසව්වෙන් ද ශ‍්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිවිය.
තරගාවලියේ පළමු දිනයේම මීටර 200 පිරිමි (ටී 42) ඉසව්වෙන් ආසියානු තරග වාර්තාවක් පිහිටුවමින් රන් පදක්කමක් දිනාගත් අනිල් ප‍්‍රසන්න ජයලත් මේ වන විට රන් පදක්කම් තුනක්ම දිනා සිටියි. ඔහු මීටර 100 පිරිමි (ටී 42) ඉසව්ව තත්පර 12.62 ක කාලයකින් අවසන් කර රන් පදක්කම දිනාගත්තේය. යමමටෝ අෂ්සුසී (තත්පර 12.76) සහ ශ‍්‍රී ලංකාවේ බුද්ධික ඉන්ද්‍රපාල (තත්පර 13.41) පිළිවෙලින් රිදී සහ ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ.
අජිත් හෙට්ටිආරච්චි මීටර 100 පිරිමි (ටී 44) ඉසව්ව තත්පර 12.30 කින් අවසන් කර ජය ලැබීය. මෙහි ඉන්දියාව රිදී පදක්කමද, තායිලන්තය ලෝකඩ පදක්කමද දිනා ගත්තේය. අජිත් රන් පදක්කම් ලාභී සහය දීවීමේ ඉසව්වටද සහභාගිවෙමින් රන් පදක්කම් දෙකක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව ඇත.
අමරා ඉන්දුමතී පල්ලියගුරුගේ මීටර 400 කාන්තා (ටී20/43-47) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගත්තාය. ඇය තරගය ජයගැනීම සදහා විනාඩි 1. තත්පර 03.07 ක කාලයක් වාර්තා කළාය. ජපානයට සහ තායිලන්තයට එහි රිදී සහ ලෝකඩ පදක්කම් හිමිවිය.
ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයෝ මීටර 100X4 සහය දිවීම පිරිමි (ටී42/47) ඉසව්ව තත්පර 45.52 කින් නිම කරමින් රන් පදක්කම හිමිකර ගත්හ. අනිල් ප‍්‍රසන්න ජයලත්, අජිත් හෙට්ටිආරච්චි, බුද්ධික ඉන්ද්‍රපාල සහ කමල් පතිරත්න රන් පදක්කම්ලාභී ශ‍්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට ඇතුළත්වුහ.
රිදී පදක්කම ඉන්දුනීසියාව (තත්පර 46.20) දිනාගත් අතර තායිලන්තයට (තත්පර 47.87) ලෝකඩ පදක්කම හිමිවිය.
පදක්කම් සටහන (පළමු රටවල් 10)
රට | රන් | රිදී | ලෝකඩ |
ඉරානය | 13 | 09 | 07 |
චීනය | 13 | 08 | 03 |
ඉන්දියාව | 09 | 07 | 09 |
ජපානය | 07 | 06 | 11 |
එක්සත් අරාබි එමීර් රාජ්‍යය | 06 | 06 | 04 |
ශ‍්‍රී ලංකාව | 05 | 04 | 04 |
සෞදි ආරාබිය | 04 | 08 | 01 |
ඉරාකය | 04 | 02 | 00 |
මැලේසියාව | 04 | 00 | 00 |
ඉන්දුනීසියාව | 03 | 04 | 02 |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.