Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දියාවේ ‘ගෝවේ’ නගරයේදී නොවැම්බර් 3 වැනිදා ආරම්භ වන දෙවැනි පෘතුගිසි යටත් විජිත (‘ලූයොෆෝනියා’) ක‍්‍රීඩා උළෙල සඳහා ක‍්‍රීඩා ඉසව් පහකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ සහභාගි කරවීමට ශ්‍රී ලංකාව සූදානම් වෙයි.
මලල ක‍්‍රීඩා, ටයිකොන්ඩෝ, වූඩු, වෙරළ වොලිබෝල් හා ජූඩෝ යන ක‍්‍රීඩා ඉසව් වලින් මෙම ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි කෙරේ.
කෙසේ වෙතත් පැසිපන්දු ක‍්‍රීඩාවට ශ්‍රී ලංකා කණ්ඩායමක් සහභාගි කිරීමට කළ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප වී තිබේ.
ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක‍්‍රීඩා අමාත්‍යංශයේදී පැවැති සාකච්ඡුාවකදී දෙවැනි ලූසෆෝනියා ක‍්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සහභාගිත්වය ස්ථිර කෙරුණි.
එම සාකච්ඡවට ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් රංජනි ජයකොඩි මහත්මිය ද මලල ක‍්‍රීඩා ශ්‍රී ලංකා වොලිබෝල් ටයිකොන්ඩෝ සහ ජුඩෝ සංගමයේ ඉහළ පෙලේ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.
ලූසෆෝනියා ක‍්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පුහුණු සංචිත වහාම ආරම්භ කරන ලෙසද ක‍්‍රීඩා ඇමතිවරයා ජාතික ක‍්‍රීඩා සංගම් නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
මෙම ක‍්‍රීඩා උළෙල සඳහා මලල ක‍්‍රීඩාවට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 70 දෙනෙකු සහභාගි කරවීමට ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා සංගමය ඉල්ලා සිටියත් මලල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 30 පමණක් සහභාගි කිරීමට ඇමැති අනුමැතිය හිමිව තිබේ.
පෘතුගාලයේ යටත් විජිත බවට පත්ව සිටි රාජ්‍යයන් 17ක් එක් කරගනිමින් සිව් වසරකට වරක් පැවැත්වෙන මෙම ක‍්‍රීඩා උළෙලේ පළමුවැන්න වසර 2009දී ‘ලියවන්’ නුවරදී පැවැත්වුණි.
එහිදී ශ්‍රී ලංකාව මලල ක‍්‍රීඩාවෙන් පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් විය. මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වන රටවල් අතර පෘතුගිසි භාෂාව කතා කරන ලොව විශාලතම රාජ්‍යය වන බ‍්‍රසීලය ද සිටී.
පළමු ක‍්‍රීඩා උළෙලේ ජයග‍්‍රහණය හිමි වූයේද බ‍්‍රසීලයට ය. මෙවර ක‍්‍රීඩා උළෙල වෙනුවෙන් සූදානම් කෙරෙන පූර්ව පුහුණු සංචිත සඳහා පහසුකම් සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශය එකඟ වී තිබේ. මේ අතර මෙම ක‍්‍රීඩා උළෙලට සහභාගි වන රටවල ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හා නිලධාරීන් සඳහා තරග සංවිධායකයන් විසින් නිල අවසරපත් නිකුත් කිරීම ලබන සඳුදා (19) අවසන් වීමට නියමිතව තිබූ බවද වාර්තා වේ.
ශ්‍රී ලංකාවට මෙවර ක‍්‍රීඩා උළෙලේදී පදක්කම් පිළිබඳව බලාපොරොත්තු තබා ගත හැකි ක‍්‍රීඩා ඉසව් කීපයක් සඳහා පමණක් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි කිරීමට ක‍්‍රීඩා ඇමතිවරයා උපදෙස් දුන් බවද වැඩිදුරටත් දැනගන්නට ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.